IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


අයිඑස් සමාජිකයෙකු ඩ්‍රෝන කැමරාවක් සමඟ අත්අඩංගුවට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ  මොහොමඞ් සහරාන් ගේ හා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ දේශන ඇතුළත් සංයුක්ත තැටි  තුනක් සහ අනවසරයෙන් ලඟ තබාගත් ඩ්‍රෝන කැමරාවක් සමඟ අයි එස් අයි එස් සාමාජිකයකු බවට සැකකරන තරුණයකු අද (01) අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පෙලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තිහාරිය කහටෝවිට ප‍්‍රදේශයේ පදිංචිව සිටි කැමරා හා වීඩියෝ ශිල්පියෙකු බව කියන 29 හැවිරිදි තරුණයෙකි. සැකකරු   ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු ඇතුළු දේශපාලන නායකයින් කිහිපදෙනෙකු සමීපව ඇසුරු කර ඇති පුද්ගලයෙකු බවද පොලිසියට තොරතුරු ලැබී ඇත.

රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරුක් අනුව මෙම වැටලීම කර ඇත.

සැකකරු සතුව තිබූ ඩ්‍රෝන කැමරාව මීටර් 500 උසින් කිලෝමීටර් අටක් දුර ගමන් කරවිය හැකි එකක් බවට පොලිසියට තොරතුරු ලබී ඇත.  ලැප්ටොප් පරිගනකයක්ද පොලිස් බාරයට ගෙන ඇති අතර අයි එස් අයි එස් නායකයාගේ ජායාරූප දේශන ආදිය සහිත සංයුක්ත තැටි හයක්ද හමුවූ බව පොලිසිය කියයි.

සහරාන්ගේ දේශන සහිත වීඩියෝවක්ද සැකකරු සතුව ඇති උපකරණවලින් සොයා ගැනීමට පොලිසියට හැකිවී ඇති අතර කාන්තන්කුඩි ප‍්‍රදේශයේ පවත්වන ලද දේශන ගණනාවක් ද මෙහි ඇතුලත් ව තිබූ බව පොලිසිය කියයි.



අදහස් (1)

අයිඑස් සමාජිකයෙකු ඩ්‍රෝන කැමරාවක් සමඟ අත්අඩංගුවට

jayantha Thursday, 02 May 2019 02:32 AM

මේ කට්ටිය අරන් යන්න බැරිද හංගපු බෝම්බ, කඩු වගේ දේවල් හොයන්න ? එහෙම නැතුව නම් මේවට විසඳුම් හොයන්න බැරිවේවි.

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 2 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 51 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 153 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 731 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 2604 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 736 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site