(මනෝප‍්‍රිය ගුණසේකර)
වනජීවී දෙපාර්තමේන්තුවේ තිබු අලි ලියාපදංචි කරන පොත කූට ලෙස වෙනස් කර බලපත‍්‍ර නොමැති අලි පස්දෙනෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අලි ජාවාරම්කරුවකු බව කියන අලි රෝෂාන්, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු 8 දෙනෙකුට එරෙහි නඩුවේ අධිචෝදනා පත‍්‍ර ඔවුන්ට බාරදුන් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නඩු විභාගය අවසන් වනතුරු විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කළේය.
මෙම විත්තිකරුවන්ට මීට පෙර අවස්ථාවකදීත් ඇප නියම කොට ඇති හෙයින් ඔවුන්ට ඇප නියම කරන්නැයි විත්තිකරුවන්ගේ නීතීඥවරුන් ඉල්ලීම් කළත් විත්තිකරුවන්ට ඇප නියම කිරීමට නීතීපතිවරයාගේ අනුමැතියක් නැතැයි කියමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා නඩු විභාගය අවසන් වන තුරු විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කරන්නැයි කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
රටේ වන අලි සම්පත විනාශයට ලක් කළ මෙම ජාවාරම හේතූවෙන් සාමාජීය වශයෙන් කැළබීමක් සිදු වූ හෙයින් මෙම නඩුව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම යෝග්‍ය බව සඳහන් කරමින් ඒ සඳහා අවසර දෙන්නැයි නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව නඩුව විභාග කිරීම සඳහා මෙම ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කෙරිණි.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි (සභාපති) ධම්මික ගනේපොළ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග කෙරේ.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණයෙන් නිකුත් කර තිබු සිතාසි වලට අනුව අධිකරණයේ පෙනී සිටියහ.
විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත‍්‍ර හා ඊට අදාළ ඇමණුම් පැමිණිල්ල විසින් විවෘත අධිකරණයේදී විත්ති පාර්ශවයට බාර දුන්නේය.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් තම සේවා දායකයින්ට මීට පෙර මෙම සිද්ධියටම ඇප නියම කර ඇති බවත් අධිකරණයෙන් නිකුත් කළ සිතාසි වලට අනුව මෙහි පැමිණි ඔවුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.
මේ අවස්ථාවේදී සභාපති විනිසුරු විකුම් කළුආරච්චි මහතා පැමිණිල්ල අමතමින් මෙම විත්තිකරුවන්ට ඇප නියම කිරීමට නීතීපතිවරයාගේ අනුමැතියක් අද්දැයි විමසීය.
ඊට පිළතුරු දුන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා විත්තිකරුවන්ට ඇප නියම කිරීමට නීතීපතිවරයාගේ අනුමැතියක් නැතැයි ද නඩු විභාගය අවසන් වන තුරු ඔවුන් රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කරන්නැයි ද ඉල්ලා සිටියේය.
විත්තිකරුවන්ට ඇප නියම සඳහා අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 450 යටතේ නීතිපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය බව පෙන්වා දුන් විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට ඇප නියම කිරීමට නීතීපතිවරයාගේ අනුමැතියක් නොමැති හෙයින් නඩු විභාගය අවසන් වනතුරු විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කළේය.
මෙම නඩුව අගොස්තු මස 2 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියම කළහ.
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘අලි රොෂාන්’ ඇතුළු විත්තිකරුවන් නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ්
Chanak los angeles Thursday, 25 July 2019 02:24 PM
මේ කාලකන්නියන් මව් ඇතින්නව මරා දමලාලු නේද අලි පැටවුන් අල්ලා ගෙනවුත් මේ ජාවාරම සිදුකර තිබෙන්නේ .. මුන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියොත් අමනුස්සයෝ.....