IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


අම්පාර සයින්දමරුදු බෝම්බ පිපිරීමෙන් මියගිය අයගේ අවසන් කටයුතු අද

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර සයින්දමරුදු බොලිවියානු සුනාමි ගම්මානයේ නිවසක් තුළ බෝම්බ පිපිරීමෙන් මියගිය 17 දෙනෙකුගේ සිරුරු අද (02) අම්පාර පොදු සුසාන භූමියේ තැන්පත් කිරීමට පොලිසිය පියවර ගනු ලැබීය.

අම්පාර මහ රෝහලේ මෙම මෘත ශරීර තිබූ අතර මෙම මෘත ශරීරවල අස්ථි වැනි දේවල් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය බැවින් වෙන් වෙන් වශයෙන් සකස් කරන ලද විශේෂ කුටිවල තැන්පත් කළේය.

මියගිය අයගේ නම් ගම් සඳහන් කරන ලද විශේෂ පත්‍රිකාවක් පොලිතින් වලින් ආවරණය කරන ලද දේහයන් තුළට ඇතුලත් කරනු ලැබීය.

මියගිය කුඩා දරුවන් හයදෙනාට පමණක් මුස්ලිම් ආගමික වතාවන් පවත්වා අවසන් කටයුතු සිදුකරනු ලැබූ අතර අම්පාර මහ රෝහලේ  අධිකරණ වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ මියගිය සියලු දෙනාගේ සිරුරු තැන්පත් කෙරිණි.

ආරක්ෂක අංශ විසින් සමන්තුරේ ප්‍රදේශයේ දෙවෙනි දිනටත් සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලැබූ අතර එහිදි එම්.16 උණ්ඩ 28 ක් කඩු 03ක්, පිහි 5ක්, තුවක්කු උණ්ඩ,කොපු  10 ක් සොයා ගැනීමට  හැකිවිය.

සමන්තුරේ මල්ලාර් ප්‍රදේශයේ අත්අඩංගුවට  ගත්  දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී  මොහමඩ් මන්සුර් මහතාගේ රියදුරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය සමන්තුරේ  මහේස්ත්‍රාත් අධිරණ‍යෙන් ඉල්ලා සිටි අතර දින තුනක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට සමන්තුරේ මහේස්ත්‍රාත් එම්.අයි.එම්  රිස්වි මහතා පොලිසියට නියෝග කළේය.

 

 



අදහස් (2)

අම්පාර සයින්දමරුදු බෝම්බ පිපිරීමෙන් මියගිය අයගේ අවසන් කටයුතු අද

Lasindu Ravishan Friday, 03 May 2019 11:53 AM

හොඳ වැඩක්.

:       91       85

isurandi Sunday, 05 May 2019 08:50 AM

සංවේදී . එත් මොනවා කරන්නද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 2 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 50 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 152 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 727 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 2598 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 735 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site