IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘අයවැය සහන නැත්තන් අරගලයකට යනවා ‘

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම් අයවැයෙන් ඉටු නොකළොත් සියලු වෘත්තීය සමිති එකතු කරගෙන අරගල මාවතට පිවිසෙන බව රාජ්‍ය සේවා සමගි වෘත්තිය සමිති සම්මේලනයේ  සභාපති මැද කොළඹ සජබ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.

දකුණු ඉන්දීය ද්‍රවිඩ චිත්‍රපටි වල දාන සෙල්ලම් දමමින් ජනතාව අන්දන්නේ නැතිව අමාරුවෙන් හුස්ම අල්ලාගෙන සිටින ජනතාවට අයවැයෙන්වත් සහනයක් ලබා දෙන්නැයි ද මුජුබුර් රහුමාන් මහතා කීය.

ව්‍යාපාරිකයන්ට අවශ්‍ය විදියට රටේ ජනතාව හූරා ගෙන කන්න පුළුවන් පරිසරයක් ආණ්ඩුව විසින්ම නිර්මාණය කර ඇතැයි ද ඒ නිසා සමස්ත සමාජයම දැඩි පීඩනයකට ගොදුරු වී ඇතැයිද රහුමාන් මහතා සඳහන් කළේය.

 



අදහස් (13)

‘අයවැය සහන නැත්තන් අරගලයකට යනවා ‘

අප්පුහාමි Sunday, 07 November 2021 02:09 PM

මන්ත්‍රීතුමා 2021.10.29 දින අංක 12/2005 (vlll) චක්‍ර ලේඛයෙන් 2016 පෙර විශ්‍රාම ගත් අයගෙන් රුපියල් 400 හෝ 600 අයකරන ක්‍රමයක් තියෙනවා.. ඉන් විශ්‍රාමිකගේ කලත්‍රයාට හෝ දරුවන්ට ප්‍රථිලාභ කිසිවක් නැහැ... විශ්‍රාම ලත් අයගේ කලත්‍රයා රැකියාවක් නොකළානම් මෙය වැඩක් තියේද? චක්‍රලේඛයේ 15 දිනට පෙර අමනාපය පලකරන්න කිව්වත් දෙපාර්තමේන්තු වෙබ් සයිඩ් එකට යන්නත් බැහැ.. රූපවාහිනී පුවත් කියන්නේ 12 දිනට පෙර අමනාපය දෙන්න කියලා... ඇත්තටම 2016ට පස්සේ විශ්‍රාම ගත් අයගේ විශ්‍රාම වැටුපෙන් භාගයක් පමණ ලබන විශ්‍රාමිකයින්ගෙන් මෙහෙම අයකළාම හරිද?.

:       2       10

Senarath Sunday, 07 November 2021 02:22 PM

මෙයාලට බලය නැතිවුණානම් තමයි සහන දෙන්න මතක් වෙන්නේ.. බලයේ හිටිය අවුරුදු 5 දී රටේ යුද්දෙ තිබුණද? එහෙම නැතිනම් කොරෝනා වසංගතය තිබුණද? ඒ වුණාට ඩොලර් බිලියන 7 ණය කන්ද 13 දක්වා වැඩිකළා... ඒ මදිවට හම්බන්තොට වරායත් විකුණලා ඩොලර් බිලියනයක් ගත්තා.

:       7       43

fairoosSunday, 07 November 2021 03:18 PM

සෙනරත් වගේ වහල්ලු ඉන්නකම් රටට අබ සරණයි.. සර් මෙච්චර ෆේල් වෙලත් බයියෝ කියනවා සර් පාස් කියලා..

:       17       10

asankaSunday, 07 November 2021 07:37 PM

සර් ම කිවුවත් මම ෆේල් යකෝ කියලා ,මේ වහල්ලු නෑ සර් කියනවා .මුන් නම් මිනිස්සු නෙවේ අර්ධ වානරයෝ

:       0       1

BamunuarachchiSunday, 07 November 2021 08:55 PM

මේ හාදයා ගම්මිරිස් මල්ලත් අරන් තොලොංචි වෙලා යන්නේ නැතුව සිංහල අපේ කතාවලට හොටදානවා...

:       3       5

BamunuarachchiSunday, 07 November 2021 08:58 PM

හලෝ අපිට පව් නොදී ගම්මිරිස් මල්ලත් අරන් ආපු විදිහට පීනලා යන්න. එළු රංචුව බලන් ඉන්නවා එනකන්...

:       3       5

ajithSunday, 07 November 2021 10:38 PM

රටේ ජනතව රටට දේශපාලන වෙනසක් ඉල්ලන අවස්ථවේ අය වැයට විරුද්දව සමගි ජනබලවේගය පාරට බහිනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැත. ජනතාව ඉන්නේ බඩගින්නේ ඉතාම අමාරු තත්වයක පැය ගණන් පෝලිම්වල එහෙම ඉදලා මෙදා සැරේ දෙනවා බැටේ කියල හිතාගෙන ඉන්නේ. එමනිසා පාරට බැස්සත්, ගෙවල් ගානේ ගියත් හැමෝටම හෙල්මට් එකක් පළදින්න අනිවාර්යකරන්න අමතක කරන්න එපා.

:       0       1

ChinthakaMonday, 08 November 2021 09:52 AM

අරාබිය අරාබියටම අදිනවා....

:       0       0

Raveendra Sunday, 07 November 2021 02:26 PM

රහුමාන් ගොයියෝ... අන්න අර පැත්තේ "වජිරය" දෙනවා ඇට්ටි හැලෙන්න.. පැය 48න් ගෑස් මිල අඩුකරනවා කියලා.. ඔයාලා නිකන් හිටියොත් මුළු රටම වජිරයාගේ කීමට හෙටම රනිල් ඇම්ඩට රට බාරදෙයි. එතකොට ඔයාලට උඩබලාගෙන තමයි ඉන්න වෙන්නේ... ඔයාලා කියන අපිට රට බාර දෙන්න අපි ගෙවල්වලටම නිකං ගෑස් දෙනවා කියලා... මොනවා හරි කියන්න ඔය විකාර අරගල ගැන කතා නොකර.. කරන නොකරන එක පසුවනේ තීරණය කරන්නේ "වෙනදා වගේම"...

:       7       34

Bamunuarachchi Sunday, 07 November 2021 05:15 PM

ඈ... මේ රටේ ජීවත් වෙන්නේ රජයේ සේවකයෝ විතරද? ඔයා කියන්නේ පුද්ගලික සේවයෙන් ජනතාව උපයන වැටුපෙන් රජයේ සේවකයි නඩත්තු කරන්න කියලාද? 2014 රටේ ආදායමේ හැටියට මහින්ද මහතා රජයේ සේවකයින්ට වැඩිකළේ රුපියල් 3000යි. ඔබලා කලේ ගොබ්බකමට රුපියල් 10000 කරලා රටම අමාරුවේ දැම්මා. කෝ ඡන්දේ හම්බ වුණාද? දැන් නුඹලා රටෙන් තොලොංචිවෙලා යන්න කාලේ හරි.

:       9       14

ගමේ එකාලාMonday, 08 November 2021 02:19 AM

බමුණට පුදුම කෝන්තරයක්නේ තියෙන්නේ මුස්ලිම්වරුන් ගැන... මහාබ්‍රහ්මයාගේ මුඛයෙන් වෙන්ඩැති ඉපදිලා තියෙන්නේ...

:       0       1

BamunuarachchiTuesday, 09 November 2021 09:03 AM

ඒක අද ඊයේ ඇති වෙච්ච දෙයක් නොවෙයි. පාසල් කාලයේම ඇති උන දෙයක් හේතුව අපිට ඒ කාලේ ගුරුවරු කියලා දුන්න. ඒ අයගෙන් ලෝකෙට රටට වෙන නස්පැත්තිය දැකල කියවලා ඇති කර ගත්ත වෛරයක්. පාස්කු ප්‍රහාරය ඉන් එකක්. අපි නිහඬ උනොත් ඔතනින් නවතින්නේ නැහැ.

:       0       1

Foreign Tuesday, 09 November 2021 10:13 AM

විශේෂයෙන්ම විධායක ශ්‍රේණියෙන් පහළ රාජ්‍ය සේවකයන් පෞද්ගලික අංශයේ වැටුප්වලට වඩා පසුගිය රජයෙන් ලැබූ රුපියල් 10000/- වැටුප් වැඩිවීමෙන් පසුවත් ලැබෙන්නේ දුර්වල වැටුපකි. ඔවුන්ට උසස්වීම් ක්‍රමයක් ද නැත. ඒ අයට වාහන ණය නැහැ. ඔවුන්ට සැලකිය යුතු වැටුප් වැඩිවීමක් ලැබිය යුතුය, එසේ නොමැතිනම් ඔවුන්ගේ පවුල්වලට දැඩි බලපෑමක් එල්ල වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 2 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 117 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 204 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 145 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 263 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 124 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site