IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


අන්තරේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)
 
අවසර ලබා නොගෙන  ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි පොලිසිය විසින් අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
 
විජේරාම  පාරේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට අද පස්වරුවේ      විරෝධතාවක්  පවත්වා ඇති අතර එහි දී   අවසර නොමැතිව   ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කිරීම හේතුවෙන් කුරුදුවත්ත පොලිසිය විසින්   ජිනරත්න හිමියන්  අත්අඩංගුවට ගෙන ගෙන තිබිණි.



අදහස් (17)

අන්තරේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට

මැක්ස් Tuesday, 12 January 2021 11:59 AM

අන්තරකාරයින්ටත් හොඳයි... රන්ජන් රාමනායකගේ දඬුවම දුන්නා නම්...

:       19       25

Aruna Tuesday, 12 January 2021 12:26 PM

මේ හාමුදුරු නමක්ද?

:       11       36

mp Tuesday, 12 January 2021 12:48 PM

මොනවට සිවුරක් දරාගත්තද?

:       12       32

කමල්Tuesday, 12 January 2021 09:26 PM

ගිහියන්ට වඩා සැප විඳලා V8 එකකින් ඉක්මණට නිවන් අධිවේගී මාර්ගයට පිවිසෙන්න.

:       1       1

SLWednesday, 13 January 2021 03:13 AM

ජවිපෙට ආගමක් නැහැ.... ජවිපෙ විශ්ව විද්‍යාලයට යන භික්ෂු පරම්පරාව විනාශ කරනවා. අනුරට, ජවිපෙ අය රැකියා කරලා හම්බ කරන්නේ නැහැනේ. සල්ලි එන්නේ මේ වගේ වැඩ කළාම...

:       1       6

පිටිගල මිලානෝ Tuesday, 12 January 2021 03:15 PM

කඩාකප්පල් කාරයින්... ඇතුළේම තියන්න ඇපවත් දෙන්න ඉඩ නොදී...

:       11       15

දිලාන් Tuesday, 12 January 2021 05:52 PM

රටේ ජනතාවගේ බදු මුදල් වලින් පිනට ඉගෙනගෙන කැම්පස් ඇවිත්, ගමේ අහිංසක දායක මහත්වරුන්ගේ සල්ලි කකා විකාර කරනවා. ඉගෙන ගත්තු දේකින් රටට වැඩක් කරන්න හිතක් නැහැ. මොනවා හරි වැරැද්දක් අල්ලන් පාරවල්වල දඟලනවා. අර කිසිම දෙයක හොඳක් නොදකින, හැමදේකම වැරදීම දකින රතු නායකතුමා වගේමයි ගෝලයෝ රොත්ත..

:       1       2

Sam Tuesday, 12 January 2021 07:53 PM

මේ අයව දකින්නත් අප්පිරියයි...

:       1       2

Raveendra Wednesday, 13 January 2021 12:41 AM

රතුහැට්ටකාරයින්ගේ පළමු පසුපෙළ හොඳම ගොට්ටන් වන "අන්තරේ මෝඩයින්" කලුකුමාරයා ප්‍රමුකව ඕනෑ එපාකම්වලට ඍජුවම ක්‍රියාකරන රැලක් බව පළමුව සඳහන් කරන්නෙමු. අන්තරේ හැසිරෙන ආකාරයට සාමාන්‍ය ජනතාව ඉතාමත් පිළිකුල් ලෙස කලුකුමාර ප්‍රමුඛ රැලට සාපකරනා බව නොදැනීම අවාසනාවකි. විජේවීර උන්නැහේගේ මිලකළ නොහැකි වටිනා ඒ අදහස් සියල්ල අමතක කර තම ජීවිකාව සැපවත් ලෙස ගත කරන මෙම රතුහැට්ටකාරයන් පිළිබඳව එහි සාමාජිකයන් සත්‍ය නොදැන සිටීම ඉතාමත්ම අවාසනාවකි. මෙම තත්වය අප රටේ තිබෙන සෑම දේශපාලන පක්ෂයකටම අදාල බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු.

:       0       5

lal Wednesday, 13 January 2021 04:01 AM

මීට කළින් හිටියා ගිරිය කඩාගෙන කෑගහපු කෙනෙක්. අන්තිමට අනික් ළමයින්ගේ අධ්‍යාපනයත් නැතිවුණා. මෙයාලා සිවුරු දරන්නේ ගැලවෙන්න. රටේ නීතියක් දන්නේ නැති අයට තමයි දඬුවම් දෙන්න ඕනේ. බුද්ධ දර්ශනයේ මෙහෙම දේවල් තියෙනවද දන්නේ නැහැ... ?

:       1       4

Bamunuarachchi Wednesday, 13 January 2021 04:32 AM

මෙයා අන්තර්කාරයෙක්... මෙයාට රත්කළ යකඩයකින්ම උත්තර දුන්නොත් තමයි හොඳ..?

:       5       4

kapila Wednesday, 13 January 2021 05:22 AM

නමුත්, සිසුන්ට සිදුවන අසාධාරණය ගැන යම් හඬක් නැගිය යුතුයි...

:       4       4

Rata Perata Wednesday, 13 January 2021 08:08 AM

මේ මර්දනය තමන්ටත් එනවා කියලා මෙතන අදහස් දාලා තියෙන අයත් හිතාගත්තොත් හොඳයි. අපි ඉන්නේ තමන්ගේ මුල නම කිව්වාම කිපෙන දේශපාලකයෝ ඉන්න රටක බව අමතක කරන්න එපා.

:       3       3

BamunuarachchiWednesday, 13 January 2021 12:01 PM

මේ හාදයාට අමතක වෙලා ඒ කාලේ වතුර ගහලා මර්දනය කළ හැටි... අන්තර් කාරයින් ගස් බැඳලා ගහන්න ඕනේ. පිටරට ළමයි පාට් ටයිම් ජොබ් කරලා තමයි අධ්‍යාපනයට වියදම් කරන්නේ.. මොවුන්ට මහපොළ ආධාර දීලත් වර්ජන උද්ඝෝෂණ... මේ උද්ඝෝෂණවල ඉන්නේ රස්තියාදුකාර ජෙප්පෝ මිසක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් නොවෙයි.

:       3       1

සුසන්ත Wednesday, 13 January 2021 01:41 PM

මේ හාමුදුරු කෙනෙක් ද? හාමුදුරුවන්ටත් අපහාස කරනවනේ...

:       2       2

ක්‍රිෂාන්ති Thursday, 14 January 2021 04:06 AM

ඉහගම රතනපාල හාමුදුරුවො, ගුණානන්ද හාමුදුරුවො වගේ අයගේ භාවිතය ගැන අහලවත් නැද්ද මන්දා මේ අය...? ආණ්ඩුවට හෝ විපක්ෂයට පක්ෂපාති නම් ඒ හාමුදුරුවරු හොඳයි. හැබැයි රට වෙනුවෙන් කතා කළාම සිවුර ගැන ප්‍රශ්න කරනවා. අනික අන්තරේ ජනතා විමුක්ති පෙරමුණ එක්ක සම්බන්ධයක් දැන් නෑ කියලවත් දන්නේ නෑ ඔය කතා කරන කට්ටිය?

:       1       1

Lux Friday, 15 January 2021 12:22 AM

හොඳ වැඩක් සතුටුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

දියත

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 139 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 970 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 224 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1659 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2059 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 202 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site