(මනෝප‍්‍රිය ගුණසේකර)
වනජීවී දෙපාර්තමේන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත‍්‍ර නොමැති අලි ඇතුන් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අලි ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකු, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පස් දෙනෙකුට ලබන 26 වැනිදා විශේෂ ත‍්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් එම අධිකරණය අද (16) සිතාසි නිකුත් කළේය.
විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ තෙවැනි නඩුව වශ්‍යයෙන් නීතිපතිවරයා පවරන ලද මෙම නඩුව සළකා බැලූ විනිසුරු මඩුල්ල එලෙස සිතාසි නිකුත් කළේය.
විත්තිකරුවන්ට එරෙහිව විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීම සම්බන්ධයෙන් නීතීපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලැබීම නිසා නීතිපතිවරයා මෙම නඩුව පවරන ලදී.
මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් සිතාසි නිකුත් කරන ලද්දේ අලි ජාවාරම්කරුවකු බව කියන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් ‘‘අලි රොෂාන්’’ වන සංරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ (නීතී) උපාලි පද්මසිරි, එහි අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිණී ප‍්‍රියංගිකා සංජීවනී, උචිත නිශාන් ධම්මික, කේ. චන්දන කුමාර, සෂික චන්දන ගම්ලත් සහ පී.ජී. ජයලත් නමැත්තන්ටය.
2012 ජුනි මස 05 වැනිදාත් 2015 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ නාවල හා බත්තරමුල්ලේදී නීත්‍යානුකූල බලපත‍්‍ර නොමැතිව අලි ඇතුන් සිව්දෙනෙකු ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා 24ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.
වන සතත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ සහ දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා ඇත.
මෙම අලි ජාවාරමට සම්බන්ධ බව කියමින් කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ මහෙස්ත‍්‍රාත්වරයෙකු ලෙස කටයුතු කළ තිළිණ ගමගේ මහතාගේ වැඩ තහනමකට ලක් කළත් මෙම නඩුවෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල කර නොමැත.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ ’’ඉරා අඳුරු පට’’ නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නි
සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උප
ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොල
මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රා
මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්
මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
අලි රොෂාන් ඇතුළු පස් දෙනකුට විශේෂ මහාධිකරණයේ පෙනී සිටින්න සිතාසි