IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


අධිකරණ ශාලාවේ ජායාරූප සමාජ මාධ්‍යයේ පළකිරීම තහනම් කරයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සිදු කෙරෙන 501 ⁣දරණ ශ්‍රේෂ්ඨාධිකරණ  අධිකරණ ශාලාවේ කිසිදු පින්තූරයක් ෆේස්බුක් සමාජ මාධ්‍යවල පළ නොකරන්නැයි , අගවිනිසුරු වරයා අද (20) විවෘත අධිකරණයට පැමිණි පිරිස හමුවේ අවවාද කරමින් කියා සිටියේය.

මෙම අධිකරණ ශාලාව උපරිමාධිකරණයේ පිලිගැනීමේ උත්සව ශාලාව වුවද , මේවන විට එහි මෙම පෙත්සම් විභාගයට ගැනෙන හෙයින් එම අධිකරණයේ ගරුත්වය ආරක්ෂාවන පරිදි සියලු දෙනාම කටයුතු කළ යුතු බවද අගවිනිසුරුයා කීය.

එබැවින් දුරකථනය භාවිතයෙන් එම අධිකරණ ශාලාව ජායාරූප ගත කොට ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීමෙන් වහාම වළකින්නැයි ද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේය..

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීම සිදු කෙරේ.



අදහස් (4)

අධිකරණ ශාලාවේ ජායාරූප සමාජ මාධ්‍යයේ පළකිරීම තහනම් කරයි

කෝකිලා සමරතුංග Wednesday, 20 May 2020 09:40 AM

මේකද ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස?

:       0       1

කොස්තා විදානපතිරණ Wednesday, 20 May 2020 09:50 AM

අසාධාරණයි, ජනතාව නේද ප්‍රමුඛ?

:       0       2

කුමාර Wednesday, 20 May 2020 11:30 AM

සාමානයෙන් ඉතාම හොදින්, සාධාරණව නීතිය ක්‍රියාත්මක වෙන රටවල නඩු අහන විදිය සජීවී විකාශයන් විදියට පවා පෙන්වනවා. මිනිසුන් නඩු තීන්දු ගැන, නඩුකාරයන් ගැන විවේචන පවා පල කරනවා. එහෙම කරා කියලා ඒ අයව හිරේ දාන්නේ නම් නැහැ. හැබැයි සමහර දුෂිත රටවල නම් නඩුකාරයින් එයාලටම දේවත්වයක් ආරුඩ කරගෙන හොරරහසේ මෙව්වා කරන්නේ. සාධාරණ විවේචනයක්වත් ඉදිරිපත් කරන්න නොදී ඉන්නේ හොර එළිවෙයි කියලා හිතලා වෙන්න ඇති.

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 20 May 2020 01:27 PM

ප්‍රජාතන්ත්‍රවාදී රටක විනිසුරුවරයෙකු නිදහස් නිවහල් ස්වාධීන ස්වෛරී කෙනෙක්. ඔහු සිය රටේ, සමාජයේ බලවත් ප්‍රතාපවත් රජෙක්. දියුණු රටවල තත්ත්වය මෙසේ වුවත් ඇතැම් තුන්වන ලෝකයේ රටවල කපටි දේශපාලුවන් මේ තත්වය නැතිකර දැමීමට නිතර වෙර වඩනු දැමීමට පුළුවන්. මේවා නොදත් සමහර ජනයා ගැඹුරු නීතිය ගැන තමන්ට සිතෙනා ආකාරයට අර්ථ දක්වනවා. සෑම දෙනාට සමාන හා සාධාරණ වියයුතු නීතිය තමන්ට පමණක් සාධාරණ විය යුතු බව සිතනවා. දියුණුම රටවල අය එසේ නොවෙයි. බොහෝ විට ඔවුන් නීති ගරුකයි. ඒ වගේම නීතිය දන්නවා. රටක ජනතාවක් නීතිය ගැන දැනුමක් සහිතව නීති ගරුකව සිටිනාවිට ඒ රටේ නීතිය රජ වෙනවා. නීතියේ පවතින අඩුපාඩු හදාගන්නත් බහුතර රටවැසියාට නීති දැනීමක් ඕනෑ. සමහර සමාජ මාධ්‍යවල තිබෙන්නේ පහත් අසංවර වචන භාවිතයක්.... අධිකරණයක දෙයක් කියා කිසි ගරුත්වයක් වගකීමක් නැහැ. නීතිය, හැදියාව, සංවරකම නැති මිනිසුන්ගෙන් රටකට, ජාතියකට වෙන්නේ අවැඩක්...

:       0       45

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 151 0

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 85 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 111 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 449 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 160 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 494 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 744 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site