IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


අන්තරේ පාගමනට ජල හා කඳුළු ගෑස්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනට කොළඹ - කොටුව ලෝටස් පාර අසල දී මීට සුළු මොහොතකට පෙර පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් එල්ල කරන ලදී.

මේ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ - කොටුව අවට දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.

(28535)

(ඡායාරූප - ලහිරු හර්ෂණ)



අදහස් (14)

අන්තරේ පාගමනට ජල හා කඳුළු ගෑස්

jayath Wednesday, 28 August 2019 10:23 AM

මේ අයට ගහන්න ඕනේ කඳුළු ගෑස් නෙමෙයි. මේවා සනීප වැඩියි. හැමදාම මොකක හරි එල්ලිලා "මෝඩ" ළමයි ටිකක් කුලප්පු කරගෙන නටනවා. කාලයක්ම සයිටම් බදාගෙන දැඟලුවා. දැන් තව එකක් අර මහ එකෙක් "නවක වදය" දෙන්න ගිහින් හිරේ... හැබැයි ඔය ඔක්කොම කැම්පස් ඉන්නකම් විතරයි, පුළුවන් නම් ඔබම පෙන්නපල්ලා... අන්තරේ හිටියේ මොන නායකයාද "අවුට්" වුණාට පස්සේ "සමාජ වාදය කෙරුවේ? ඔහොම නටපල්ලා තවටික කාලයක්... බලමු මොකද වෙන්නේ කියලා...? ශිෂ්‍යයින්ගේ සාධාරණ අරගල වෙනයි (අපිත් ඒ තැන්වල හිටියා.., අදටත් ඉන්නවා) නමුත් මේ හරක් පැටවුන්ට තියෙන්නේ වෙනම න්‍යාය පත්‍රයක්...

:       63       593

Raveendra Wednesday, 28 August 2019 10:26 AM

නවක වදයට විරුද්ධව වෙන්න ඇති මේ අහිංසක, උගත් දරුවෝ උද්ඝෝෂණය කරන්නේ... නැත්නම් අර රුහුණේද කොහෙද සරසවියක නොදරුවන් 19 දෙනෙක් තමන් නොකළ වරදවල්වලට අත්අඩංගුවට අරගෙන තියෙන හින්දා වෙන්න ඇති. කරුණාකරලා මේ අහිංසක අන්තරේ ඉන්න ළමයිගේ ඉල්ලීම් කොන්දේසි විරහිතව ලබාදෙන ලෙස අප දේශපාලන අධිකාරියෙන් ඉල්ලා සිටින්නෙමු. මක්නිසාදයත් කුරා කූඹියෙකුටවත් වරදක් නොකරන මේ අන්තරේ ඉන්න රතු හැට්ටකාරයින්ගේ ගොට්ටන්ට එසේ නොකළ වැරදි වලට දඬුවම් වැරදි සහගත බැවිනි.

:       0       60

sunil Wednesday, 28 August 2019 10:48 AM

දැන් විරෝධතා කරන්නේ නවකවදය දීමේ අයිතිය රැකගැනීමටද?

:       0       9

ගල්කටස් Wednesday, 28 August 2019 11:01 AM

2015 ජනවාරි 15 පෙර කිව්වේ නම් අපි කදුළු ගෑස්, ජල ප්‍රහාර එල්ල කරන්න තියා හිතන්නේ වත් නැහැ කියලා. දැන් සනීපයි වගේ හැමදාම කාටද ගහන්නේ කියලා බලන් ඉන්නවා වගේ... අපිට මතකයි අර දත් දොස්තර මාධ්‍ය ඉදිරියේ පසුගිය අාණ්ඩුවේ කදුළු ගෑස් තිබුණු ප්‍රමාණය ගැනත් බණ කිව්වා අාපුම දවස්වල... දැන් කොහෙද හැංගිලා පව්....

:       294       227

athuraWednesday, 28 August 2019 12:43 PM

හැබැයි ගල් කටස් අයියේ... මේ ආණ්ඩුව ආවට පස්සේ උස්සගෙන ගිහින් අම්බානකට නෙලලා මග දාලා ගියේ නම් නැහැ...

:       4       40

ගල්කටස් Wednesday, 28 August 2019 02:21 PM

එළිපිටම ගහනකොට උස්සන් ගිහින් වැඩක් නැහැ.

:       9       16

kapWednesday, 28 August 2019 01:10 PM

කොල්ලො ටික නාන තරමක් ඉක්මනට නාගනිල්ලා. හිට්ලර් ආවොත් ඉතින් පාර අයිනේ කුණුගොඩක තමයි චුත වෙන්න වෙන්නේ. වතුර වෙනුවට බුලට් තමයි...

:       6       153

SLThursday, 29 August 2019 06:50 AM

ඔව් 88/89 හිටියනේ. හිට්ලර් කොයි පැත්තේද හිටියේ? කවුද කියලා දන්නවනේ?

:       1       0

SamanThursday, 29 August 2019 01:38 AM

මහින්දගේ මෝඩ වහලෙක්...

:       1       1

max Wednesday, 28 August 2019 11:03 AM

මේ පෙරටු සහ ජේවීපී කරදරකාරයින්ගේ ඉවරයක් නැති බොරු විරෝධතා ඊළඟ ජනපතිවරණයෙන් පසුවවත් තුරන් වේවා...!!!

:       37       58

casmir Wednesday, 28 August 2019 03:04 PM

ජවිපය එපාවෙන්නේ මේ කාලකන්නි අන්තරේ හින්දා ... ළමයින්ගේ අධ්‍යාපනේ කනවා.

:       0       24

Prabha Wednesday, 28 August 2019 06:15 PM

මම බැලුවේ රැවුල, කොණ්ඩේ කපලා පිළිවෙලකට ඉන්න කවුරුහරි මේ පින්තූරවල ඉන්නවද කියලා. ඒත් එක්කෙනෙක්වත් හොයාගන්න බැරිවුණා.

:       0       11

Jehaan Thursday, 29 August 2019 01:52 AM

මේ සියලු දෙනාම ජීවිතාන්තය දක්වා කිසිම රජයේ රැකියාවකට නුසුදුසු කරමින් සිටින පිරිසකි.

:       0       11

Jehaan Thursday, 29 August 2019 02:06 AM

කරුණාකර මේ උදවිය කිසිඳුරජයේ රැකියාවකට නුසුදුසු වෙන ලෙස අසාධුලේඛන ගත කරන්න. අපේ බදු මුදල් නාස්ති කරනවා මදිවාට ඉගෙන ගන්නා කෙනෙකුට වත් ඊට ඉඩක් නැහැ. රට වල පල්ලට යන්නේ මේ බුරු පැංචන් නඩත්තු කරන්න අපේ බදු මුදල් ඇතුළු රටේ කාර්යක්ෂමතාවත් අපතේ යන නිසා.... නිදහස් අධ්‍යාපනයක් දඩමීමා කරගෙන රට කනවා. පුළුවන් නම් පන්සලේ හරි හමන් විදියට පැවිදි කටයුතු කරගෙන ඉන්න පූජ්‍ය පක්ෂයට දානේ වේලත් නැති කරන්න. කෝ මේ මහනායක ඇත්තෝ? බුද්ධ චීවරයට නිග්‍රහ වෙනකන් ඉඳලා හරියාවිද? අපේ උසස් අධ්‍යාපනයයි, ශාසනයයි දෙකම ඉවරයි.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 

වීඩියෝ දර්ශන

හිනිදුම වෙඩි තැබීමකින් තුනක් මරුට
2025 ජනවාරි මස 31 2902 6

හිනිදුම පනංගල පිහිටි නවාතැන් පොලකට පැමිණි දෙදෙනකු එල්ල කළ වෙඩි තැබිමකින් නවාතැන් පොලේ හිමිකරු සමග තවත් දෙදෙනකු එම ස්ථානයේම මියගොස් ඇතැයි ගාලු දිසා බ


අර්චුනා අත්අඩංගුවට
2025 ජනවාරි මස 29 2583 5

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහත අද (29) දින යපනයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.



යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
2025 ජනවාරි මස 25 8153 51

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා බෙලිඅත්ත ප්‍රදේශයේදී අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්විසින් අත්අඩංගුවට ග


නිලඇඳුමින් සූර් වුණ සැරයන්ලා: පොලිසියෙන්ම වඩා ගෙන යයි
2025 ජනවාරි මස 23 3723 5

රාජකාරී කරන අතරතුර නිලඇදුමෙන් පානදුර ප්‍රදේශයේ නිවෙසක බීමිතින් නිදා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුගෙන් එක් නිලධාරියකුගේ වැඩතහනම් කර ඇති බවත් අනෙක්



මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 766 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site