IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අය වැය පියවන්න කෝටි තුන් ලක්ෂයක ණය ගනී

(අජන්ත කුමාර අගලකඩ)

ලබන වසරේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා දේශීය හා විදේශීය මූලාශ්‍ර වලින් රුපියල් කෝටි තුන්ලක්ෂ දහඅට දහස් හාරසියයක ණය ලබා ගැනීමට රජය අපේක්ෂා කරයි .

ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට හෙට (27)ඉදිරිපත් කරනු ලබන අතර, මෙම ණය ලබා ගැනීම් යෝජනාව ද ඊට ඇතුළත් කර ඇත .

රජයේ වියදමට වඩා ආදායම අඩු වීම හේතුවෙන් මෙම ණය මුදල් ලබා ගැනෙනු ඇත . ලබන වසරේ සමස්ත පුනරාවර්තන වියදම රුපියල් කෝටි දෙලක්ෂ අසූ හත් දහස් අටසියයක් පමණ වන අතර ,ප්‍රාග්ධන වියදම රුපියල් රුපියල් කෝටි දෙලක්ෂ පනස් පන්දහසක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත.

ඒ අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම රුපියල් කෝටි පන්ලක්ෂ දහ තුන් දහස් හාරසියයක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

 



අදහස් (21)

අය වැය පියවන්න කෝටි තුන් ලක්ෂයක ණය ගනී

Ruhunu Monday, 27 September 2021 12:16 AM

මම හිතුවේ ආපු විදියට හොද මොල කාරයෙක් කියලා. බැලුවම පුස් වෙඩ්ල්ලක්නෙ.

:       0       19

Sriland Monday, 27 September 2021 01:43 AM

මෙහෙම ණය අරගෙන ගෙවන්නේ කවුද.?

:       0       17

Saman Monday, 27 September 2021 01:52 AM

මම හිතුවට වඩා නම් අඩුයි මේ පාර අයවැය හිඟය.

:       13       3

gamage Monday, 27 September 2021 03:16 AM

එහෙම තමයි මොළ හතකින් වැඩ කරනකොට. එක මොලයක් තියෙන අපිට ඕවා තේරෙන්නේ නැහැ.

:       0       18

සද්ධා Monday, 27 September 2021 03:56 AM

ඔය අය වැය හිඟය අඩු කරන්න ලේසිම ක්‍රමය තමයි මහා බුරුතු පිටින් ඉන්න දේශපාලකයන් සහ පිරිවර, ප්‍රාදේශීය සභා සෙට් එකේ නඩත්තුව සඳහා යන වියදම අවූරුද්ද 2 ක් පමණ කපලා දාන එක.

:       0       18

Demuni Uduwara Monday, 27 September 2021 04:35 AM

පදනමක් නොමැතිව බදු ප්‍රතිශතය අඩු කළ ජනාධිපතිවරයාගෙන් පැහැදිලි කිරීමක් සඳහා අමතන්න.

:       0       16

Nandalal DE SILVA - France Monday, 27 September 2021 04:37 AM

ඔව් ඉතින් ඔය කොටි තුන් ලක්ෂයක ණය ආපහු ගෙවන්නේ...

:       0       11

C.K.Lankaputhra Monday, 27 September 2021 06:45 AM

නිකං විහිලුවට කියන්නේ, ඔය සෙට් එකේ හා රජ පවුලේ කටියගේ දවසක වියදම එකකතු කරල දැම්මොත් ඔය ගත්තයි කියන ණයෙන් භාගයක්ම උනමනාවක්ව තියනවා නං ආපහු ගෙවල දාන්නත් පුලුවන්. ඒක විහිලුවක් උනත් හැබෑවටම වෙන්නෙ ගත්ත මුදලෙන් වැඩි කොටසක් මාටියා ගහන එකයි.

:       1       20

nalin Monday, 27 September 2021 06:55 AM

එන්න අපි තව ජොගින් ට්‍රැක් හදමු.

:       0       21

දාස Monday, 27 September 2021 07:05 AM

ඔගොල්ලො හැමදාම කලේ ඔක නේ, රට බංකොලොත් උනාට, ඔගොල්ලො කොටි පතියො වුනා, ඉදිරියටත් ඔහොමම තමයි.

:       0       18

Don Monday, 27 September 2021 07:53 AM

වැඩක් කරන්නේ නැති රජයේ සේවයට අධික ලෙස වරප්‍රසාද දුන්නම ඔහොම වෙනවා.

:       1       24

Anura Monday, 27 September 2021 08:02 AM

කොච්චර ආදයම් අඩු උනත් , වියදම් පියව ගන්න මුදල් නැති උනත් , කොරෝන කාලෙදිම පිහිටුවාගත්ත වැඩකට නැති මෙගා කැබිනට් මණ්ඩලය නම් අඩු කරන්නේ නැහැ මේ අය කවදාවත් , ජනතාවට පුළුවන් තරම් ඒ බර පට වන එක විතරයි කරන්නේ.

:       0       22

Anura Monday, 27 September 2021 08:32 AM

දුප්පත් කෙනෙකුගේ මාසික වැටුප 50 000 ක් 60 000 ක් වගේ. ඒත් සමහර අයහේ මාසික වැටුප ලක්ෂ 3 කටත් අධිකයි. ඉතින් මෙතරම් විෂමතාවයක් පැවතීම සාධාරණ නැහැ නේද? අධික ආදායම් ලබන අයවරුන්ට අධික බදු පනවා එම බදු අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල පහත දැමීමට හා අයවැය පරතරය අඩු කිරීමට යොදා ගෙන දුප්පතාට සහනයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.

:       4       15

sunethMonday, 27 September 2021 09:07 AM

ඔව් ලක්ෂ 3 කට අධික මාසික වැටුපක් ගන්න කෙනෙක්ගෙන් මාසිකව බදු ලෙස රුපියල් 50 000ක් ගත්තත් ඔහුට දැනෙන්නේ නැත. ඉතින් මේ රුපියල් 50 0000 ක බදු මුදල දුප්පතුන් කී දෙනෙකුට නම් සහනයක් පිණිස යොදා ගත හැකිද?එමනිසා අදායම් මට්ටම් අනුව අධික අදායම් ලබන අයවරුන්ට අධික බදු පැනවීම කළයුත්තකි.

:       5       7

Saman Monday, 27 September 2021 08:39 AM

අපෝ ඔච්චරද ගත්තේ තව ලක්ෂයක් ගන්න බෙදාගන්නත් එක්ක.

:       0       17

Rohana Monday, 27 September 2021 08:39 AM

මේව ඔක්කොම ආපසු ගෙවිය යුතු ණය නිසා කවද ගෙවලා ඉවර කල හැකි ණය කන්දරාවක්ද ? පහසුම ක්‍රමය නම් ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ඇතිව ඩොලර් අච්චු ගැසීමේ කර්මාන්ත ශාලාවක් ඇරඹීමයි. උත්සාහ කලොත් බැරිවෙන එකක් නැහැ.

:       0       12

Asanga Monday, 27 September 2021 08:42 AM

ඔබතුමාව පත්කරගත්තේ ඔහොම කරගන්න තමයි.

:       0       16

samantha Monday, 27 September 2021 10:11 AM

දැනුමට සුදුසු වටිනාකමක් තිබීම සත්‍යකි.. දුප්පතෙක් දවසම මහන්සි වී දිනකට උපයන රුපියල් 2000ක් වගේ මුදලක් තවත් අයෙක් විනාඩි දෙකෙන් වගේ උපයනවා. දොස්තර කෙනෙක්ගේ චැනල් ගාස්තු ඒ වගේ.. ඉතින් මෙතරම් විෂමතාවයක් තිබීම සාධාරණයිද? එම නිසා අදායම් මට්ටම් අනුව වැඩිවන පරිදි බදු වැඩිකර එම මුදල් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පහත දැමීමට යොදා ගෙන දුප්පතාට සහනයක් ලබාදීම සුසුදුයි.

:       0       1

fairoos Monday, 27 September 2021 12:20 PM

කෝ අපේ බයියෝ... සර්ට කඩේ යන්න එන්නැද්ද?

:       0       1

Asanga Monday, 27 September 2021 07:15 PM

හලෝ.. ඔයාලත් කඩේ යන එකනේ කරන්නේ...

:       0       0

ගමේ එකාලා Monday, 27 September 2021 04:28 PM

69 ලක්ෂයේ සිහින සැබෑ කරලා,සෞභාග්‍යයේ දැක්ම පෙන්වන්ඩ වෙන්ඩැ ණය ගන්ඩ හදන්නේ? ඊට වැඩිය පිටරට හන්ගපුවා,පවුලේ අයගේ නම් වලින් දාපු ගිණුම් වලත් මුදල් නෑ කියලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 41 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 52 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 745 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 207 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 620 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 143 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site