IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අසාද් සාලිගේ මෝටර් රථයෙන් ගිනි අවියක්:උණ්ඩ

(ඉන්දිකා රාමනායක සහ නිමන්ති රණසිංහ)

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ උණ්ඩ කීපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අසාද් සාලි මහතා ඊයේ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් අතර ඔහුගේ මෝටර් රථය පොලිස් භාරයට ගෙන පරික්ෂා කිරීමේදී එහි තිබී මෙම ගිනි අවි සහ උණ්ඩ සොයාගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අත්අඩංගුවට ගනු ලැබ ලැබූ අසාත් සාලි මහතා මහතා තස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ තුළ රඳවා තබාගෙන මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

 



අදහස් (24)

අසාද් සාලිගේ මෝටර් රථයෙන් ගිනි අවියක්:උණ්ඩ

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 17 March 2021 02:04 AM

ඔය එන්නේ බළලා මල්ලෙන් එළියට ... ඔහොමම ඉදිරියටම යන්... ඒත්, පාස්කු ප්‍රහාරයට දඬුවම් දීම තමයි සැමගේ බලාපොරොත්තුව. මෙයින් ඡන්ද වාසිගන්න බලාපොරොත්තු නම් තියාගන්න එහෙම එපා. පාස්කු ප්‍රහාරයේ පිහිටෙන් ඡන්ද වාසි ගැනීමට සිතන්න එපා. රටේ ජනතාව අවදි බුද්ධියෙන් ඉන්න.... දේශපාලනය, පක්ෂය, පාට නොබලා වැරදි කරුවන්ට දඬුවම් කිරීමයි ජනතාවට අවශ්‍ය. සිදුවිය යුත්තේද එයයි.

:       9       54

RaveendraWednesday, 17 March 2021 07:37 AM

සහතික ඇත්ත... අපට එක එකාගේ බූරු පක්ෂ මෙන්ම බූරු පාටවල් වැඩකටම නැත. අවශ්‍ය වන්නේ පුරවැසියන්ගේ ආරක්ෂාව, දියුණුව රටේ දියුණුව පමණ බැවින් අපියි... අරක කරේ අපියි, මේක කරේ යන "ගොන් පාට්" අපට නම් කිසිසේත්ම අවශ්‍ය නැත. මහසෝනාගේ පක්ෂය වුණත් රටේ දියුණුව, පුරාසියන්ගේ දියුණුව මෙන්ම ආරක්ෂාව නිසි ලෙස සිදුවන්නේ නම් මල් වට්ටි ඔලුවේ තබාගෙන සුදු රෙදි ඔලුවේ සිට පෙරවාගෙන යන බූරුවන්ට වඩා ඒ "මහසෝනා රටට වැදගත්ය".

:       3       44

විජිත් Wednesday, 17 March 2021 09:52 AM

සමිත, රවින්ද්‍ර, මමත් ඔබලා සමගයි. මට පෙනෙන විදිහට මෙතන යන්නේ වෙන වැඩක්... කොහොම වුණත් අසාද් සාලි එයාගේ වාචාල කට නිසා බෙල්ලටම හිරවුණා. මෙය ආණ්ඩුවේ " ඉතාම බොළඳ " ප්ලෑන් එකක්. ත්‍රස්තයෙක් කවදාවත් ගිනි අවි තමන්ගේ කාර් එකේ තියාගෙන ඉඳීවිද..? ලංකාවේ පොලිසියේ සිටින (ඉතාමත්ම සුළු ප්‍රමාණයක් වන අවංක, දේශපාලුවන්ට කොන්ද නොනමන පිරිසක් හැර..) හොර දේශපාලුවන් ඉදිරියේ දෙකට, තුනට නොව හතරටත් නැමෙන, කොන්ද පණ නැති දූෂිත නිලධාරීන්, කතා මැවීමට පුදුම හැකියාවක් ඇති අයයි. මේ බූරු දේශපාලුවන්ගේ මෝඩ වැඩ නිසා තව සුමානෙකින් පවත්වන ජිනීවා මානව හිමිකම් සමුළුවේ අපිට විරුද්ධ ඡන්ද ප්‍රමාණය තවත් වැඩිවෙන්නත් පුළුවන්... කෙසේවෙතත් මේ සුපුරුදු ගොන් නාටකයේ අවසානය තවත් ලස්සන කරන්න තිබුණා. අනුර සේනානායක හිටියා නම්... එ්ත් පාඩුවක් නම් වෙන්නේ නැහැ. දේශබන්දු හොඳ තිර පිටපතක් හදලාද කියලා අපි බලාගෙන ඉඳිමු. හෙට හෝ අනිද්දා ආණ්ඩුවේ අදිසි හස්තයකින් අසාද් සාලිව " නිවැරදි "කරලා එළියට ගත්තොත් එ්කත් පුදුමයක් නොවේ. පාස්කු ප්‍රහාරයේ ගෝඩ් ෆාදර් රටේ මිනිස්සුන්ගේ ඇස් වහලා බලයට ආවාට කොයිතරම් කාලයක් ඒවා වසාගෙන ඉඳීවිද...?

:       4       20

krishantha Wednesday, 17 March 2021 03:24 AM

අපේ ගිනි අවි අපිට.. ඒවායේ උණ්ඩ එයාලාට..

:       2       29

jayasekara Wednesday, 17 March 2021 05:01 AM

කඩුවක් තිබ්බේ නැද්ද? චීනෙන් ගෙන්වපු.

:       4       57

mihira Wednesday, 17 March 2021 05:16 AM

ඔය මොනවා අහුවුණත් වැඩක් නැහැ. මෙයා අයියගෙයි, මල්ලිගෙයි හොඳ යාලුවෙක්.. ළඟදී පළාත් සභා නැහැ නේද?

:       28       33

Perera Wednesday, 17 March 2021 06:18 AM

බලපත්‍රයක් ඇතිව ගිනි අවි සහ උණ්ඩ තියාගන්න එක වැරැද්දක් නොවේ. බලපත්‍රයක් තියෙනවද? නැද්ද? කියලා නැහැනේ...

:       3       32

anaWednesday, 17 March 2021 08:59 AM

දැන්ම කියලා අපේ ජොලිය නැති කරන්න එපා. සාක්ෂි ප්‍රමාණවත් නැතිව නිදහස් කළාට පස්සේ තියෙන මාධ්‍ය සාකච්ඡාවේදි කියන්න...

:       1       20

C.K.Lankaputhra Wednesday, 17 March 2021 06:47 AM

පලි ගැනීම සහ සංදර්ශන. ඒ වුණාට අපි පලි ගන්නේ නෑ. ඒ වුණාට අපි නම් පිළිගන්නේ නෑ. ඔය පිලිකන්නේ වැඩ...

:       29       18

Senarath Wednesday, 17 March 2021 07:21 AM

මෙයා බුදුපිළිම කඩපු අපරාධකාරයෝ පොලිසියෙන් බේරගන්න ලොකු බොරුවක් කළා. ඔවුන් පොලිසියට ගෙනත් බාරදෙනවා කියලා. පොලිසිය නොමග යවලා ඔවුන්ට පැනගන්න සැලසුවා.

:       2       39

Rata Perata Wednesday, 17 March 2021 07:24 AM

සීනි වංචාව වහගන්න නියම සංදර්ශනයක් දානවා. දැන් ඉතින් අසාද් සාලිගේ ගෙදරින් කුඩුත් හොයාගනියි. දන්නවනේ ලංකාවේ පොලිසියේ වැඩ...

:       7       24

amila Wednesday, 17 March 2021 07:26 AM

සති ගාණක් දීර්ඝ විමර්ශනයකට පසුව හෙළිවෙයි.. ගිනි අවියට බලපත්‍රයක් ඇති බව මේ නාට්‍යය යන අතරේ ඔයාලා සීනි කැලෑ අමතක කරන්න බලන්න.

:       2       25

fairoos Wednesday, 17 March 2021 08:00 AM

මාර වැඩක්නේ වෙලා තියෙන්නේ.. දැන් එක රටක්, එක නීතියක්නේ.

:       4       20

Rasika Wednesday, 17 March 2021 08:21 AM

දේශීය කිසිදෙයක් නැහැ.

:       1       13

සේනක Wednesday, 17 March 2021 08:29 AM

මොන දඩුවම්ද? අපතයින් ටිකක් එකතු වෙලා රට පාලනය කරනකොට ඌරන්ට රජ මගුල්... හෙට අනිද්දා වෙනකොට කියයි. ඒ හම්බ වුණ අවිය, උණ්ඩ සැබෑ එ්වා නෙවෙයි කියලා. අවුරුදු හැත්තෑ තුනක් තිස්සේ මෙි රඟපැම් තමයි කලේ. ඒක අපේ රටේ ඉන්න බත් කන හරක්ට තේරෙන්නේ නැහැ. හැමදාමත් වහල්ලු වගේ තමයි.

:       4       19

බමුණු.Wednesday, 17 March 2021 09:52 AM

එතකොට ඔය කියනවා ඇත්තේ බත් නොකන තණකොළ කන හරක්ට බලය දෙන්න කියලද? ඔය කොයි හරකත් බලය ගන්න කලින් කියන ඒවා බලය ලැබුණාම කරන්නේ නැහැ. ඔයා කියන බත් නොකන තණකොළ කන හරක් රැළ ආවොත්, මීටත් එහා තියෙයි. මේ රටේ කොයි පක්ෂත් එකයි.

:       12       8

siri Wednesday, 17 March 2021 08:33 AM

ඉතුරු ගිනිඅවි සහ උණ්ඩ තියෙන තැන පෙන්වන්න අරගෙන ගියොත් වැඩේ ඉක්මණින්ම කම්මුතු කරගන්න පුළුවන් වෙයි.

:       2       21

බද්රානි Wednesday, 17 March 2021 10:18 AM

ඔහු වරදක් කර ඇත්නම්, චෝදනා ගොනුකර වහාම නඩු පවරා සිර දඬුවම් දීමයි කළ යුතු වන්නේ. අපි බලමු ඉතින් එහෙම නැතිව, බන්ධනාගාර රෝහලෙන් නොමිලේම ප්‍රතිකාර ලබා ගනිමින් එතුමාගේ ලෙඩවලට බෙහෙත් කර ගැනීම සඳහා කැප කරන කාලයක්ද මේ කියලා..? බලමුකෝ ඉතින් ඉදිරියේදී මොකද වෙන්නේ කියලා...?

:       2       11

Bamunuarachchi Wednesday, 17 March 2021 10:44 AM

කාට වෙඩිතියන්න ගියාද දන්නේ නැහැ... දෙකක් ඇනලා අහනකොට කියයි.

:       4       4

BamunuarachchiSaturday, 20 March 2021 06:13 AM

වංශලා කට පාවිච්චි කළේ නැතිනම් ඔහෙලව ඇදන් ගිහිල්ලා දෙකක් අනින්න කියනකොට ඩිස්ලයික් දාලා... දෙකක් මදි ඇති එහෙනම් හොඳවයින් හතක් අටක් අැනලා අහන්නකෝ.

:       0       0

Bandara Wednesday, 17 March 2021 11:45 AM

මට නම් හිතෙන්නේ මේක හොඳින් සැලසුම් කළ දෙයක් කියලයි. ළඟදී ඡන්දෙ තියන නිසා සිංහල ඡන්ද කඩා ගන්න කරන මගඩියක්... ඊට පස්සේ මෙයාගේ අතට සල්ලිත් දීලා ගෙදර යවයි.

:       2       8

Almeida Wednesday, 17 March 2021 11:59 AM

මෙතන කමෙන්ට්ස් දාලා තියෙන කිසිම කෙනෙක්ට මෙහි අන්තර්ගතය තේරෙන්නේ නැහැ. මේ කරන්නේ සීනි, පොල්තෙල් වංචාවන් සහ කැලෑ කපලා ඇණගෙන ඉන්න එකා වෙන පැත්තකට හරවන එක විතරයි. මේවට රැවටෙන්න එපා.

:       2       12

BamunuarachchiThursday, 18 March 2021 02:01 AM

ඔලුව අත ගාලා බලන්න මෝදුවෙලාද කියලා. හලෝ රටේ තිබෙන්නේ සීනි ප්‍රශ්න විතරද? ලාබෙට කන්න ලැබෙනවා නම් රටට හෙනගහලා ගියත් කමක් නැහැ.

:       3       3

BamunuarachchiSaturday, 20 March 2021 06:15 AM

අල්මේදා කෙනෙක්නේ... ප්‍රශ්නයක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 606 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 493 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1722 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site