IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


අනතුරු නිවේදන නොතකා මුහුදු ගිය 5 ක් රෝහලේ

(ඩී.ජී.සුගතපාල සහ තරංග ගුණරත්න)

 

අනතුරු නිවේදනය ද නොතකා කප්පරතොට ධීවර තොටුපොලෙන්  මුහුදු ගිය බහුදින යාත්‍රාවක් තද සුළඟට හසුව පෙරැළී එහි සිටි ධිවරයින් පස් දෙනා මාතර රෝහලට ඇතුළත් කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුවේ නීති කටයුතු බාර නිලධාරි එන්.එන්.ඩී.එස්.යූ පරණවිතාන මහතා පැවසීය.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ වැලිගම කප්පරතොට ප්‍රදේශයේ පදිංචි ධීවරයෝ පස් දෙනෙක් වෙති.

කප්පරතොට ධීවර වාරයක් නොවන අතර එහි සිට බහුදින ධීවර යාත්‍රා මුහුදු යෑම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද නිකුත් කර තිබෙන බවයි.

එසේ අධිකරණ නියෝගයක් තිබියදිත් මෙම යාත්‍රාව අධික වැසි සහිත කාලගුණය නොතකා මුහුදු ගොස් ඇති බවත් මුහුදු ගොස් ටික වේලාවකින්  එය පෙරැළීමෙන් පසු ධීවරයින් පස් දෙනා බෝට්ටුව අතහැර ජිවිතාරක්ෂක කබා පැළඳ ගොඩ බිමට පිහිනා ඇති බවත් පසුව ඔවුන් සුව සැරිය ගිලන් රථ මගින් මාතර රෝහලට ඇතුළත් කර ඇති බවත් ඒ මහතා පැවසිය.

ධිවර අධ්‍යක්ෂ ජනරාල් ගිනිගේ ප්‍රසන්න කුමාර මහතාගේ උපදෙස් පරිදි මාතර දිස්ත්‍රික් සහකාර ධිවර අධ්‍යක්ෂ එස්.එච්.සමරනායක මහතා සමග මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවද ධිවර දෙපාර්තමේන්තුවේ නිති කටයුතු බාර නිලධාරි එන්.එන්.ඩි.එස්.යූ.පරණවිතාන මහතා පැවසිය.



අදහස් (0)

අනතුරු නිවේදන නොතකා මුහුදු ගිය 5 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 

දියත

වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 500 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 167 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 79 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 78 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 687 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 863 0

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 735 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site