ජාතික ආණ්ඩුවක් බිහිකර අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි කිරිමේ යෝජනාවක් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අද (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ජාතික ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව 48 නොඉක්මවිය යුතු බවත් කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් 45 නොඉක්මවිය යුතු බවත් එම යෝජනාවේ දැක්වේ.
(28535)
හබරණ,කැලය මැද ගිනිගමින් තිබූ කැබ් රියක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමට හැකිවූ බව මින්නේරිය පොලිසිය කියයි.
පුද්ගලයන් හැත්තෑ දෙදෙනකු රැගෙන පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් කසක්ස්තානයේ අක්ටාවු නගරයට නුදුරින් කඩා වැටුණි. අනතුරින් යානයේ සිටි සියලු දෙනා ජීව
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන පවුල් හා පුද්ගලයන්ට 2025 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි මාසිකව ප්‍රතිලාභ දීමනා ග
ලොව පුරා කිතුනු බැතිමතුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන තවත් අසිරිමත් නත්තලක් ඊයේ (24 ) මධ්‍යම රාත්‍රීයෙන් උදාවිය.
ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත වී ඇත්දැයි සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24) පරීක්ෂණයක් ආරම්භ කළේය.
පළාත් පාලන මැතිවරණයට අලුතින් නාම යෝජනා කැඳවීමේ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ (23) හිමිව ඇත.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
අමාත්‍ය ධූර වැඩිකිරීමට යෝජනාවක්
Perakum Friday, 01 February 2019 09:32 AM
දේශපාලකයෝ ගොඩ ලොකු කරගෙන බඩ පුරවා ගන්නකොට අපි පටි තද කර ගන්නවා.
RaveendraSaturday, 02 February 2019 02:56 AM
ඕන ගොනෙකුට යුද්ධ කළහැකි බව කීවෙත් මෙමයි.. ඕන කෙනෙකුට කල හැකිබව ඔප්පුකලේ මෙමයි.. මේ හැමදෙ කියන්නෙත් රට ගැන නොහිතා නේ.. මගේ බඩවියත පවුලත් සමගින් හැමදින රැකුණාවේ...
Raveendra Friday, 01 February 2019 10:15 AM
අපි යෝජනා කරනවා හැකි ඉක්මණින් "හරක් 225ම අගමැතියෝ, ඇමතියෝ නියෝජ්‍ය ඇමතියෝ.." කරමු.
Hafeel Friday, 01 February 2019 03:17 PM
කාලයකට කියනවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ඕනේ කියල. දැන් කියනවා ජාතික ආණ්ඩුවක් ඕනේ කියල. ජ වී පෙ හැර අනිකුත් 219 ඇමති වුණත්, ඔවුන්ට රට හදන්න බැහැ
Sanath KandySaturday, 02 February 2019 08:22 AM
දැන් රටට ඇති එකම විකල්පය ජවිපෙ පමණයි. 71 වසරක් තිස්සේ මාරුවෙන් මාරුවට රට විනාස කරපු මේ දෙගොල්ලම තමන්ගේ නොහැකියාව ඔප්පු කරලා තියෙන්නේ.
Hafeel Saturday, 02 February 2019 04:31 PM
අනිවාර්යෙන්ම ඡන්ද දායකයෝ වෙනස් වියයුතුයි.
wije Friday, 01 February 2019 04:30 PM
වැඩිකරගනිල්ලා, වැඩිකර ගනිල්ලා උඹලව නඩත්තු කරන්න අපි ඉන්නවනේ. අනේ දෙවියනේ මීට වඩා හොඳයි නේද 1948 අපිට නිදහස දෙන්නේ නැතුව සුද්දෝම මේක පාලනය කළානම්...
maheshika Friday, 01 February 2019 05:47 PM
ඕන කෙනෙකුට පුලුවන්ද එහෙම යෝජනා කරන්න.
sudath Friday, 01 February 2019 11:53 PM
දැනට ඉන්න ඇමතිගොල්ලට වැඩ බැරිද?
sandy123 Saturday, 02 February 2019 04:51 AM
රත්තරන් බිත්තර දාන කිකිළියෝ වන බදු ගෙවන මහා ජනතාව ඉන්නකම් මුන් පිස්සු නටනවා. හරි ඇමතිතුමා වතුර රත් වෙනකම් නේද කකුළුවා දගලන්නේ. පාට කණ්නාඩි නොදමවනම් මේ නරුමයෝ 225ම අතුගාල දාන්න පුළුවන්. ලංකාදීප පාඨක ජනතාව එකගද?
RaveendraSaturday, 02 February 2019 05:12 AM
ඇත්තෙන්ම ඔබ නිවැරදිය. මේ අය මෙසේ හැමවිටම හැසිරෙන්නේ පක්ෂක්ග්‍රාහී චන්දදයයන් සිටිනතුරු පමණි.
Ranil Saturday, 02 February 2019 07:26 AM
හා හා ළමයි මේවට මොකුත් කියන්න එපා. මේක ලක්ෂ 62 මී කුලයෙ එවුන්ගෙ කැමැත්තනේ බොලන්ලා. උන් හරි සතුටින්ලු ඉන්නෙ තව තවත් බදු ගෙවන්න තියෙනව කියල මතක් වෙද්දී.
sany123Saturday, 02 February 2019 10:19 AM
රනිල් - ඔබේ අදහසට නම් මම එකඟ නැහැ. ඒ වගේම එහෙම අය තවත් ඇති. හේතුව ඔබේ පාට කණ්නාඩිය නිසා. මහින්දගේ කාලයේත් පඳුරකට ගැහුවම ඕනේ තරම් ඇමතිවරු විසිවෙනවා. සීනි ඇමති, පොල් ඇමති වගේ නානාප්‍රකාර ඇමතිවරු හිටයා. එතැනදී මේ හැට දෙලක්ෂය වගේම අනිකුත් ජනතාවත් බදු ගෙව්වා. මේ ඔක්කොම හොරු. ජනතා සේවය කියලා කරන්නෙම අලිගුත්තේරු වැඩ. මොන ආණ්ඩුව පත්වුණත් වියදම් වැඩි කරලා බදු වැඩි කරනවා. නමුත් උපයන්නේ නැහැ. ඔවුන්ගේ සැප වෙනුවෙන් අපි බදු ගෙවනවා. එ්කයි යථාර්තය. ඔබට ආයාචනය කරනවා පාට කණ්නාඩිය නොපැළඳ ලෝකය විශේෂයෙන් ලංකාව දිහා බලන්න කියලා. මේ කිසිම දේශපාලකයෙක් විප්ලවීයාවත් ජන හිතෛෂීවත් නෙවෙයි.
RanilSaturday, 02 February 2019 05:30 PM
සැනි123, මම එක පක්ෂයකටවත් නැහැනේ. ඒකනේ මම කාවවත් සුද්ද කරන්න ගිහින් නැත්තෙ. ඔයා ලක්ෂ 62 ඇතුලේ කෙනෙක් වුන එක ගැන මට හරිම කණගාටුයි. ඔයගොල්ලො තමා කොළ/රතු පාට කන්නාඩිය අයින් කරලා ලෝකෙ දිහා බලන්න ඕනෙ. එතකොට ඔයාට පෙනෙයි අනිත් රටවල් එක්ක අපි කොහෙද ඉන්නෙ කියලා. ඔයා දන්නේ නැද්ද දන්නෙ නැහැ අනෙක් රටවල් වල මිනිස්සුත් බදු ගෙවනවා කියන එක. බදු ගෙවන එක අපිට විතරක් පොදු අරුම පුදුම දෙයක් නෙමෙයි. ඒත් ඒ රටවල් අපිට වඩා දියුණු මට්ටමක ඉන්නව. පොඩ්ඩක් කල්පනා කරන්න එහෙම වෙන්නෙ කොහොමද කියල. ඒක නිසා අදහස් පල කරද්දී පොඩ්ඩක් බුද්දිමත් වෙන්න.
sandy123Sunday, 03 February 2019 08:26 AM
රනිල් - බොහොමත් ස්තුතියි ඔබේ පිළිතුරට. නමුත් ඔබට වැරදිලා. පැහැදිලිව කියන්න තියෙන්නේ මම ඔය කිසිම පුද්ගලයෙක් වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. මේ ඉන්න ඔක්කොම පැහැදිලි වචනයෙන් කිව්වොත් චුත වෙන්න ඕනේ මගේ අදහසේ හැටියට. ඔබ හැට දෙලක්ෂයට අවලාද නගන නිසා මම පැහැදිලි කිරීමක් කලේ පැවතිච්ච සහ පැවතෙන හැම ආණ්ඩුවක්ම කලේ අපේ පින්තූරය අරන් අං දෙකක් දමන එක කියලා. නැතුව රනිල් හොඳයි මහින්දට වැඩිය කියලා මම කොහොමත් ප්‍රකාශ කරන්නේ නැහැ. ඔක්කොම එක වල්ලේ පොල්. ඔය හැම පොල්ගෙඩියේම හැඩය වෙනස් වුණාට මදය සහ රසය එකයි. මොන පක්ෂයක් ආණ්ඩු කළත් අපිට සෙතක් වෙන විදිහට වැඩ කරන්නේ නැහැ. අනිත් කාරණාව නම් හැම රටකම බදු ගෙවනවා. එය නොපිළිගැනීමට තරම් මම ලදබොලඳත් නැහැ. ඒ වගේම ඔබ කිව්වත් වගේ අනිත් රටවල් සමග අපේ රට සංසංදනය කළොත් අපි ඉන්නේ ඉතාමත් පහත් තත්වයක බව මම හොඳාකාරව දන්නවා. මම කොහොමත් මේ පාට කණ්නාඩි වලට අකමැතිම පුද්ගලයෙක්...
UPALI Saturday, 02 February 2019 08:01 AM
මට කවුරුහරි කියනවදේ ඔය වෙඩි නොවදින වාහනවලට වැහිනැති හෙනවදිනවද කියලා.විෂේශයෙන්ම ඔය ගොන්නු යන බ්ම්ව්,ප්‍රාඩෝ,පැජරෝ, වොවෝ, බෙන්ස් , ඩිපෙන්ඉර්. ආදිය.
chathura Sunday, 03 February 2019 01:41 AM
එහෙන් මෙහෙන් ණයට සල්ලි ටිකක් ලැබුණානේ.. දැන් අලුත් අමාත්‍යාංශ හදලා, අලුත් ඇමති තනතුරු දීලා, අලුතින් වාහන, උපකරණ ගෙන්නාගෙන, ඒ ලැබුණු සල්ලි බෙදාහදාගන්න වෙනවනේ... නේද?
Rohana Sunday, 03 February 2019 06:53 AM
මොන එකකටද ඔයතරම් ඇමතිකම්? ඇමතිකම් වැඩිකරලා රට දියුණු කරන්න බැහැ...