බැග්ඩෑඩ්හිදීය (රොයිටර්)
අයි.එස්. සංවිධානය ඉරාකයේ දී සහ සිරියාවේ දී පරාජයට පත්වුවත් එම සංවිධානය තවමත් ලෝකයට තර්ජනයක් යැයි ඉරාක අගමැති අබ්දුල් මහ්දි මහතා පැවැසීය.
ඉස්ලාමික් ස්ටේට් හෙවත් අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩී පෙනී සිටින වීඩියෝ පටයක් නිකුත් වීමෙන් පසුව ඉරාක අගමැතිවරයා අඟහරුවාදා (30) එම කරුණු සඳහන් කළේය.
එම වීඩියෝව රූගත කර ඇත්තේ දුර ඈත පිහිටි ප්‍රදේශයකදී යැයි ද ඉරාක අගමැතිවරයා කීවේය. කෙසේ නමුත් ඉරාක අගමැතිවරයා එම ප්‍රදේශ අයත් රට කුමක්දැයි සඳහන් නොකළේය.
අයි.එස්. සංවිධානය ඔවුන්ගේ නායකයා පෙනී සිටින වීඩියෝ පටය මාධ්‍යයට නිකුත් කරන ලද්දේ වසර පහකට පසුවය.
මෙම වීඩියෝ පටයේ අව්‍යාජ බව හෝ සත්‍ය බව හෝ එය රූගත කළ දිනය හෝ මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නැත.
අයි.එස්. නායකයා මෙලෙස වීඩියෝ පටයක් ඔස්සේ පෙනී සිටීමෙන් එම සංවිධානයේ අනුගාමිකයන් සහ සටන්කාමීන් උන්නදු කරනු ඇති බවත් ඔවුන් තව තවත් ප්‍රහාර එල්ල කරනු ඇති බවත් ඉරාක අගමැති අබ්දුල් මහ්දි මහතා පැවැසීය.
“බැග්ඩෑඩී ඉන්න ස්ථානය පිළිබඳ බුද්ධි තොරතුරු අපිට කියන්න බැහැ. එහෙත් ඔහු ඉන්නේ තරමක් පිරිසර ප්‍රදේශයක. එය පැහැදිලි” යැයි බර්ලින් නුවරට පැමිණ සිටින ඉරාක අගමැතිවරයා කීවේය.
“දයිෂ් (ඉස්ලාමික් ස්ටේට්) සංවිධානය පුංචි සංවිධානයක් නෙමෙයි. එය ලෝකයේ හැම තැනම ව්‍යාප්ත වෙලා. ඔවුන් ඔවුන්ගේ සටන්කාමීන්ගේ විශ්වාසය දිනාගැනීමටත් ඔවුන් උනන්දු කරවීමටත් කටයුතු කරමින් ඉන්නවා. ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරයත් ඒ වගේ ප්‍රහාරයක්. කොහොමවුණත් අයි.එස්. සංවිධානයෙන් තිබෙන තර්ජනය විශාල ප්‍රමාණයකින් අඩුවෙලා තිබෙනවා” යැයි ද ඔහු කීවේය.
ශ්‍රී ලංකාවට ප්‍රහාර එල්ල කළේ බගූස්හිදි තම සාමාජිකයන් මරුමුවට පත්වීමට පලිගැනීමක් ලෙස යැයි විනාඩි 18 ක් පුරා විකාශනය වන එම වීඩියෝ පටයේදී අයි.එස්. නායකයා පැවැසීය.
055
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
ශ්රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා
ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘අයි එස් සංවිධානය තවමත් ලෝකයට තර්ජනයක්’