ඩෙල්ෆ්ට් දූපතට ආසන්න මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයෙකුගේ මළ සිරුරක් අද (13) නාවික හමුදාව සොයාගෙන තිබේ.
මෙම පුද්ගලයා ඉන්දියාවේ, රාමනාදපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කරුප්පයියා මුන්නසාමි නැමැති 55 වියැති පුද්ගලයෙකු බවට තහවුරු කරගෙන ඇතැයි නාවික හමුදාව පවසයි.
මේ වන විට මියගිය ධීවරයාගේ මෘතදේහය ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති බවද නාවික හමුදාව සඳහන් කරයි.
මෙම සෝදිසි මෙහෙයුම අතරතුර තවත් ඉන්දීය ජාතික ධීවරයින් අට දෙනෙකුගේ දිවි බේරා ගැනීමට නාවික හමුදාව සමත්වී ඇති අතර, මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ඔවුන් කන්කසන්තුරෙයි, පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරුණි.
ඊයේ ( 12) රාත්‍රියේදී ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ඉන්දියානු ධීවර යාත්‍රා 500 කට අධික ප්‍රමාණයක් ඩෙල්ෆ්ට් දූපතට ආසන්න ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම පිළිබඳ තොරතුරු අනාවරණය වීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගැනීමට යද්දී ඉන්දීය දීවර යාත්‍රා දෙකක් එකිනෙකට ගැයමීමෙන් අනතුරක් සිදු විය.
ඉන් පුද්ගලයින් 8 දෙනකු බේරාගැනීමට නාවික හමුදාවට හැකි වු අතර දිගින් දිගටම අනෙක් පුද්ගලයින් සොයා මෙහෙයුම් අරඹා තිබිණි. එහිදී මෙම මිය ගිය ධිවරයාගේ සිරුර හමු වී තිබේ. එම සිරුර යාපනය පොලීසිය වෙත බාර දීමට නියමිතය .
දේශසීමාව උල්ලංඝණය කරමින් ශ්‍රී ලාංකීය මුහුදු සීමාව තුළ අනවසරයෙන් මසුන් ඇල්ලීම සඳහා පැමිණි ඉන්දියානු ධීවර යාත්‍රා මඟින් ප්‍රදේශයේ දේශීය ධීවරයන්ගේ දැල් හා අනෙකුත් ධීවර ආම්පන්න රැසකට ද අලාභහානි සිදු වී ඇතැයිද නාවික හමුදාව පවසයි.
(36698)
ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්ර
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
අනතුරට පත් යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ