(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පල්ලම සේරුකැලේ ප්‍රදේශයේදී වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ගමන් කරමින් තිබූ ජීප් රථය අද (20) උදෑසන පෙරළී යාමෙන් ඇමතිවරයා ඇතුළු 04 දෙනෙකු සුළු තුවාල ලබා ඇතිබව පල්ලම පොලිසිය පවසයි.
රාජ්‍ය ඇමතිවරයා මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමග පිළිසදරක් වැඩසටහන පැවැත්වෙන කරුවලගස්වැව නෙළුම්ගම බලා ගමන් කරමින් සිටියදී බව පොලීසිය පවසයි.
රාජ්‍ය ඇමතිවරයා අද (20) උදෑසන මෙසේ අනතුරට ලක්වී ඇත්තේ ආණමඩුව හලාවත මාර්ගයේ සේරුකැලේ වංගුව ආසන්නයේදී බව කියයි.
අනතුරින් අමාත්‍යවරයා ගමන් ගත් වාහනය වංගුවේ දී මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් පසු ජීප් රථයට බරපතල හානි සිදුව ඇති අතර ඇමතිවරයා ඇතුලු ඇමති ආරක්ෂක හා රියදුරුගේ ජීවිත බේරී ඇත.
අනතුරින් පසුව සුළු තුවාල ලබා සිටි රාජ්‍ය ඇමති වරයා වෙනත් වාහනයකින් ජනාධිපතිවරයාගේ ගම සමග පිළිසදරක් වැඩසටහනට ගොස් ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ සෙසු පිරිස හලාවත රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තාවෙයි .
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු අවිවාහක වෛද්‍යවරියක සේවය නිමාකොට නිල නිවස වෙත යමින් සිටියදී ආයුදයක් ඇතැතිව පැමිණි කාමාතුරයකු ඇය ලිංගික හිංසනයක
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සියලුම වෛද්‍යවරු,වෛද්‍යවරියන්, හෙද හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලවල ආරක්ෂාව නිසි ලෙස තහවුරු කරන තුරු අඛණඩ වෘත්තිය ක්‍රියා මාර
උඩරට දුම්රිය මාර්ගයේ පල්ලේගමදී පසුගිය 9 වැනිදා පස්වරුවේ සිදුවූ පීලි පැනීමත් හේතුවෙන් කොළඹ සහ බදුල්ලේ සිට ධාවනය කළ වෙනත් දුම්රිය දෙක මගීන් දහසකට ආසන්න
ගෝල්ඩන් කී පුද්ගලික සමාගම නොගෙවා පැහැර හරින ලදැයි කියන රුපියල් කෝටි පහකට අධික බදු මුදල් සමාගමේ අධ්‍යක්ෂවරුන්ගෙන් අය කරනවා කරනවා ද නැද්ද යන්න පිළිබඳ න
නව අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දුන්‍හ.
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අනතුරකින් අරුන්දිකට සුළුතුවාල
sachith Saturday, 20 February 2021 06:44 AM
කොරෝනා අස්සේ අලුතින් වාහනයක් ගන්නත් අපේ සල්ලිවලින් පරිපූරක ඇස්තමේන්තුවක් දායි හෙට අනිද්දා...
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 20 February 2021 06:52 AM
අර හොර ආණ්ඩුව පිහිටවපු කාලේ බයිබලය පොළොවේ ගැසුවේ කවුද දන්නේ නැහැ...
Rata Perata Saturday, 20 February 2021 09:00 AM
කෙනෙක්ගේ පිළිසඳරට අපේ සල්ලි විනාශ කරගෙන 500ක් යනවා. මේ රට කවදා මේ ජරා ක්‍රමයෙන් මිදෙයිද? අපේ සල්ලිවලින් දුන්නු වාහන විනාශ කළ එක ගැන පරීක්ෂණයක් කළ යුතුයි.
Raveendra Saturday, 20 February 2021 09:25 AM
පැයට කිලෝ මීටර 10, ඒ වගේ වේගයෙන් ගිහින් මේ උන්දෑව වංගුවේදීම පෙරළුණේ කොහොමද? කව්රුහරි කඩාකප්පල්කාරයන් ටිකක් හෙමින්ම පාරේ යන නිසා මේ පතෝල මැස්ස අල්ලලා පෙරලන්න ඇති... පව්!!! අහිංසකයාගේ දුප්පත් වාහනේ.. මුන්දෑට අපි කියන්නේ අලුත් වාහනයක් ඕනේ කියලා අඬනවා එහෙම නොවේ හරිද? ඔය දැන් පෙරළුණු වාහනේ ගන්නත් අපිනේ... මේ හිඟන්නට සල්ලි දුන්නේ... පිනට ලැබුණු දේවත් වගකීමෙන් පාවිච්චි කරන්න බැරි හරක් ජාතියක්...
විපරමා Saturday, 20 February 2021 10:32 AM
හෙට, අනිද්දා වෙනකොට අලුතින් වාහනයක් ගන්න බැරිවෙන එකක් නැහැ. දේශපාලකයින්ට අපිට වගේද, හතර මහා නිධානේ පහළ වෙනවා කියන්නේ නිකම්ද?
Nihal Nawaratne Saturday, 20 February 2021 10:35 AM
සොබාදහම රැකගන්න යන්න ඇත්තේ සොබාදහම ආශීර්වාද කරලා වගේ...
Wije Saturday, 20 February 2021 10:37 AM
අපරාදේ වාහනේ...
Nihal Nawaratne Saturday, 20 February 2021 10:38 AM
සොබාදහම රැකගන්නනේ යන්න ඇත්තේ... සොබාදහම ආශීර්වාද කරලා.
WCA Saturday, 20 February 2021 01:21 PM
සාමාන්‍යයෙන් පොඩි මිනිහෙක් අනතුරක් වුණා නම් වරද කෙසේවෙතත් රියදුරු කූඩුවට දාන නීතිය මෙයාගේ රියදුරුටත් එහෙමද කියලා කියන්න හොඳේ..
Don perera Saturday, 20 February 2021 01:59 PM
අපි තවත් එකක් අරන් දෙමු... පව්නේ..
chandima Saturday, 20 February 2021 02:36 PM
දැන් ආයෙත් මහජන මුදලින් අලුත් වාහනයක් අරන් දෙන්න වෙනවා.
Perera Saturday, 20 February 2021 06:20 PM
මෙයාලාට ජීප් රථ වෙනුවට හෙළිකොප්ටර් දුන්නානම් හරි හිතේ හැටියට ඉගිල්ලෙන්න. පාරේ යන මහජනතාවගේ ජීවිතවලටත් අවදානමක් නොකර...
Kamal Sunday, 21 February 2021 02:42 AM
ඡන්දෙ ඉල්ලන කාලේ හමුවෙන්න යන හැම පුද්ගලයෙකුටම මෙයා රුපියල් 2000 ගානේ දුන්නා. දැන් ඒවා වැල් පොලියත් එක්ක ගන්නවා කියලා මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ.
මවුබිමේ අනාතයා Sunday, 21 February 2021 03:01 AM
පේනවානේ වේගය... වෙන වාහනයක් ආවා නම් ...!!!
fairoos Sunday, 21 February 2021 07:33 AM
99න් බේරුණා... මේවා හොඳ පාඩම්...!!!