(සුජිත් හේවාජුලිගේ, ආරියරත්න රණබාහු සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ විවාහවීමේ අවම වයස 18 ක් බවට පත් කිරීම සඳහා පනත් කෙටුම්පතක් කෑගලු දිස්ත්‍රික්කයේ එජාප මන්ත්‍රීනී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය පාර්ලිමේන්තුවට අද (08) ඉදිරිපත් කළාය.
පනත් කෙටුම්පත ඉදිරි දිනකදී විවාදයට ගැනීමට නියමිතය.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක මෙසේ සඳහන් වෙයි.
‘‘මෙරට ළමයින් අඩු වයසින් විවහ වීම වළක්වාලීමේ අරමුණින් සියලු ජනකොටස් සඳහා විවහ වීමේ කෙටුම්පතක් අවුරුදු 18 ක් බවට පත් කිරීම සඳහා වන පෞද්ගලික මන්ත්‍රීවරයෙකුගේ පනත් කෙටුම්පතක් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.එම පනතට අනුව විවහ වීමේ අවම වයස පහත ලෙස සඳහන් වන අතර එය ගැසට් නිවේදනයේ පළ කර තිබේ.
මෙම පනත බලාත්මක වීමෙන් අනතුරුව සිදුකරනු ලබන කිසිඳු විවාහයක් එකී විවාහයකට වයස අවුරුදු 18 සම්පූර්ණ කරනු ලැබ නොමැති නම් වලංගු නොවිය යුතුය.
එමෙන්ම වයස , ජාතිය , ආගම , භාෂාව , කුලය , ස්ත්‍රී පුරුෂභාවය , දේශපාලන මතය , උපන් ස්ථානය වෙනත් ඕනෑම කරුණක් නොතකා සියළු දෙනාම සඳහා සමාන ආරක්ෂාව ශ්‍රී ලංකාව තහවුරු වී ඇති බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
අඩු වයසින් සිදු කරන විවාහය හේතු කොටගෙන ළමයින් ලිංගික අපයෝජනය ඇතුළුව ශාරීරික හෝ මානසික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීම දැක්වීම සඳහා මෙම පනත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කිර තිබේ.
දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර
යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට
කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.
වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අවම විවාහ වයස 18 කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම්පතක්
කාතියාන Wednesday, 08 January 2020 03:39 PM
මෙය ඉතා වැදගත් යෝජනාවක්... විවාහයකට ජාති, කුල, ආගම් අදාළ නොවිය යුතුයි. ඒ වගේම දෙමව්පියන්ගෙන් අවසර ඇතිව අඩු වයසින් කරන විවාහ තහනම් විය යුතුයි.
priyaThursday, 09 January 2020 05:32 AM
“එමෙන්ම වයස , ජාතිය , ආගම , භාෂාව , කුලය , ස්ත්‍රී පුරුෂභාවය , දේශපාලන මතය , උපන් ස්ථානය වෙනත් ඕනෑම කරුණක් නොතකා සියළු දෙනාම සඳහා සමාන ආරක්ෂාව ශ්‍රී ලංකාව තහවුරු වී ඇති බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.“ නමුත් සිංහල අය අතරම උඩරට නිතිය අනුව ඉතා පහසුවෙන් උසාවියකට පවා නොගිහින් දික්කසාද වෙනන් පුළුවන්. පහතරට නිතිය අනුව දික්කසාදයක් ගනනවා කියන්නේ කන කැසිබැව විය සිදුරෙන් අහස බලනව වගේ අමාරු දෙයක්. (සාමාන්‍ය මිනිස්සුන්ට) ඒකෙ තියෙන ඒවා ඔප්පු කරන්නත් අමාරුයි. ගැහැණියට වැඩි වාසි සහගත ලෙසයි නිතිය තියෙන්නේ. එකම රටේ එකම ජාතියකට පවා විවාහ නිති 2 ක් තියෙනවා. බෙදිම එතනම පේනවා. මම කියන්නේ උඩැට අයටත් පහසුවෙන් දික්කසාද වෙනන් තියෙන ඉඩ අහුරනන් කියලා නෙමෙයි. පහතරට අයටත් එසේ රන්ඩු වෙවි එකට ඉන්න බැරිනම් පහසුවෙන් වෙන්වෙන්න හැකි විධියට නිතිය වෙනස් කල යුතුයි කියන එකට. රටටම එකම යල් පැනපු නැති අදට ගැලපෙන නිතියක් ඕනේ.
samanthaThursday, 09 January 2020 07:43 AM
රට අබ ඇටයක්විතර ඇති. නමුත් දික්කසාද නීතිම ගණනනාවක්. උඩරට නිතිය, මුස්ලිම් නිතිය, පහතරට නිතිය, තේසවලමේ නිතියක්. මොන විකාරයක්ද මේ,? එකම රටේ මිනිසුන්ටත් විවිධ විදියට සලකන්නේ? නිතියෙම බෙදිම්.
DhammikaThursday, 09 January 2020 09:03 AM
කසාදෙ කැඩුණු කෙනෙකුට ඒ සම්බන්ද තුරුම්පු විතරමයි පෙනෙන්නේ
Thiw Wednesday, 08 January 2020 03:46 PM
ඉතාම හොඳ යෝජනාවක්.., ප්‍රමාද වී හෝ නිවැරදි දෙය කිරීම ගැන සතුටුයි.
Ruhunu Wednesday, 08 January 2020 04:31 PM
මොන කෙටුම්පතක් ගෙනාවත් වැඩක් නැහැ.
දිමුත්Thursday, 09 January 2020 08:43 AM
.... පනතක් බවට පත් වුනේ නැත්නම්.
Bandara Wednesday, 08 January 2020 05:27 PM
ඉතා හොඳයි
siri Wednesday, 08 January 2020 06:02 PM
මෙම නීතිය රටේ සියලුම දෙනාට බලපාන අන්දමට ක්‍රියාත්මක වීමද වැදගත්. නැත්නම් වෙන්නේ අර " පුංචි පවුල රත්තරං " කියල පටන් ගත්ත වැඩ පිළිවෙලේ අනිත් එක. එක පළාතකට හෝ එක පිරිසකට හෝ වෙනම නීති ක්‍රියාත්මක වෙන එක එච්චර හොඳ දෙයක් නෙවේ.
chandima Wednesday, 08 January 2020 06:38 PM
මිනිසාව මවපු දෙවියෝ නැතිනම් ස්වභාව ධර්මය විසින් විවාහ විය යුතු වයස තීරණය කරලා ඉවරයි. ඒ තමයි ගැහැණු දරුවෙක් වැඩිවිය පත් වෙන වයස. ඒ අනුව අවුරුදු 15 නැතිනම් 16 පසුවෙද්දී විවාහ වුනොත් ඔවුනට ලැබෙන දරුවා දෙමව්පියන් දුබල වීමට කලින් තවත් පරම්පරාවක් බිහිකළ හැකි වැඩිවිය පත් දරුවන් ලොවට දායාද කර දෙනවා. එවිට දෙමව්පියනට ජිවිතයේ සැන්දා යාමය විවේකිව ගතකල හැකි වෙනවා සිය මුණුපුරන් සමග. සමහරවිට තම දරුවන්ට ඒ මුණුපුරන් ඇති දැඩි කිරීමටත් සහය වෙමින්. විවාහ වයස ඉහල දැමීමෙන් මේ සියල්ල කණපිට පෙරළෙනවා.
ranaThursday, 09 January 2020 04:46 AM
මෙවන් අදහස් දරන්නෝ ළමා අපරාධකාරයෝ නේද අවුරුදු 12 සිට වැඩිවියට පත් වෙන දරුවන් ? මේ වගේ කාලකන්නි අදහස් දරන්නෝ ?
AsankaThursday, 09 January 2020 05:24 AM
කරුණාකර ගල් යුගයට යන්න අපට පව් නොදී . මගේ අසල්වසියෙකුගේ දුවණියක් වයස අවුරුදු 8න් මල්වර වුනා. ඔබ වැනි ගෝත්‍රිකටන් කියන විදියට කළොත් මහා අපරාධයක්. මෙවැනි අදහස් පතුරවන්නන් අත්අඩංගුවට ගන්න මනුෂ්‍යත්වයේ නාමෙන්....................
jaramaraThursday, 09 January 2020 06:42 AM
වයස 12 ළමයිටත් 7 පොත පෙන්නන්න එපා කියන අය වැඩ අපි දැක්කා
de silva Thursday, 09 January 2020 12:03 AM
ඉතාම හොඳ යෝජනාවක් , පුරවැසියන් සියලු දෙනාටම අදාල නීතියක් රටක තිබිය යුතුය නැතිනම් රට අවුල් ,
vidya Thursday, 09 January 2020 01:34 AM
මේ අදහස නීති ගත කිරීම ඉතාම වැදගත්ය. අනික් දෙය තමයි , උඩරට කසාද, පහත රට කසාද , මුස්ලිම් නීති කසාද, එකම නීතියක් යටතට ගෙන ආ යුතුය.
lalithm Thursday, 09 January 2020 03:24 AM
ඇත්තටම හරිනම් ඕක වයස 21 කරන්න ඕනේ. අවුරුදු 18 කියන්නේ ඉස්කෝලේ උසස් පෙළ පන්තියේ ඉන්න ළමයින්ගේ වයස. කායික සහ මානසික අතින් තවම වැඩෙන ළමයි. රටේ හැමෝටම එකම නීතිය බලපාන ලෙස වයස 21ත අඩු අයට විශේෂ හේතුවක් නැතිනම් විවාහ වීම වලකා මෙම නීතිය ගෙනෙනවා නම් යහපත්.
gamlathThursday, 09 January 2020 06:44 AM
ඕකට තව 5 ක් එකතු කරන්න. අපි තාම යුනිවර්සිට්යිවල
ලුම්බිණි Thursday, 09 January 2020 04:28 AM
මම හිතනවා විවාහ වෙන වයස මොකද්ද කියල රජය කියල දෙන්න අවශ්‍ය නැහැ කියලා. අවශ්‍ය වන්නේ පවුල, විවාහය, ළමා ළපටි හදා ගැනීම වගේ දේවල් පිළිබඳව අවබෝධයක් සහ මේවා ගැන තිබෙන වගකීම ගැන තරුණ පරම්පරාවට තේරුම් කර දෙන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමයි. බොහෝ දියුණු රටවල තිබෙන ප්‍රශ්නය තරුණ කාලයේදී විවාහ නොවීමයි.
achariThursday, 09 January 2020 06:48 AM
ඔව්ව මොකක්ද 7 පොතත් පෙන්නන්න එපා කියනකොට
JayaThursday, 09 January 2020 07:52 AM
මේ කොමෙන්ට් එක දැක්කමනම් ඔබතුමාගේ ඔය ලුම්බිණි කියන වෙස් මුහුණ ගැලවිලාම පේනවා.