(අජන්ත කුමාර අගලකඩ)
අමාත්‍යාංශවලට හා අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීම ජනාධිපති කාර්යාලය විසින් නතර කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බව එම ආරංචි මාර්ග කියයි.
යම් අමාත්‍යාංශයකට වාහන වල අඩුවක් පවතින්නේ නම් ජනාධිපති කාර්යාලය සතු අතිරික්ත වාහන එම අමාත්‍යාංශවලට ලබාදීමට කටයුතු යොදවා ඇති බවද වාර්තා වේ.
රජයේ වියදම් සීමා කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත.
අමාත්‍යාංශවල වාහන,ගමන් බිමන් ,ගොඩනැගිලි පහසුකම් ආදිය වෙනුවෙන් කෙරෙන වියදම් ඇතුළු අනවශ්‍ය සියලු වියදම් කපා හරින ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙරද අමාත්‍යාංශවලින් හා ඒ යටතේ ඇති ආයතනවලින් ඉල්ලීමක් කර තිබිණි.
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අමාත්‍යාංශවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කරයි
yasapala nanayakkara Monday, 02 December 2019 03:14 PM
කෙට්ටු වූ රජයක් කරා යා යූතුය. දැනට ඇති සියලුම සම්පත් තව වසර පහකට ප්‍රමාණවත් වේ. හරියට සකසුරුවම් කළොත් මුළු වියදමින් 40% ඉතිරිකරගත හැකියි...
Ajantha Monday, 02 December 2019 03:14 PM
ඉතා හොඳ තීරණයක් ජනාධිපතිතුමනි...
යාපා Monday, 02 December 2019 03:46 PM
මේ රටට නව ජවයක් ලැබුණා ජනාධිපතිතුමනි...,
sandy Monday, 02 December 2019 04:00 PM
ඉතා හොඳ රටට හිතැති තීරණයක්.
Bamunuarachchi Monday, 02 December 2019 04:58 PM
හොඳ තීරණයක් සර් ! පර්මිට් දීමත් කාලෙකට නැවත්තුවොත් හොඳයි.
Perera Monday, 02 December 2019 07:27 PM
මාර්තු වලින් පස්සේ 2020 මාදිලියේ ඒවම ගන්න පුළුවන්නේ 2019 මාදිලි ගන්නේ නැතුව!!!
sandy Monday, 02 December 2019 08:06 PM
ඉතා හොඳ රටට හිතැති තීරණයක්.
Vijitha Tuesday, 03 December 2019 12:35 AM
හොඳ තීරණයක්. රජයේ ආයතන වලට අනවශ්‍ය ගොඩනැගිලි සහ වාහන සඳහා කොයි තරම් අපරාදේ මුදල් නාස්ති කරනවද ? ඒත් සමහර පොඩි පාසල් වල වැසිකිලි පහසුකම් ඇත්තෙම නැහැ. උගන්වන්න හරියට පන්ති කාමරයක් නැහැ. මේවා ගැන සොයා බැලිය යුතුයි
de silva Tuesday, 03 December 2019 01:03 AM
ස්තුති ජනපතිතුමනි, කරුණාකර නිකන් ඉඳන් කාලය කන රජයේ නිලධාරියෝ ගැනත් සොයලා බලන්න
sarath perth Tuesday, 03 December 2019 01:16 AM
රටක් දියුණු වන්නෙ නියම නායකත්වයක් ඇති විටකය
PereraTuesday, 03 December 2019 03:40 AM
තීරණේ හොඳද නැද්ද විජ්ජාවක්ද කියලා මාර්තු වලින් පස්සේ බලමු දැන්ම උඩ පනින්නේ නැතුව.
Yapa Tuesday, 03 December 2019 01:19 AM
පුදුමෙ කියන්නේ අර කෑගහන අයට මේ වගේ හොද තීරණ පේන්නෙ නෑනේ..
මුණසිංහ Tuesday, 03 December 2019 01:33 AM
මේ වන තෙක් ගත් පියවර ඉතා ප්‍රශංසනීයයි. මේ ගත් පියවර ඉදිරියටම ගෙන යමු. ඒ වගේම නගර සංවර්ධන ව්‍යාපෘති, මාර්ග ප්‍රතිසංස්තරණ සහ ඉදිකිරීම් ඉක්මන් කරමු. පසුගිය අවුරුදු 4ටම පාරවල් නඩත්තු කලේ නැහැ. ඒවායේ විපාක දැන් විදිනවා. නුවර, ගාල්ල වගේ නගරවල සංවර්ධනය ඇන හිටියා. ස්වීස් ගැටවලට අහුවෙන්න එපා, ඒවා විශ්වාස කරන්නත් එපා.
kasun Tuesday, 03 December 2019 07:17 AM
නිදියගෙන නැගිටලා වගේ.....
මුණසිංහWednesday, 04 December 2019 12:45 AM
හරියට හරි. ඔයත් ඇතුලුව පහුගිය අවු. 4ක් තිස්සේ වෙන කරන්න දෙයක් නැති නිසා රටේ ජනතාවම නිදියගෙන හිටියේ ඡන්දයක් තියනකම්.....දැන් තමා ජනතාව සක්‍රියව ඉන්නේ.
රවින් Tuesday, 03 December 2019 01:39 AM
රාජ්‍ය වාහන පිලිබඳ නිසි විගණනයක් ගත්තොත් තමා වඩාත් සුදුසු.
mahinda Tuesday, 03 December 2019 01:47 AM
වාහන විතරක් නොවේ ඇයි ගොඩනැගිලි ලී බඩු, පරිගණක, ෆැක්ස්, මෙකී නොකී දේවල්
ranjith Tuesday, 03 December 2019 02:29 AM
රජයේ ආයතන වල වාහන නඩත්තුවට අධික මුදලක් සමග වංචා තියෙනවා එම නිසා කුලී පදනම මත වාහන යෙදවීම ගැන හිතා බලන්න වෙනවා, සුකොබබෝගී වාහන අනවශ්‍ය යි.
ලුම්බිණි Tuesday, 03 December 2019 03:51 AM
අමාත්‍යාංශවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කිරීම හොඳයි. නමුත් මීට වඩා දේවල් කල යුතුයි. සමහර දේශපාලකයෝ ඒ කාලේ රජයේ වාහන තමන්ගේ නෑදෑ පරපුරටත් බෙදාගෙන වැඩ කල හැටි මතකයි. ඒ දේශපාලකයෝ තවමත් අපුරුවට යහතින් ඉන්නවා. කිසිම දඬුවමක් නැහැ. මෙන්න මේවා තමයි නවතන්න ඕන.
chandima Tuesday, 03 December 2019 08:46 AM
හොද නායකත්වයක් ලැබිලා තියෙනවා. දැන් අපිට අවශ්‍ය වෙනවා හොද දේ හොද විදිහටත්, නරක දේ නරක විදිහටත් දකින්න පුළුවන් ජනතාවක්.
Bamunuarachchi Tuesday, 03 December 2019 01:03 PM
කරුණාකර කෘෂිකර්මාන්ත කාර්යාලයට ගෙවන අසාධාරණ කුලිය ගැන සොයා බලා එය අඩු කිරීමට කටයුතු කරන්න නැතිනම් එය මුදල් ගෙවා රජයට පවරා ගන්න.