(ඉන්දිකා රාමනායක)
පාකිස්ථානයේ සිට අල කන්ටේනරයක කෘත්‍රිම අල ගෙඩි තුළ බහා හොරොයින් කිලෝ කිලෝ 99 1/2 ක ප්‍රමාණයක් මෙරටට එවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කන්ටේනරය මෙරටට ගෙන්වු බව කියන සමාගමේ හිමිකරු සමඟ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
වැල්ලවත්තේ පදිංචි මෙම සමාගමේ හිමිකරු සමඟ ඔහුගේ පාකිස්ථාන ජාතික බිරිඳ හා දියණිය ද අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර පාකිස්ථාන ජාතිකයකු, මෙම බහාලුම මුදා ගැනීම සදහා පැමිණ පුද්ගලයන් දෙදෙනා, බහාලුමේ ගමන් ගත් දෙදෙනා ද බහාලුම ඉදිරිපසින් පාකිස්ථාන ජාතිකයා සමඟ කුඩා ලොරි රථයෙන් ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු ද වන බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවත්ත, මීගමුව, යටියන, මාරවිල, මිනුවන්ගොඩ, වෙන්නප්පුව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මීට දින කිහිපයකට පෙර මෙම කන්ටේනරය මෙරටට පැමිණ ඇති අතර එය රේගුවෙන් මුදාගෙන වෙන්නප්පුව බලා රැගෙන යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශය හා විශේෂ කාර්ය බළකායේ භට කණ්ඩායමක් විසින් ඊයේ (12) සවස මීගමුව කොච්චිකඬේ ප්‍රදේශයේ දී මෙම කන්ටේනරය අත්අඩංගුවට ගෙන තිබිණි.
මොවුන් මේවා වෙන්නප්පුව ප්‍රදේශයේ ගබඩාවක් බලා රැගෙන ගොස් ඇති බවත් ඩුබායි රටේ සිටින ජාවාරම්කරුවකු විසින් මෙය මෙහෙයවා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (13) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බාර නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාගේ අධීක්ෂණය යටතේ, අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල සේනාරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
අගුණකොළපැලැස්ස ,අබේසේකර ගම ප්‍රදේශයේ තිබී ඝාතනය කර ඇති බවට සැකකෙරෙන තරුණයෙකුගේ මළසිරුරක් අද (13) උදේ හමුවූ බව පොලිසිය කියයි .
මිද්දෙණිය වීරකැටිය මාර්ගයේ ගල්පොත්තයායේදී සිදු වූ තිත්ව ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තවත් සැකකරුවකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංග
රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (10) පැය තුනහමාරකට පමණ ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
ශ්රී ලංකාව ආයෝජන සඳහා ආකර්ෂණීය ස්ථානයක් බව ලොවට කියා පෑමේ කොටස්කරුවකු වීම සිය අපේක්ෂාව බව ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයකට පැමිණි ජාත්‍යන්තර වශයෙන් පිළි
තලවිල සිට මීගමුව දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ත්‍රිරෝද රියක් මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් මවක සහ දියණියන් දෙදෙනෙකු මියගොස් ඇති බ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අල කන්ටේනරයේ හොරොයින් ගෙන ආ 11 අල්ලති
විපරමා Friday, 13 March 2020 11:14 AM
රේගුවෙන් මුදාහරින්න දැන් ඉන්න ඇමති බලපෑම් කෙරුවද කවුද දන්නේ ? එයා ගැන රටම දන්නවා.
නන්නාදුනන හාදයා Friday, 13 March 2020 12:21 PM
ඔව් ඒකම තමයි වෙන්න ඇත්තේ....................
nimal Saturday, 28 March 2020 11:21 AM
මේ මිනිස්සු මේවා ගෙනත් අපේ මිනිස්සුන් ළඟ තියෙන සල්ලි ඔක්කොම සුරගන රටම විනාස කරනවා. අපේ රටේ අනාගතය සම්පුර්ණයෙන්ම කා දමනවා. මේ රට බේරගන්න තියෙන හොඳම විදිය තමයි ඒ අල්ලගන්න මත්කුඩු අධි මාත්‍රාවකින් ඔවුන්ගේම ඇඟට ඇතුල් කිරීම. එවිට එක්කෝ උන් මැරෙයි නැත්නම් සදාකාලිකවම සිහි විකල් බවට පත්වේවි. එසේ නොකර හිරේ දැම්මම එතන ඉඳන් අපේ සල්ලි වලින් කකා තවත් හොඳට එම ජරා වැඩ බයක් නැතිව කරගෙන යනවා. දැන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැති නිසා හිරගෙවල් පුරෝගෙන කන්න දෙන්න ඕනේ නැහැ.