(උපාලි ආනන්ද)
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ගුවනින් හා ගොඩබිමින් ප‍්‍රහාර එල්ල කර කඳවුරු ගුවන් පථයේ නවතා තිබු ගුවන් යානා 16ක් විනාශකර රුපියල් කෝටි 400ක අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් කොටි සංවිධානයේ හිටපු ප‍්‍රබල සාමාජිකයින් දෙදෙනෙකුට වසර 10 බැගින් වෙන් වෙන් වශයෙන් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කිරිමට උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියෝග කළේය.
එම සිරදඬුවම් කාලය වසර පහකින් ගෙවී යාමටද තවදුරටත් නියෝග කෙරිණි.
අනුරාධපුර මහාධිකරණය හමුවේ අද (16) යළි කැඳවු අවස්ථාවේ දී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
කොටි සංවිධානයේ හිටපු ප‍්‍රබල සාමාජිකයින් දෙදෙනා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකුට ලබාදී ඇති පාපොච්චාරණය නීත්‍යනුකූල බවට දීර්ඝ නඩු විභාගයකින් පසුව මහාධිකරණ විනිසුරු මහේෂෟ වීරමන් මහතා මීට පෙර තීන්දු කළේය.
මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් 14 දෙනෙකු මිය ගොස් ප‍්‍රහාරයට පැමිණි එල්ටීටීඊ සංවිධානයේ මරාගෙන මැරෙන කළු කොටි සාමාජිකයෝ 21 දෙනෙකු ද ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රති ප‍්‍රහාර හමුවේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු ගුවන් පථයේදී මරණයට පත් වූහ.
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ප‍්‍රහාරයට වසර 10 ක සිරදඩුවම්
Amith Wednesday, 16 January 2019 10:51 AM
දඬුවම ප්‍රමාණවත් නැහැ නේද?
janaka Wednesday, 16 January 2019 11:00 AM
අධිකරණයට හුරේවා...!!! සන්තෝසේ විලි ලැජ්ජාවේ බැහැ... කෝටි 400 ක මහජන දේපල විනාශ කරලා...මනුස්ස ඝාතන 14ක් කරපු අපරාධකරයින්ට සිර දඬුවම් කාලය අවුරුදු 5යි.
Raveendra Wednesday, 16 January 2019 11:04 AM
අපේ ගණිත දැනුම නම් ඉතාමත්ම අල්පයි. එ්ත් 14 කට, කෝටි 400 කට 10 නම්..? අනේ මන්දා අපි මේ හීනෙන් දොඩවනවාද කියලා?
බන්ඩාර Wednesday, 16 January 2019 11:13 AM
ඇයි මේ රටේ සුලු ජාතින්ට මෙහෙම රිද්දන්නේ?
Indunil Wednesday, 16 January 2019 11:43 AM
එල්ලලා මරණ එක නේද ඕකට දෙන්න පුළුවන් අඩුම දඬුවම?
sampath Wednesday, 16 January 2019 01:58 PM
පාඩුව කෝටි 400 යි ලු. හමුදා සාමාජිකයින් 14 කුත් මැරිලා ලු. වසර 10 ක සිර දඬුවම 5කින් ගෙවෙන්නත් නියම කරලලු. නොසැලකිල්ලෙන් වෙඩි තිබ්බා කියලා හමුදාවේ නිලධාරීන්ට මරණ දඬුවමත් දීලා තියන රටේ අධිකරණය හරිම ස්වාධීනයි.
Kasun Wednesday, 16 January 2019 02:41 PM
දන්නේ නැති නිසා අහන්නේ.. වසර 10ක දඬුවම වසර 5න් ගෙවී යන විදිහට දෙනවා කියන්නේ මොකද්ද...?
ජයන්ත මිලානෝ Thursday, 17 January 2019 06:53 AM
නෑ හොදටම ඇති ,මෙම තීන්දුවෙන් ජාත්‍යන්තරය සතුටට පත්වෙනවා .ඒක රජයේ යුතුකම .එහෙම නොවුනොත් රටේ ජනතාව බඩගින්නෙ.