IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


‘‘අසාද් සාලිට චෝදනා ගොනු කිරීමේ හැකියාව සොයා බලනවා‘‘

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා තබාගෙන සි⁣ටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මාර්තු මස 10 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කල කරුණු සම්බන්ධයෙන් වන විමර්ශනය මේ වන විට අවසන් කර ඇති බවත් , ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමේ හැකියාව සොයා බලන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.

එම විමර්ශන වල උදෘත මේ වන විට නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව ද එය අධ්‍යයනය කිරීමෙන් පසු ඒ පිළිබඳ ඉදිරි පියවර ගන්නා බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දී ඇත.

අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින තමන්ව මුදාහරින නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා මේ බව අධිකරණයට දැන්වීය.

මෙම පෙත්සම එල්.ටී. බී.දෙහිදෙනිය, ගාමිණී අමරසේකර ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී නීතිපතිවරයාට වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මාවනැල්ල බුදුපිළිමවලට පහර දීමේ සිද්ධියට අදාළව අසාද් සාලි මහතා සම්බන්ධයෙන් වන විමර්ශනය තවදුරටත් සිදු කරන බව ය.

එම විමර්ශන වලට අදාලව හිටපු පොලිස්පතිවරයා ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැන්වීය.

 



අදහස් (8)

‘‘අසාද් සාලිට චෝදනා ගොනු කිරීමේ හැකියාව සොයා බලනවා‘‘

mohomed agarapatana Monday, 14 June 2021 03:35 PM

චෝදනා නැතුව නිකන් 400ක් විතර රඳවා තියාගෙන ආණ්ඩුව කරන විගඩම් වලට අත මාරුවක් විදිහට ජී.එස්.පී. නැතිවෙන්න යනවා.

:       31       120

සෙනෙවිරත්න Monday, 14 June 2021 04:05 PM

ඒවායේ හෙනගෙඩිිපාත් වෙන්නේ මේ කට්ටියට කඩේ යන අයටත් එක්ක තමයි...

:       1       37

BamunuarachchiMonday, 14 June 2021 06:33 PM

දින 400 මොකක්ද? දින 40000ක් තියාගන්න ඕනේ....!!!

:       114       3

BamunuarachchiMonday, 14 June 2021 06:41 PM

මොකද GSP ලබා ගන්නේ..?. රටේ ආරක්ෂාවට තිබෙන නීති එන පනත් අයින් කරන්න කියලද කියන්නේ? ත්‍රස්ත මර්ධන පනත තවත් දැඩි කරන්න ඕනේ....

:       287       633

සෙනෙවිරත්න Tuesday, 15 June 2021 12:25 AM

පනත කෑලිවලට කපලා දේශප්‍රේමී සෝස් වල ඔබලා කන්න දෙමු...

:       0       0

fairoos Monday, 14 June 2021 04:05 PM

දැන් අපිට ඉන්ධන මිල වැඩි කරපු එක ගැන අවුලක් නැහැ. අසාද් සාලි ඇතුලෙනේ..

:       167       41

BamunuarachchiMonday, 14 June 2021 06:36 PM

එල්ලුම් ගස් යැව්වා කියන ප්‍රවෘත්තිය දැම්මොත් තෙල්, කොරෝනා ප්‍රශ්න කැලේ...

:       67       390

Gemunu Monday, 14 June 2021 11:46 PM

ආණ්ඩුව හදන්න බයයි. සාලි හදනවට බයේ දොඩවනවා. එක නීතියක් ඉල්ලලා ඡන්දෙ දුන්නු සිංහලයා අනාථයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 292 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 999 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 226 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1704 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2086 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 263 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 203 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site