(යොහාන් භාසුර සහ තිලකරත්න දිසානායක)
ඉන්දියන් ඕයිල් සමාගම (අයි.ඕ.සී) ඩීසල් සහ පෙට්‍රල් රුපියල් පහකින් මිල වැඩි කිරීමත් සමඟ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව තව දුරටත් ඉහළ යන බවත් සංස්ථාවට රුපියල් පහක මිල ඉහළ දැමීමක් ප්‍රමාණවත් නොවන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ මහතා පැවසීය.
ලෝක වෙළෙඳපලේ තෙල් මිල ඉහළ යෑම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්තෝබර් මස සිට ඩීසල් ලීටරයකින් රුපියල් 37.45 ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 23.19 ක අලාභයක් ලබන බව කී සුමිත් විජේසිංහ මහතා ලෝක වෙළෙඳපලේ ඔක්තෝබර් 01 වැනිදා වන විට ඩොලර් 85.80 ක පැවැති පෙට්‍රල් බැරලයක් 99.30 ක් දක්වා ද, ඩොලර් 88.52 ක්ව පැවැති ඩීසල් බැරලයක් 97 ක් දක්වා ද ඉහළ යෑමෙන් සංස්ථාවේ අලාභය තවත් ඉහළ ගොස් ඇති බව ද සඳහන් කළේය.
ඉන්ධන මිල කොපමණ ප්‍රමාණයකින් ඉහළ දමනවාද යන්න රජය දැන් තීරණය කර ළගදීම තීන්දුවක් ගනු ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල වැඩිවීමක් බලාපොරොත්තුවෙන් සිටින බවත් සුමිත් විජේසිංහ මහතා කීය.
අයි.ඕ.සී. එකෙන් වැඩි මිලට ඉන්ධන ලබාගැනීමට ජනතාව නොයෑම හේතුවෙන් ඔවුන් සපයන සියයට 10 ක පමණ ප්‍රමාණයෙන් කොටසක් ඛනිජ තෙල් සංස්ථාවට සැපයීමට සිදුවන බව කී සුමිත් විජේසිංහ මහතා පැවසුවේ අයි.ඕ.සී. පෙට්‍රල් ලීටරයකින් රුපියල් 20 ක් සහ ඩීසල් ලීටරයකින් රුපියල් 40 ක පාඩු ලබන්නේ යැයි පවසා රුපියල් 5 ක් වැඩි කිරීම කළමනාකරණය කර ආකාරය පිළිබඳව ප්‍රශ්නයක් ඇති බවත්ය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තෙල් තොග තිබීම නිසා හිඟයක් නොමැති බවත් සැලැස්මකට අනුව කාලය සිට කළ ආකාරයට ගබඩා පහසුකම් අනුව තෙල් නැව් ගෙන්වාගනිමින් සිටින බවත් සභාපතිවරයා කීය.
රජය සහ අයි.ඕ.සී. සමාගම අතර පවතින ගිවිසුමට අනුව ඔවුන්ට මිල වැඩි කිරීමේ හැකියාව ඇති බවත් මීට පෙරත් ඔවුන් එසේ මිල වැඩි කර ඇති බවත් සුමිත් විජේසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.
ලංකා ඛනිජ තෙල් සංස්තාවට අයත් ඉන්ධන හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණු අයුරු (තිලකරත්න දිසානායක)
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අයි.ඕ.සීය තෙල් මිල වැඩි කිරීමෙන් සිපෙට්කෝවේ පාඩුව ඉහළට
PRIYANTHA Friday, 22 October 2021 04:07 PM
ලීටරය රුපියල් 500කින් විතර වැඩි කරලා බලන්න හරියයිද කියලා...
Bandara Friday, 22 October 2021 04:12 PM
ඉන්න හිතෙන රටක්!!! පාස්පෝට් දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාලවලින් පාස්පෝට් ගන්න ඉන්න මිනිස්සු තොගය දැක්කාම ඒක පේනවා....
Nuwan Friday, 22 October 2021 04:56 PM
දැන් රටේ මිනිස්සු ණයටද මෙච්චර කල් තෙල් ගැහුවේ... වාහන වලට..?
BamunuarachchiSaturday, 23 October 2021 07:45 AM
නැහැ... දුප්පත් මිනිහගේ බදුවලින් ආණ්ඩුව තියෙන මිනිහගේ වාහනවලට පිනට තෙල් දුන්නා. පව් නේද...?
Dewa Friday, 22 October 2021 05:05 PM
මේකත් කරන්නේ කපටි ප්‍රයෝගයකින් සහ ආණ්ඩුවේ නොහැකියාවෙන්...
BamunuarachchiSaturday, 23 October 2021 07:41 AM
හැකියාව තිබෙන කාලේ හැකියාව තිබෙන මිනිස්සු කිසිවක් රටට කළේ නැහැනේ. කියන්න යහපාලකයින් ගිය අවුරුදු 5දී කරපු දෙයක්...
Lalith M Friday, 22 October 2021 05:16 PM
ප්‍රධාන ප්‍රශ්නය මහජන ප්‍රවාහන සේවය නැතිව මිනිස්සු පුද්ගලික වාහන පාවිච්චිය... බස් කෝච්චි ධාවනය පටන්ගන්න. තෙල් පරිභෝජනය අඩුවෙනවා...
ගජමිතුරු Saturday, 23 October 2021 06:20 AM
අයි ඕ සී වැඩි කළාම සිපෙට්කෝ වෙළඳාම වැඩිවෙනවා.. අයි .ඕ.සී අඩුකළා නම් සිපෙට්කෝ වෙළඳාම අඩුවෙනවා. දැන් වෙලා තියෙන්නේ.. අයි.ඕ.සී වැඩිකිරීම සංස්ථාවට පාඩුවෙන්නේ කොහොමද?
Bamunuarachchi Saturday, 23 October 2021 07:39 AM
දැන් තරගයක් තිබෙනවා. ලාබෙට පැට්‍රල් ගන්න කැමති අය ලංකා ඉන්ධන ෂෙඩ් වලට යාවි. එතකොට ලංකා පැට්‍රල් ෂෙඩ්වල ටර්නෝවර් එක ඉහළ යාවි. අරයා වැඩි ගානට දුන්නා කියලා මට පාඩු වෙන්නේ කොහොමද? ඒ කියන්නේ අරයා අඩු මුදලට දුන්නොත් මට ලාබද? කාවද ගොනාට අන්දන්නේ..?