IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අනුර කුමාර-ශානි අබේසේකර කොමිසමට කැඳවීම තාවකාලිකව අත්හිටුවයි

( තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ )

ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා කළ පැමිණිල්ලකට අදාළව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර යන මහත්වරුන් දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට කැඳවීම තාවකාලිකව අත්හිටුවීමට එම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණය හමුවේ අද (27) එකඟතාවය පළ කළේය.

එම කොමිසම හමුවට කැඳවමින් නොතීසි නිකුත් කිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර යන මහත්වරුන් ගොනු කළ රිට් පෙත්සම් දෙක සම්බන්ධයෙන් නොතීසි නිකුත් කර කරුණු තහවුරු තෙක් ඔවුන් දෙදෙනා කොමිසම හමුවට නොකැඳවීමට එම කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උදිත ඉගළහේවා මහතා ස්වේච්ඡාවෙන්ම අධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය.

එසේම රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා මෙම නඩුකරයෙන් ඉවත් කිරීමටද ජනාධිපති නීතීඥ උදිත ඉගළහේවා මහතා අධිකරණය හමුවේ එකඟ විණි.

ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති කළ පැමිණිල්ලට අනුව දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ  ජනාධිපති  කොමිසම හමුවේ සිදුකරන විමර්ශන නීතියට පටහැනි බව සඳහන් කරමින්, එම විමර්ශන අත්හිටුවන්නැයි අනුර කුමාර දිසානායක මහතා සහ ශානි අබේසේකර  යන මහත්වරුන්  රිට් පෙත්සම් දෙක අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතීඥ උදිත ඉගළහේවා මහතා මෙම එකඟත්වය පළ කර සිටියේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවිණි.

පෙත්සම් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ මේ වසරේ ජනවාරි මස 09 වනදා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ මෙම කොමිසමට බලය පැවරී තිබෙන්නේ ඉකුත් පාලන සමයේ රජයේ නිලධාරීන්, සංස්ථා හා මණ්ඩලවල සේවය කළ නිලධාරින් සහ ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සේවය කළ නිලධාරීන්ට සිදුවු බව කියන දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීමට පමණක් බව පැවසීය.

ඒ අනුව ඇවන් ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල අදාළ කොමිසමේ විෂය පථයට අයත් නොවන අතර එය විමර්ශනය කිරීමට අදාළ කොමිසමට බලයක් නොමැති බව ද ජනාධිපති නීතිඥවරයා සාලිය පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේය. එසේම එම කොමිසමට පැමිණිලි කිරීමට නිශ්ශංක සේනාධිපතිට අයිතියක් නොමැති බවද ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නේය.

පෙත්සම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අස්තික දේවේන්ද්‍ර මහතා කරුණු දක්වමින් කියා සිටියේ දේශපාලන පලිගැනීම් වලට ලක්වූ රාජ්‍ය හා සංස්ථා සේවකයින් පිළිබඳ විමර්ශන කිරීමට පත් කළ මෙම කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නිශ්ශංක සේනාධිපති මහතාට නීතීමය අයිතියක් නොමැති බවය.

එසේම එවැන්නෙකු කරන පැමිණිල්ලක් විමර්ශනය කිරීමට එම ජනාධිපති කොමිසමට බලයක් නොමැති බවද නීතීඥ අස්තික දේවේන්ද්‍ර මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

පෙත්සම් දෙක  පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සැප්තැම්බර් මස 29 වන දා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය දින නියම කළේය.

මෙම ⁣පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම් පිලිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු  උපාලි අබේරත්න , සහ එහි සාමාජිකයන් වන දයා චන්ද්‍රසිරි ජයතිලක සහ චන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන්  , කොමිසමේ ලේකම්වරයා, නීතිපති දප්පුල ද ලිවේරා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර , ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති නම් කරනු ලැබ සිටිති.

නීතීඥ සුනිල් වටගල සහ නීතීඥ මංජුල බාලසූරිය යන මහත්වරුන් මාර්ගයෙන් මෙම පෙත්සම් ගොනු කෙරිණි.

පෙත්සම්කාර අනුර කුමාර දිසානායක මහතා සිය රිට් පෙත්සමෙන් පෙන්වා දෙන්නේ  දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කොමිසම විසින් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව සාක්ෂි දීම සඳහා තමන්ට මෙම මේ මස 16 වැනිදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා  සිතාසි නිකුත් කර ඇති බවයි.

එසේම දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලැබූ ජනාධිපති කොමිසම පිහිටුවීමට අදාළව ඉකුත් ජනවාරි මස 09 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව එම කොමිසමට විමර්ශන සිදුකිරීම සඳහා බලය පැවරී තිබෙන්නේ රාජ්‍ය සේවකයින් විසින් ඉදිරිපත් කරන පැමිණිලි පමණක් බවද පෙත්සම්කාර අනුර දිසානායක මහතා සිය පෙත්සමෙන් පෙන්වා දේ.

ඒ අනුව ඇවන් ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල විභාග කිරීමට එම කොමිසමට බලයක් නොමැති බවත් , එම පැමිණිලි විමර්ශනය සඳහා තමන්ව කැඳවීම සඳහා නිකුත් කර තිබෙන නොතීසිය ද බල රහිත ලියවිල්ලක් යැයිද පෙත්සම්කාර අනුර දිසානායක මහතා සිය පෙත්සමේ සඳහන් කර ඇත.

මේ හේතුවෙන් එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස තමන් වෙත නිකුත් කර තිබෙන නොතිසිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ,  ඇවන්ගාඞ් සමාගමේ සභාපතිවරයා සිදුකරන ලද පැමිණිල්ලට අදාළව පවත්වනු ලබන විමර්ශනය අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි අනුර කුමාර දිසානායක මහතා සිය පෙත්සමින් ඉල්ලා සිටී.

මේ අතර දේශපාලන පළිගැනීම් පිළිබදව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ වගඋත්තරකරුවකු ලෙස නම් කරමින් මේ මස 17 වනදා පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත නිකුත් කර තිබෙන නොතීසිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා විසින් ද අභියාචනාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් සහ නීතීඥ අස්තික දේවේන්ද්‍ර යන මහත්වරුන් පෙනී සිටියහ.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.



අදහස් (2)

අනුර කුමාර-ශානි අබේසේකර කොමිසමට කැඳවීම තාවකාලිකව අත්හිටුවයි

සමිත සේනක අලුත්ගමගේ. Monday, 27 July 2020 12:10 PM

අනුර කුමාර මහතාගේ හෝ ශානි අබේසේකර මහතාගේ දේශපාලන පැත්ත කුමක් වුවත් අපට එය වැදගත් නොවේ. වෙනත් කුමන පක්ෂයක් හෝ වැදගත් නොවේ. අප කතා කරන්නේ කොයි දේශපාලනයෙත් ඇත්ත ඇති සැටියෙන්. කොයිකවුරු දේශපාලන බලවතාත් පත්කරනු ලබන මෙවැනි කොමිසම්වලට පත්කරනුයේ තමන්ගේ සිතැඟි අනුව කටයුතු කරන්නන්ය. එසේ හෙයින්, මේ කොමිසම් රටේ පවතින නීති හා අධිකරණ පද්ධතියට අදාළ නොවන බව පෙනේ. මේ කොමිෂන් පත් කෙරිල්ල පසෙක තබා, අදාල සිද්ධි රටේ අධිකරණය වෙත යොමු කරන්නේ නම්, එයට කිසියම් නීතිමය පසුබිමක් තිබෙන බව පෙනේ. දේශපාලන පසුබිමක් සහිතව නඩුව ඇසෙන මේ කොමිෂන්වලට වියදම් කරනු ලබන විශාල මුදල් සම්භාරය රටේ ආර්ථිකයට ඔරොත්තු නොදේ. රටේ අධිකරණයක් තිබියදී මෙවන් දේට මහජන මුදල් නාස්ති කිරීම අපරාධයකි.

:       0       0

beau Monday, 27 July 2020 08:16 PM

ඒ මොකද? මේ අය නීතියට වඩා ඉහළින්ද ඉන්නේ...?නැතිනම් අධිකරණය මේ අයට බයද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 657 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 184 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 546 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 136 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1813 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site