(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙටිටිආරචිචි)
මහ ජනතාවට පීඩා වන අයුරින් අධික ශබ්දයක් පිට කරමින් අන්තරාදායක ලෙසත් මාර්ගයේ ධාවනය කරන අනිකුත් වාහනවලට බාධා වන ලෙසත් යතුරු පැදි ධාවනය කළ දෙදෙනෙකු අද (07) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් හපුගහකුඹුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ මොවුන් දෙදෙනා මෙලෙස යතුරු පැදි ධාවනය කර ඇති අතර ඕළුගන්තොට ප්‍රදේශයේ දි බලන්ගොඩ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින් මොවුන් අත්අඩංගුවට ගන්නා ලදී. මහ ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඇතැම් අවස්ථාවලදී මොවුන් පිටුපස රෝදයෙන් පමණක් යතුරු පැදි අපරීක්ෂාරී ලෙස ධාවන කර ඇතැයි පොලිසිය කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මොවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය කටයුතු කෙරෙන බවද පොලිසිය කියයි.
බලන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා බ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ඇගේ නේවාසිකාගාරය තුළදීම බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අ
ශ්රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා එම මන්ත්‍රී ධූරයෙන් අද ඉල්ලා අස්විය.
ආහාර ආශ්‍රිත ව රෝගාබාධ වලට ගොදුරුවන ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ඉරිදා (16) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
මන්නාරම සුළං බලාගාරයේ ඉඩම් සම්බන්ධයෙන් නඩුවක් පවතින හෙයින් එහි කටයුතු අදානි සමාගමට මෙන්ම ලංකා රජයටද දැන්ම ආරම්භ කළ නොහැකි බව විදුලි බල හා බලශක්තිය අ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අන්තරාදායක පැදවීමට යතුරුපැදිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
Dhammika Tuesday, 07 July 2020 09:03 AM
මේ දේ බොහෝ නගරවල දැන් සිදුකරනවා. කිරිකජු කොලු පැටව් අධිබල යතුරුපැදි අරගෙන සෙල්ලම් පෙන්නනවා. තමනුත් මැරිලා අනික අහිංසකයින්වත් මරාගන්න හදන්නේ. මේ අයව වහාම පුනරුත්ථාපනය කළ යුතුයි. නැතිනම් සාමාන්‍ය ජනතාවට පාරේ යන්න බැහැ.
Bamunuarachchi Wednesday, 08 July 2020 06:41 AM
පිස්සු කරලා අපේ වාහනයක හපුණා නම් අපි පොලිසි ගානේ, ඉන්ෂුවරන්ස් ගානේ..., රස්තියාදු වෙන්න ඕනේ.. අපේ වාහන හදා ගන්න. නැතුව ඒ අයට මොකක් වුනත් අපිට කමක් නැත. අනික මොවුන් එකෙක් හැප්පිලා මොකක් හරි වුණොත් අපි උත්තර දෙන්න ඕනේ අනතුරක් වළක්වා නොගත්තාට.. මේ අයගේ විසේට අපි උත්තර බැඳපල්ලකෝ.