(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව අයවැය කාලයේදී වැඩි කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව සහ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් අයවැය කාලයේදී එහි ක්‍රියාත්මක කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
මේ අනුව පාර්ලිමේන්තුවට පැමිණෙන පිරිස් අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලට( රැපිඩ් ඇන්ටිජන්) ලබන 8 වැනිදා යොමු කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ සාමාජිකයෝද ,අනෙකුත් අනුබද්ධ කාර්ය මණ්ඩලවල සාමාජිකයෝද , පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීහු සහ ආරක්ෂක අංශවල නිලධාරීහුද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට මෙලෙස යොමු කෙරෙති.
මෙම පරීක්ෂණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන 8 වැනිදා උදේ 9.00සිට දහවල් 12 දක්වා පැවැත්වීමට නියමිතය.
සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ උපදෙස් අනුව මෙම පරීක්ෂණ වටය ක්‍රියාත්මක කෙරෙන බව නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කීවේය.
පාර්ලිමේන්තු රැස්වීම් ලබන 8 වැනිදා සදුදා සිට දෙසැම්බර් මස 10 වැනිදා දක්වා නොකඩවාම (ඉරිදා දින හැර) පැවැත්වේ.
මුදල් ඇමැතිවරයා අයවැය යෝජනාවලිය ලබන 12වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර එදින සිට දෙසැම්බර් මස 10 වැනිදා දක්වා අයවැය පිළිබඳ විවාද පැවැත්වෙනු ඇත . අයවැය යෝජනාවලිය පිළිබඳ අවසාන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස 10වැනිදාය.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා
ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අයවැයට මැතිසබයේ ආරක්ෂාව වැඩි කෙරෙයි