IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අයවැය ඡන්දය ගැන අවසන් තීන්දුව ගන්න සන්ධානය 4 වැනිදා රැස්වෙයි

(නාලක සංජීව දහනායක)
 
අයවැය අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කිරීම පිළිබඳ අවසන් තීන්දුව අනිද්දා (4) පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගැනීමට අද (2) පැවැති පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

 
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ජනාධිපතිවරයාගේ හා විපක්‍ෂනායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් හෙට පස්වරු 4.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (2) කොළඹ,මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිලනිවසේදී පැවැත්විණ.
 
පස්වරු7.00 ට පමණ ආරම්භවූ මෙම රැස්වීම පැය දෙකහමාරකට ආසන්න කලායක් පැවැති බවද හෙතෙම සඳහන් කළේය.  



අදහස් (6)

අයවැය ඡන්දය ගැන අවසන් තීන්දුව ගන්න සන්ධානය 4 වැනිදා රැස්වෙයි

smn Wednesday, 03 April 2019 04:08 AM

කවුරු මොනව කළත් අන්තිමට අයවැය සම්මත වෙනවා. කියපු දේවල් සේරම කරන්නට රජයට සිද්ධ වෙනවා….

:       0       3

Neelaka Wednesday, 03 April 2019 05:19 AM

කියපු දේවල් සේරම කරන්න රජයට සල්ලි අච්චු ගහන්න සිද්ධ වෙනවා….

:       0       8

Nissanka Wednesday, 03 April 2019 06:59 AM

මෙයාලට අල්ලපු අත්තත් නැහැ. පය ගහපු අත්තත් නැහැ.

:       4       56

Bamunuarachchi Wednesday, 03 April 2019 08:44 AM

57 ලක්ෂයක් ජනතාවගේ එකම බලාපොරොත්තුව කොක්කෙන් හෝ කෙක්කෙන් මේ අය පරාජය කර මහජන ඡන්දයකට යාමයි. ඒ ගැන සිතා කටයුතු කරන්න.

:       31       115

Nissanka Wednesday, 03 April 2019 09:02 AM

කොක්කෙන් පෙරලන්න ගිහින් තමා බමුණෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පයින් ගහලා එලියට දැම්මේ. අපරාදේ මිනිස්සුන්ගේ තිබ්බ ගෞරවය විනාශ කර ගත්තා. දැන් ඉතින් ආයේ නැගිටිනවා බොරු.

:       211       52

keppetipola Wednesday, 03 April 2019 11:38 AM

තවත් හොඳ හොරෙක්... විදුලිබල ඇමති වෙලා ඉන්න කාලේ පුළුවන් තරම් හැම පැත්තෙන්ම කොමිස් ගහලා කෝටි ගණන් හම්බ කරලා ඕස්ට්‍රේලියාවේ ඉන්න ගෑනිටයි, දූරු දෙන්නටයි හොරෙන් යැව්වා. මෙල්බර්න් නුවර අපාර්ට්මන්ට්ස් අරගෙන පවුලම ඉන්නේ කිසිම රැකියාවක් නොකර හොරකම් කරපු සල්ලිවලින් සුර සැප විඳිමින්. මේවා මඩ ප්‍රචාර නොව සහතික ඇත්තයි. මෙල්බ්ර්න් නුවරට ගියොත් පවුලම ඉන්න හැටි බලා ගන්න පුළුවන්...

:       0       61

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 619 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 174 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 504 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 123 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1742 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site