(කාංචන කුමාර ආරියදාස)
මාතලේ පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිඔරුව ග්‍රාම සේවා වසමට අයත් ගම්මාන රැසකට අලි කඩාවැදී, පොල් ගස් දහසකට අධික ප්‍රමාණයක් දින තුනක් ඇතුළත විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
වසරකට සැරයක් වන අලින් කණ්ඩායමක් මෙම ප්‍රදේශයට කඩා වැදී මෙයාකාරයෙන් පොල්, කෙසෙල්, ඉඟුරු, එළවළු වර්ග විශාල ප්‍රමාණයක් විනාස කරන බව කියන ඔහු මේ වනතුරු කිසිදු බලධාරියෙකුගේ අවධානය ඊට යොමුවී නැතැයිද පෙන්වා දෙති. වෙළෙඳපොළේ වැඩි වටිනාකමක් ඇති කෝලිකුට්ටු ,පුවාලු ,ඇම්බන් ආදී කෙසෙල් වගාව අලි විනාශ කර ගොසිනි.
මෙම වන අලි කණ්ඩායම තම ප්‍රදේශයට කඩා වදින්නේ මොරගහ කන්ද රක්ෂිතයේ සිට බවද ඔවුහු සඳහන් කරති.
ගම්මිරිස්, කෝපි, බුලත්, ඉඟුරු ආදී වගාවන් රැසක් කරන ජනතාවක් මෙහි සිටින බවත් ගම්මිරිස් වලට මිල නොමැති නිසා බොහෝ ගොවීන් ගම්මිරිස් වගාව අතහැර වසර කිහිපයක සිටම පොල් වගාවට හුරු වී ඇති බවත් ඔවුහු කියාසිටිති.
පළමු වරට පල දරමින් ඇති මෙම පොල් වගාවේ ගොබ ඇද දමා විනාශ කර ඇති අයුරු ගොවීන් පෙන්වා දුන් අතර එක් ගොවියකුගේ පමණක් පිදීමට ආසන්නයේ පැවති පොල් අක්කර එකහමාරක පමණ ප්‍රමාණයක් එක රැයකින් විනාශ කර ඇති අයුරු ද ඔහු පෙන්වා දුන්නේය.
වසරකට වතාවක් මාසයක පමණ කාලයක් තම ගම්මානවල රැඳී සිටින මෙම වන අලි කණ්ඩායම විශාල පාඩුවක් සිදු කර ගම හැර යන බවද වෙනත් කාලවලදී වනජීවී නිලධාරීන්, ග්‍රාම නිලධාරිවරයා ප්‍රදේශවාසීන් හා එක්ව එම වන අලින් පලවා හැර එම මාසයක කාලය තුළ ගම ආරක්ෂා කර ගන්නා බව පැරැන්නෝ කියති.
එහෙත් වර්තමානයේ මෙවැනි කිසිදු ක්‍රමවේදයක් ගම තුළ ක්‍රියාත්මක නොවීම නිසා දැඩි දුෂ්කරතා මධ්‍යයේ වගා කරන ලද දීර්ඝ කාලීන බෝග මෙයාකාරයෙන් විනාස කිරීම නිසා තමන්ගේ ආර්ථිකයට ද දැඩි හානි සිදුවන බව පල්ලෙපොල කිරිඔරුව ප්‍රදේශයේ ගොවීහු පෙන්වා දෙති.
රටටම බලපාන මෙම බරපතළ ආර්ථික හානිය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කොට පොල්ගස්වලට යම්කිසි සාධාරණ වන්දි මුදලක් හෝ ලබා දෙන්නැයි ඔවුහු රජයට යෝජනා කරති.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අලි කඩා වැදී පොල් ගස් 1000ක් වනසති