( දයාරත්න ඇඹෝගම )
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති අංක 24 / 2018 චක්‍රලේඛය හේතුවෙන් අනුරාධපුර නගරයේ සහ ඒ පාසල් ආසන්නයේ වෙසෙන දරුවන් 300 කට අධික පිරිසකට ළඟම පිහිටි පාසැලට ඇතුළුවීමේ අවස්ථාව අහිමිවී ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
එම චක්‍ර ලේඛයේ සඳහන් වන්නේ දරුවාගේ පදිංචිය සනාථ කිරීම සදහා සින්නක්කර ඔප්පුව, තෑගි ඔප්පුව, දීමනා පත්‍රය, රජයේ ප්‍රදාන, දේවාල ගම් පනත යටතේ පැවරූ ඔප්පු ඉදිරිපත් කර පදිංචිය සනාථ කළ යුතු බවයි. පදිංචිය සනාථ කිරීම වෙනුවෙන් දරුවාට ලැබෙන ලකුණු ප්‍රමාණය 30කි.
එහෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොහෝ දෙමාපියන්ට ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිකුත් කර ඇති තාවකාලික බලපත්‍ර පමණි.
පාසල ආසන්නයේම පදිංචිව සිටියද පදිංචිය තහවුරු කිරීමේ නොහැකියාව නිසා මේ නිසා අනුරාධපුර, නොච්චියාගම, තඹුත්තේගම හා කැකිරාව වැනි නගරවල පාසල් ආසන්නයේ ජීවත්වන බොහෝ දරුවන්ට ගමේ පාසලට යාමේ අවස්ථාව අහිමිව ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.
“අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍ර ලේඛයේ සඳහන් පරිදි සින්නක්කර ඔප්පු, තෑගි ඔප්පු, දීමනා පත්‍ර අනුරාධපුර නගරය හා තදාසන්න ප්‍රදේශවල ජනතාවට නැහැ. ඔවුන්ට ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරයා නිකුත් කළ තාවකාලික බලපත්‍ර.
මේ නිසා දරුවන් 300 කට අධික පිරිසකට ළඟම පාසල අහිමි වෙලා තිබෙනවා. පළමු ශ්‍රේණියේ දරුවෙකු නිවස දුර පාසලකට රැගෙන යාම දෙමාපියන්ට අපහසුවක්.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු මේ පදිංචිය පිළිබඳව සොයා බලා මේ දරුවන්ට ළඟම පාසල ලබාදිය යුතුයි” යැයි ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අ‘පුර පාසල්හි පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේදී අසාධාරණකම් වී ඇතැයි චෝදනා