( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මත්තල දෙසට ගමන් කරමින් තිබු සෝලා පැනල් පටවාගත් ට්‍රක් රථයක් කිලෝමීටර් 126දශම 8 අපරැක්ක ප්‍රදේශයේ නවතා තිබියදී එම දිශාවටම ධාවනය වෙමින් තිබූ බවුසරයක් ට්‍රක් රථයේ පිටුපස ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
අනතුරින් මියගොස් ඇත්තේ ට්‍රක් රථයේ සහායකයා වු කඩවත පදිංචි 72 පුද්ගලයා සහ බවුසරයේ රියැදුරා වන 61 හැවිරිදි ගෝනවල පදිංචිකරුවෙකි
සෝලා පැනල් පටවාගත් ට්‍රක් රථය පාලටුව සහ කජු දුව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන අතර නවතා එහි රිය සහායකයා සෝලා පැනල් ගැටගසා තිබූ රැහැන් ගැල වී ඇද්ද යන්න පරික්ෂා කරමින් සිටියදී පිටුපසින් පැමිණි බවුසරය ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
මියගිය පුද්ගලයන්ගේ මළසිරුරු මාතර මහ රෝහලේ තැන්පත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .
බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අධිවේගී අනතුරින් දෙකක් මරුට
jayath Wednesday, 22 December 2021 10:25 AM
මම හැමදාම කියන කතාවක් තමයි මේ අදිවේගේ වාහන එලවන්නේ මිනිස්සු නෙමේ මී හරක්. සාමාන්‍යයෙන් මීට කලින් මාර්ග අනතුරු වාර්තා උනේ සාමාන්‍ය පාරවල. දැන් මේ අදිවේගේත් අනතුරක් නැති දවසක් නැති තරම්
Karunajeewa Wednesday, 22 December 2021 10:58 AM
පවුලක් නඩත්තු කරන 71 හැවිරිදි පියෙක්.. දරිද්‍රතාවය හේතුවෙන් තවම රැකියාව කරන, විශ්‍රාම ගතයුතු වියේ පසුවන වියපත් පුරවැසියෙක්..
chamilaWednesday, 22 December 2021 12:27 PM
72 හැවිරිදි රියදුරු සහායකයෙක් කියනකොට මට මතක් උනේ හොරා කාල රත්තරන් පාටින් වැජබෙන අපේ රටේ පාලක 70-80 හැවිරිදි මහල්ලෝ. හොරුන්ට මාරුවෙන් මාරුවට චන්දෙ දීල අපේ රටේ පියවරුන්ව අපි පත් කරගත්ත තැනක්
රන්ජිත්Wednesday, 22 December 2021 02:45 PM
ඇත්තෙන්ම චමිල, උන් හොරා කනවා විතරක් නෙමෙයි මතු උපදින උන්ටත් එක්ක හොරා කනවා... දේශයම විනාශ කරනවා... පවුල් පිටින් එකතුව හොරා කනවා
Raveendra Wednesday, 22 December 2021 12:33 PM
පළමු නිදහසට කරුණ මට නින්ද ගියා... දෙවෙනි කාරණය නම් මට..........