(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගෙන , ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම තුලින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනු කල පෙත්සම විභාගය ලබන ජූනි මස 06 වැනිදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) දින නියම කලේය.
එම සිදු වීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ12(1),13(1),13(2) විධිවිධාන මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය විය හැකිය යන පදනම මත මෙම පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර අවසර ලබා දී තිබුණි.
මෙම පෙත්සම ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණි.
එහිදී පෙත්සම් විභාගය එදිනට කැදවීමට දින නියම විණි.
ඉකුත් මාර්තු මස 9 වනදා කොළඹ පැවති ජනමාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අසාද් සාලි මහතා වාර්ගික සුහදත්වයට හානි කර ප්‍රකාශ සිදු කළේ යැයි සැකපිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කර තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ අනුව ඔහු නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , පොලිස්පති , රහස් පොලිස් අධ්‍යක්ෂක නිෂාන්ත ද සොයිසා , එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල , මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර , එම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් යන මහත්වරුන් නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා මහතා පෙනී සිටියේය.
නීතිපති වරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අසාද් සාලිගේ අයිතිවාසිකම් පෙත්සම්ට දින නියමවෙයි
Bamunuarachchi Wednesday, 15 December 2021 07:37 PM
ජනතාව මේගොල්ලන්ව ත්‍රස්වාදීන් හැටියට ලේබල් කරලා තිබෙන්නේ.
Bamunuarachchi Thursday, 16 December 2021 08:26 AM
මදෑ මමත් අළුගෝසු ජොබ් එක ලැබෙයි කියලා බලාගෙන හිටියා.
සිල්වා Thursday, 16 December 2021 03:17 PM
ශ්‍රී ලංකාව බලතණ්හාකාරයින් විසින් හතරට බෙදා අවසන්ය. එය යථා තත්වයට පත්කරන තුරු අනාගතයක් නැත...
BamunuarachchiThursday, 16 December 2021 04:03 PM
මිනිසුන්ට මොලේ නැද්ද? බලතණ්හාකාරයෝ, කඩාකප්පල්කාරයෝ, ආගම්වාදියෝ, විප්ලවවාදියෝ හඳුනා ගන්න. එහෙම හඳුනා ගන්න තරම් මොලයක් නැතිනම් රැල්ලකට අසුවී ගහගෙන යනවා. කණ කැස්බෑවා විය සිදුරෙන් එළිය දකින දාට තමයි ඔන්න ඇත්ත දකින්නේ...