IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


අධ්‍යාපන ඇමති ගුරුවරුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි

(ඩයනා උදයංගනී)

සියලුම රාජ්‍ය නිලධාරීන් සාමාන්‍ය පරිදි කාර්යාලවලට පැමිණ රාජකාරී කළ යුතු බවට රජය දැනුම් දී ඇති බැවින් පාසල්වලට පැමිණ පාසැල් විවෘත කිරීමට අවශ්‍ය පෙර සූදානම් කටයුතුවලට යෙදෙන්නැයි සියලු ගුරු භවතුන්ගෙන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් තමන් ඉතා ඕනෑකමින් සහ ආයාචනාත්මකව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා  පැවසීය.

ගුරුවරුන්ට කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව අගෝස්තු මස අවසානයට පෙර ලබාදී ඉන්පසු රටේ පාසැල් විවෘත කිරීමේ හැකියාවක් ඇතැයි කී ඇමතිවරයා  දිගින් දිගටම පාසල් වසාතැබීමේ හැකියාවක් නැතැයි ද සඳහන් කළේය.


ඒ නිසා ඊට පෙර සැලැස්මක් ලෙස පාසැල්වලට පැමිණ වැඩකටයුතු කරගෙන යෑමට සහයෝගය දෙන්නැයි විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ඇමතිවරයා කීවේය.


ඇමති ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (2) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව හැකිතාක් ඉක්මණින් පාසැල් විවෘත කිරීම රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අනිවාර්යයෙන් කළ යුතු දෙයක් බව කී ඇමතිවරයා එහි ප්‍රථම පියවර ලෙස ගුරුවරුන්ට හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට එන්නත් ලබාදීම කරගෙන යන බව ද පැවසීය.

මේ වන විට ඔවුන්ගෙන් සියයට 83 කට පළමු මාත්‍රාව ලබාදී ඇතැයි කී ඇමතිවරයා ඒ අනුව බස්නාහිර පළාතේ සියයට 98 කට, ඌව පළාතේ සියයට 95කට, මධ්‍යම සහ වයඹ පළාත්වල සියයට 84කට, උතුරු මැද හා දකුණු පළාත්වල සියයට 83කට, උතුරු පළාතේ සියයට 82කට, නැගෙනහිර පළාතේ සියයට 74කට සහ සබරගමු පළාතේ සියයට 52කට එන්නකේ පළමු මාත්‍රාව ලබාදී ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.

ඔවුන්ට ලබන අගෝස්තු මස අවසන් වනවිට දෙවන මාත්‍රාව ලබා දී අනතුරුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත්ව පාසැල් විවෘත කිරීමේ හැකියාව තිබෙන බවද හෙතෙම කීවේය.

මෙරට සිසුන් 50 ට අඩු පාසැල් 1439 ක්, සිසුන් 51 ත් 100 ත් අතර සිටින පාසැල් 1523 ක් තිබෙන බව කී ඇමතිවරයා මෙරට ඇති පාසැල් 10,165ක් පමණ අතුරින් පාසල් 2,962ක්ම සිසුන් 100 ට අඩු පාසල් බව කීවේය.

ප්‍රථම පියවර ලෙස සිසුන් අඩු එම පාසැල් විවෘත කර ඉන්පසු ක්‍රමානුකූල සැලැස්මක් මත සෙසු පාසැල් පියවරෙන් පියවර විවෘත කිරීම රජයේ අභිලාශය බව ඇමතිවරයා පැවසීය.

 

 



අදහස් (12)

අධ්‍යාපන ඇමති ගුරුවරුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි

Bamunuarachchi Monday, 02 August 2021 05:16 PM

රාජකාරියට නාවොත් සේවය අත්හැර ගියා සේ සලකන්න. 1985 ජූලි වර්ජකයින්ට දුන් බැස්ටිය දෙන්න. දොඹකරයක් ගෙනැල්ලා ස්ටාලින් එල්ලන්න...

:       1539       71

මුණසිංහ Monday, 02 August 2021 05:58 PM

මේ ඇමතිවරයා ඉවත් කර වෙනත් බුද්ධිමත් කෙනෙකු පත් නොකළොත් මෙයාල කොතලාවල ප්‍රශ්නය ට පාසල් ළමයිනුත් එලියට ගන්නවා ෂුවර්.

:       0       0

chathuriMonday, 02 August 2021 07:26 PM

ස්ටාලින්ව එල්ලන්න කලින් ඔහේ වගේ බත්බැලයින්ව රටේ මිනිසුන් එකතුවෙලා එල්ලනවා.

:       1       236

දොලේවත්තMonday, 02 August 2021 08:21 PM

බමුණාගේ බමුණු මත...

:       1       36

මුණසිංහ Monday, 02 August 2021 05:54 PM

ජනාධිපතිතුමනි, කරුණාකරලා අධ්‍යාපනයයට ඒ ගැන දන්නා පාසල් ප්‍රධානීන් සමග වැඩ කල හැකි ප්‍රායෝගික ඇමතිවරයකු සහ ලේකම් වරයකු පත් කරන්න . මේ යන විදියට ආණ්ඩුව වැටෙන්නේ අධ්‍යාපන ඇමතිවරයා නිසා.

:       0       0

කිරි පුතා Monday, 02 August 2021 06:15 PM

කොරෝනා නොතකා කල්ලි ගැහි ගැහී පෙළපාලි ගියා නම් ආරක්ෂිතව පාසල් එන්න බැරි කමක් නෑනේ... එහෙම එන්න බැරිනම් පඩි රහිත නිවාඩු. මෙයාලාගේ සෙල්ලම් එක්ක රටක් කරන්න බෑ... මෙහෙම නොකර.

:       233       306

PereraTuesday, 03 August 2021 08:32 AM

සේවයට වාර්තා නොකරන්නේ කොරෝනා නිසා නොවන බව දන්නේ නැද්ද?

:       0       0

පප්පTuesday, 03 August 2021 08:33 AM

පේන්නැද්ද දියවන්නාවේ ඉන්න හොරු රැල... ඒ අයට ඕනෑ පඩි, මාලිගා වගේ සැප වාහන ඔවුන්ට ඕනෑ විදියට පාස් කරගන්නවා. දැක්කේ නැද්ද අර නාමල් දරුවා කට්ටියක් අරගෙන මේ ඩොලර් නැති අස්සේ ඔලිම්පික් යනවා. අතලොස්සක් ඇරුණාම ගුරුවරු කියන්නේ දරුවන්ගේ ඇස්පාදන අය. මේ මිනිස්සු ඉල්ලන්නේ අවුරුදු ගණනකට පෙර දෙන්න පොරොන්දු වූ පඩිය නේද? මෙය ඔවුන්ට දිය යුතුයි නේද? කිරි පුතේ පොඩ්ඩක් හිතන්න.

:       0       0

Kamal Koyrala Monday, 02 August 2021 06:30 PM

ආයාචනා කරන්න දෙයක් නෑ. ගුරුවරු කෙතරම් කාලයක් ආයාචනා කළාද? ඒවා ඉටුකර දෙන්න අනාගත පරපුර 69 ලක්ෂයේ ගොඩට දාන්න කුමන්ත්‍රණයෙන් අයින් වෙලා ප්‍රාඩෝ, පාර්ලිමේන්තු කැන්ටිම, ජිම්, නිල් මැණික් සල්ලි, තෙල් නැවේ වන්දි යනාදී සියල්ල යොදවන්න.

:       2       93

ana Monday, 02 August 2021 09:35 PM

දැනට අවුරුදු 24කට පෙර ඔබ ඉදිරිපත් කළ රාජ්‍ය සේවා වැටුප් ක්‍රමය නිසා මෙම අර්බුදය ඇති වී තිබේ. එම යුගයේ ඔබ සහ චන්ද්‍රිකාගේ වැටුප් ක්‍රමය මෙම අර්බුදයේ ආරම්භයයි.

:       0       0

Jude perera Monday, 02 August 2021 09:46 PM

ගුරු ප්‍රශ්නය විසඳලා හිටියානම් හොඳයි නේද

:       0       0

Lalith M Tuesday, 03 August 2021 06:55 AM

අනේ පව්... යල් පැනපු මහැදුරා. කාලකණ්ණින්ට ආයාචනා කරනවා. මොන විකාරයක්ද? මෙයාලාට තිබෙන ශක්තිය, ධෛර්යය තවම හරියට දැක්කේ නෑ. ඔය 225 නැතුව රටට කිසි හානියක් නෑ. ඒත් කාලකන්නි නැතුව පුළුවන්ද රට පවතින්න. බලමු හොඳේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 70 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 188 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 756 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 777 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1037 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 239 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site