IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


අයිස් මත්ද්‍රව්‍ය ගිල්ල සැකකරු මරුට

 (බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

පිලියන්දල පොලිසිය මගින් කරදියාන ප්‍රදේශයේදී ඊයේ  (7) රාත්‍රියේ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ගිලීමෙන්  මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි 

මියගොස් ඇත්තේ මොරටුව  ලක්ෂපතිය මහා විහාර පාර  කනගරත්න පෙදෙස පදිංචිව සිටි ඉරෙශ් උදයංග 37 එක් දරු පියෙකි 

පුද්ගලයන් සිවුදෙනකු ත්‍රීරෝද රථයකින් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා කරදියාන ප්‍රදේශයට පැමිණ සිටින බවට පොලිසියට ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරීන්  මග රැක සිට  ත්‍රිරෝදය කරා පැමිණෙමින් සිටි මියගිය පුද්ගලයා මුලින්ම අත්අඩංගුවට ගෙන අනතුරුව ත්‍රීරෝද ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයන් තිදෙනෙක් ද ත්‍රි රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය කියයි.

සැකකරු එම අවස්ථාවේ සිදු කළ පරික්ෂාවේදී  ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 500 ක් විද්‍යුත් තරාදියක් මෙන් ම  තීරෝද රථ රියැදුරු සන්තකේ  රුපියල් 70,000 ක මුදලක් ද   ද  සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි .

ඒ අනුව පුද්ගලයන් සිව්දෙනා සිව් දෙනා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය කරා රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා මියගිය පුද්ගලයා කරදියාන ප්‍රදේශයට රැගෙන යාමේදී  එම   පුද්ගලයා කලන්ත ගතියක් පවතින  පොලිස් නිලධාරීන් හා පවසා තිබූ බව  පොලිස් නිලධාරියකු පැවැසීය 

ඒ අනුව  වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම  පුද්ගලයා පිලියන්දල  රෝහල වෙත රැගෙන ගොස්   වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට සේලයින් ද ලබාදී  පරික්ෂා කර බැලීමෙන් අනතුරුව  කිසිදු රෝගී තත්වයක් නොමැති බවට පැවසීමෙන් අනතුරුව  පුද්ගලයා වෛද්‍යවරයා අමතා යමක් පැවසීමට  ඇති බව වෛද්‍යවරයාට පවසා තිබුණි

වෛද්‍යවරයා ඒ පිළිබඳව මියගිය පුද්ගලයාගෙන්  විමසීමේදී  තමන් අයිස් ග්‍රෑම් 5ක් ගිල දැමූ බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව  එම පුද්ගලයාව වහා කළුබෝවිල  රැගෙන යාමෙන් අනතුරුව පැය කීපයක දී ඔහු මිය ගිය බව පොලිසිය කියයි

මියගිය පුද්ගලයා  මීට පෙර මත්ද්‍රව්‍ය සමග පොලීසියට කීප වතාවක්ම අසූ අයෙක් බව ඔහුගේ පෙර වාර්තා පරික්ෂා කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියයි 

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පි සි ආර් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව  අද දින සිදු සිදුකිරීමට නියමිතය  

 



අදහස් (3)

අයිස් මත්ද්‍රව්‍ය ගිල්ල සැකකරු මරුට

ravin Wednesday, 08 December 2021 12:00 PM

ඇයි ආයුධ පෙන්නන්න වැඩේට වඩා මේ වැඩේ ලේසියි වගේ...

:       4       7

RaveendraWednesday, 08 December 2021 02:08 PM

ප්‍රායෝගිකව කිරීමට අපහසු වුවත් හොඳ අදහසක්...

:       1       2

fairoos Wednesday, 08 December 2021 12:37 PM

කොරෝනා එන එකම නවතාගන්න බැරි ආණ්ඩුව කුඩු ගේන එක කොහොම නවත්වන්නද?

:       7       8

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 82 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 826 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 770 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 219 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 218 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 866 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site