( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වන දරුවන් ජනප්‍රිය සහ ජාතික පාසල්වලට ඇතුලත් කර ගැනීම සදහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජනවාරි මස 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය අද (10)නොතීසි නිකුත් කළේය.
එම පෙත්සම විභාගයට ගැනීමට තීරණය කරමින් අභියාචනාධිකරණය මෙලෙස නොතීසි නිකුත් කෙරිණි..
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවිණි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා කල මූලික කරුණු දැක්වීම සලකා බලමින් අධිකරණය මෙම පෙත්සම විභාග කිරීමට තීරණය කලේය.
2020 වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබාගෙන සමත් වූ සිසු සිසුවියන් දස දෙනෙකුගේ දෙමව්පියන් විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, ජාතික පාසල් අධ්‍යක්ෂක, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් සදහන් කර ඇත්තේ ජනප්‍රිය පාසල් වලට සිසුන් ඇතුලත් කර ගැනීම සදහා කඩ ඉම් ලකුණු අසාමාන්‍ය ලෙස ඉහල දැමීම නිසා ඉහළම ලකුණු ලබා ශිෂ්‍යත්ව විභාගෙන් සමත් වී තිබුණද තම දරුවන්ට ජනප්‍රිය පාසලකට ඇතුලත් වීමට නොහැකි වී ඇති බව ය.
එබැවින් ඉහළම ලකුණු ලබා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ සිය දරුවන්ට විශාල අසාධාරණයක් සිදු වන බවට ඔවුහු සිය පෙත්සමෙන් කියා සිටිති.
එබැවින් ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ට ජනප්‍රිය පාසල් ලබා දීමේ විධිමත්ව පිළිවෙලක් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග නිකුත් කරන්නැයි පෙත්සම මගින් ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා පෙනී සිටියේය.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ඇතුළු පිරිසකට නොතීසී
MO77 Friday, 10 December 2021 08:40 PM
ලකුණු ඉහළ ගිහිල්ලා තියෙන්නේ දේශපාලනයේ හා අනිත් හොර පාරවල්වලින්... ළමයි ජාතික පාසල්වලට ඇතුළත් කරනවා ශිෂ්‍යත්වයෙන් ගන්න ප්‍රමාණය ඉතාමත් අඩු වෙලා තියෙන්නේ... තවදුරටත් කියනවා නම්, ජාතික පාසල් වල 1 වසරට ඉහළ තමයි ප්‍රමාණයක් දැන් ඇතුළත් කරගන්නවා. ඒක නිසා ශිෂ්‍යත්වයෙන් ඇතුළු කර ගන්නා ළමයි ප්‍රමාණය අඩුවෙලා තියෙන්නේ. යන්න හිතෙන රටක්..., රටකට ගිය කලක්.
චන්දන Saturday, 11 December 2021 08:19 AM
මා දන්නා තරමින් 5 ශිිිිිිිිිෂ්‍යත්ව විභාගය දරුවන්ට ශිෂ්‍යාධාර ගෙවන්නට තෝරා ගන්න විභාගය ක්. අනෙක කඩයිම් ලකුණු දෙන්නෙ පාසල් වල ඇති පුරප්පාඩු ගණන් බලලා මිස ලකුණු කලින් තීරණය වෙන්නේ නැහැ .