IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


අයිඑස් ත්‍රස්තයෝ කොංගෝ වැසියන් 15 ක් මරාදමති

අයිඑස් සටන්කාමීන් විසින් කොංගෝවේ නැගෙනහිර මබාවු ප්‍රදේශයේදී පුද්ගලයින් 15 දෙනකු ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
 
කඩු හා කිණිසි වැනි ආයුධ වලින් කපා කොටා මොවුන් ඝාතනය කර ඇති අතර එක් පවුලක සාමාජිකයින් හය දෙනකු ඝාතනය කර ඇතැයි සඳහන් වේ.
 
අසල වනාන්තරයේ වෙසෙන පිග්මි ජනවාර්ගික කණ්ඩායමේ සාමාජිකයින් හත් දෙනකු ද ඝාතනය කර ඇති අතර ඔවුන්ගේ සිරුරු බැඳ දමා උගුර කපා ඇත.
 
ආසන්නයේ සිටි සෙබළුන්ට ගම්මානයට පැමිණීමට පැය ගණනාවක් ගතවූ බවට ගම්වැසියෝ චෝදනා කරති.
 
පසුගිය මාසයේදි කොංගෝ හමුදාව කැරළිකරුවන්ට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව සිදුවූ විශාලම ප්‍රහාරය මෙය බව පැවසේ.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (4)

අයිඑස් ත්‍රස්තයෝ කොංගෝ වැසියන් 15 ක් මරාදමති

Pradeep Sunday, 17 November 2019 02:51 AM

අපි ඉස්ලාම් අන්තවාදය පරාද කළයුත්තේ ඇයි කියා නිතරම පවසන්නේ මෙන්න මේ නිසයි. එය අපට පමණක් නොව මුළු ලොවටම තර්ජනයකි. නමුත් අපි කොතෙක් දුරට ඒවාට විරුද්ධද ? අපේ ඇතැම් ක්‍රියාකලාප වලින් වක්‍රාකාරව ඔවුන්ට අනුබල නොදෙන්නේද ?

:       0       34

සෙනෙවිරත්න Sunday, 17 November 2019 05:11 AM

අන්තවාදය පරාජය කළ හැකිවන්නේ මහජාතිය ලෙස මුස්ලිම් ජනයා මානසිකව පිඩාවට ලක්කිරීමෙන්ද? මුස්ලිම් ජනයාගේ විශ්වාසය දිනාගැනීමෙන්ද? සමාජ මාධ්‍ය වල මුස්ලිම් සහ දෙමළ ජනතාවට කරනු ලබන ගැරහීමෙන් මෙම ජනතාව මහජාතියෙන් වෙන්වීම හැර වෙනත් යහපතක් සිදු නොවේ. ඔවුන්ගේ සාධාරණ ඉල්ලීමක් ගැන කතාකරන නායකයන්ට කරනු ලබන ගැරහීම් මතින් ලබා ගන්නා බලය තවත් අඳුරු යුගයක ඇරඹුම විය හැක.

:       19       1

PradeepSunday, 17 November 2019 06:22 AM

ඇස් කන් ඇරලා රටේ ලෝකේ වෙන්නේ මොනවද කියල බලන්න. ඔය කියන සුලු ජාතීන්ගෙන් මහා ජාතියට සිදුවන හිංසාවන් ඔබලාට නොපෙනීම අභාග්‍යයක්.. අනික මම කියන්නේ පැරදවිය යුත්තේ අන්තවාදය බවයි. එයින් කියන්නේ නෑ මේ අහිංසක සිවිල් වැසියන්ට කරදර හිරිහැර කරන්න ඕන කියලා..

:       0       30

සෙනෙවිරත්න Sunday, 17 November 2019 10:33 AM

අන්තවාදය පරාජය කිරීම ගැන වාදයක් නැත. එසේ වුවද මුව හමට තඩි බෑම නොකළ යුතුය. එමගින් සැකය හා අවිශ්වාසය ඇතිවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ’’ආරච්චි’’ අයිස් සමඟ මාට්ටු
2025 ජනවාරි මස 15 388 0

බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් ජාවාරමේ යෙදුණු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ‘ආරච්චි‘ ව


මාඕ සේතුං ස්මාරකයට ජනපති ආචාර දක්වයි
2025 ජනවාරි මස 15 428 0

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉ


ආණ්ඩුව රටේ ප්‍රශ්න පැත්තකට දාලා රනිල්ට බනිනවා
2025 ජනවාරි මස 15 342 0

ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරමින් සිටීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ම


බාල බෙහෙත් 300 ක් ගැන සී.අයි.ඩී.ය පරීක්ෂණයක් ඉල්ලයි
2025 ජනවාරි මස 15 216 0

මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපර


කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක් ජලය අත්හිටුවයි
2025 ජනවාරි මස 15 337 0

කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට හෙට (16) පස්වරු 6.00 සිට අනිද්දා (17) පෙරවරු 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැ


මත්පැන් -මධ්‍යසාර සඳහා නව ගැසට්ටුවක්
2025 ජනවාරි මස 15 1209 1

මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සු


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 223 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 554 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 305 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site