(යොහාන් භාසුර)
රට පුරා නිවෙස්වල අනතුරුදායක ටැංකි (ගෑස් සිලින්ඩර) ලක්‍ෂ තුනක්, හතරක් පමණ ඇති බවත් එම සිලින්ඩර අදාල ගෑස් සැපයුම් ආයතනය නැවත එකතු කළ යුතු බවත් ගෑස් අනතුරු පිළිබඳව සේවීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක මහතා අද (24) පැවසීය.
ගෑස් අනතුරු පිළිබඳව සේවීමට ජනාධිපතිවරයා පත්කළ කමිටු වාර්තාව අධ්‍යනය කිරීම ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලය අනිවාර්යෙන්ම කළ යුතුව තිබුණ ද මේ දක්වා එවැනි අධ්‍යනයක් සිදුවී නොමැති බව කී මහාචාර්ය ජයතිලක මහතා පැවසුවේ ගෑස් සිලින්ඩරවල සංයුතිය වෙනස් කිරීමෙන් සංයුතිය වැඩිවුවද ප්‍රමාණවත් ‘මර්කැප්ටන්’ ප්‍රමාණය තිබුණේ නම් ඇනතුරුවලින් සියයට 50 ක් වළක්වාගැනීමේ හැකියාව තිබූ බවත්ය.
ගෑස් ගැටලුවේදී මේ දක්වා මුදලාලි එළියට නොඒම මෙම ගැටලුවේ වඩාත් සුවිශේෂි තත්වය බවට පත්ව ඇති බව ද මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක මහතා අවධාරණය කළේය.
ගෑස් අනතුරු පිළිබඳව සේවීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් එසේ අද (24) පැවසීය.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අනාරක්ෂිත ගෑස් ටැංකි ලක්ෂ හතරක් රටපුරා
ab Friday, 24 December 2021 10:27 PM
සියලු ආරක්‍ෂිත උපාංග සහිත ප්‍රමිතියකින් යුතු නව ගෑස් සිලින්ඩරක්, ඒ සදහා අවශ්‍ය උපකරණ ලංකාවට හදුන්ව දිය යුතු පමණක් නොව ගෑස් සැපයුම සහ බෙදාහැරීම සදහා තරග කර්ත්වයක් ඇති කල යුතුද වේ.
ගාමිණී Saturday, 25 December 2021 02:12 AM
ඉක්මන් තීරණ ගත යුතු කරුණු මෙතරම් නොසැලකිල්ලක් දැක්වීම සහ පමා කිරීම විමතියට කරුණකි. මහජනතාව ගේ ආරක්ශාව පිලිබදව රජයට වගකීමත් නොමැති බව පැහැදිලි වේ. මහජනතාවට අනතුරු සිදුවී හෝ ඔවුන් ළග තිබෙන ගෑස් ටැංකි ඉවරවෙන තුරු බලාසිටිනවා විය හැකිය.
පැරකුම් Saturday, 25 December 2021 04:18 AM
එහෙම කොහොමද මුදලාලි එලියට දැම්මොත් මුලු වියත් මගම ඉවරයි නේ.
iceberg slim Saturday, 25 December 2021 08:07 AM
'' ස ''... ඉල්ලා අස්වෙන්න .. මරලා දායි .... මුං හරි ඖල්
ravin Saturday, 25 December 2021 08:50 AM
ගෑස් මුදලාලිලා එලියට ආවා නම් ලොකු යැයි සිතා ඉන්න අයගේ රෙදි ගැලවිලා මුළු ලෝකෙම ගඳ ගස්සවයි.වහගෙන ඉන්න එක තමා ඔක්කොටම හොඳ
de silva Saturday, 25 December 2021 02:27 PM
වියත් මගේ ගිහින් වැටිච්ච අමාරුව...