IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


අපේ කොල්ලෙක්ට අබුඩාබියේ දි කෝටි 81ක ලොතරැයි දිනුමක්

( තිළිණි ද සිල්වා )

එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ ඩුබායිහි සේවය කරන තවත් ශ්‍රී ලාංකිකයෙක් අබුඩාබි බිග් ටිකට් ("Abu Dhabi Big Ticket" ) නැමැති ලොතරැයියේ පළමු දිනුම වූ ඩිරාම් මිලියන 15 ක (රුපියල් කෝටි 81) මුදලක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළවන කලීජ් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටී.

එසේම එම ලොතරැයි තරගයේ හත්වැනි දිනුම වූ ඩිරාම් 60,000ක මුදලද වෙනත් ශ්‍රී ලාංකිකයෙකු විසින් ද ජයග්‍රහණය කර ඇත.

මෙම ජයග්‍රහණය අබුඩාබි බිග් ටිකට් ලොතරැයි ඇදීමේ සංවිධායකයින් විසින් පෙරේදා (03) රාත්‍රීයේ ප්‍රකාශයට පත් කෙරිණි.

මෙලෙස මෙම ලොතරැයි ඇදීමෙන් පළමු දිනුමක් ලබා ‌ඇත්තේ ඩුබායි අවුරුදු 16කට ආසන්න කාලයක් හි සිවිල් ඉංජිනේරුවෙකු " ලෙස සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු වන ජේ.ඩී.එස්.රසික නැමත්තෙකි.ඔහු ජය ලබා ඇති මුදල ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් කෝටි 81 කට ආසන්න වේ.

එම ලොතරැයි ඇදීමේ තරගයේ හත්වැනි දිනුම ලබා ගෙන ඇත්තේ සුලෙන්තිරන් රසේන්දිරන් නැමැති ලාංකිකයෙකු වන අතර ඔහුගේ ලොතරැයි දිනුම මෙරට මුදලින් රුපියල් තුන් කෝටියකට වඩා වැඩි මුදලකි.

ජයග්‍රාහී පළමු දිනුම ලබාගත් ශ්‍රී ලාංකික සිවිල් ඉංජිනේරුවරයා එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ රාස් අල් කයිමා හි පදිංචිව සිටින අයෙක් වන අතර ඉකුත් මැයි 29 වැනිදා ඔහු මෙම අබුඩාබි බිග් ටිකට් ලොතරැයි පත මිලදී ගෙන ඇත. 2005 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණි ඔහු ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ ඇතැම් ව්‍යාපෘතිවල සිවිල් ඉංජිනේරුවෙකු වශයෙන් කටයුතු කරන අතර . ඔහු රාස් අල් කයිමා හි නැවතී සෑම දිනකම ඩුබායි සිය රාජකාරී සදහා පැමිණෙන්නෙකි.

ඔහුගේ මෙම ජයග්‍රාහී ටිකට්පත මිළදී ගැනීම සඳහා යහළුවන් අට දෙනෙකු දායකත්වය ලබා දී ඇති අතර ඒ අනුව ඔහු මෙම පිරිස සමග ත්‍යාග මුදල බෙදා ගනු ඇත.

 



අදහස් (9)

අපේ කොල්ලෙක්ට අබුඩාබියේ දි කෝටි 81ක ලොතරැයි දිනුමක්

indika Friday, 04 June 2021 03:12 AM

ලංකාවට ඇවිත් දේශපාලනඥයින් ඇසුරට ගනන එපා

:       0       2

Thilina Friday, 04 June 2021 03:15 AM

සුබපැතුම්

:       0       2

maalaka Friday, 04 June 2021 04:24 AM

ජයග්‍රාහකයෙකුගේ සියලු විස්තර මෙලෙස ප්‍රසිද්ධ කිරීම කොයිතරම් අනුවණ කමක්ද? මෙයා ඒ පුද්ගලයාගේ සහ පවුලේ ආරක්ෂාවට තර්ජනයක් නොවන්නේද?

:       0       3

Sri Lanka Friday, 04 June 2021 06:33 AM

ජයවේවා..!!! 

:       0       4

W R A N K RanasingheFriday, 04 June 2021 08:12 AM

ජයවේවා !

:       0       1

hesa Friday, 04 June 2021 06:36 AM

සුබ පැතුම්...!

:       0       4

සෙනෙවිරත්න Friday, 04 June 2021 07:44 AM

සල්ලි ටික ඩොලර් වලින් වහාම එවන්න. අපට ඩොලර් හිඟයි මේ දවස්වල.., ඕකත් ලොකු දෙයක් මේ දවස්වල.. අරක බෙදාගන්නේ කෝටි 10 ගානේ එක්කෙනාට, ඉතිරි කෝටිය ඔයාට...

:       0       6

W R A N K රණසිංහ Friday, 04 June 2021 08:06 AM

ගොඩක් සතුටුයි අපේ කොල්ලෙක්ට ලැබුණාට. පරිස්සමින් කොල්ලෝ...!!!

:       0       4

anura UAE Friday, 04 June 2021 10:39 AM

සුබපැතුම්..! අප සමග එකම ආයතනයේ වැඩ කළ සහෝදර ශ්‍රී ලාංකිකයන් වෙතින්...!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 38 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 60 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 310 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 127 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 373 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 585 2

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site