(සුජිත් හේවාජුලිගේ )
හාවඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ගයානි සෙනෙවිරත්න මහත්මිය නව සොයාගැනීම් ගණනාවක් සිදු කරමින් ජෛව වෛද්‍ය විද්‍යාවට කර ඇති විශිෂ්ට සේවය වෙනුවෙන් හෙලන් හේ විට්නි ෆෙලෝෂිප්( Helen Hay Whitney fellowship) සම්මානය පසුගියදා දිනාගත්තාය.
ඇයට මෙම සම්මානය පිරිනැමීමට විශේෂතම හේතුව වන්නේ මිනිසාගේ ශ්‍රෝණි පටිය (pelvic girdle) වර්ධනය වන ආකාරය සහ ඒ ආශ්‍රිත රෝග පිළිබඳව නව සොයාගැනීම්ය.
ලෝකය පුරා පිළිගත් මෙම සුවිශේෂවූ සම්මානය මෙයට පෙර දිනාගෙන ඇත්තේ නොබෙල් ත්‍යාගලාභීන් කීහිපදෙනකු පමණි.
සෙනෙවිරත්න මහත්මිය ඇගේ පරීක්ෂණ වෙනුවෙන් මෙරටදී ජනාධිපති සම්මානය දෙවතාවක්ම හිමි කර ගත්තාය. මෙයට අමතරව ඇය ශ්‍රී ලංකා පර්යේෂණායතනය විසින් පිරිනමන ලද වසරේ විශිෂ්ටතම පර්යේෂණ සම්බන්ධයෙන්වූ සම්මානයද හිමිකර ගෙන ඇත.
අය විසින් ජෛව වෛද්‍ය විද්‍යාවේ ප්‍රගමනය සඳහා දැනට ඉදිරිපත් කරනු ලැබ ඇති පර්යේෂණ ප්‍රකාශන සංඛ්‍යාව විශාලය.
සෙනෙවිරත්න මහත්මිය චිකාගෝ විශ්ව විද්‍යාලයේදී ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයන කටයුතු කළ අවස්ථාවේදී, ගෙම්බන්ගේ ශරීරයන්හි වර්ධනය වන මිනිස් කලලයන්හි අක්ෂි තීරුවේ දක්නට ලැබෙන අසාමාන්‍යතාවයකට ප්‍රතිකාර කිරීමට භාවිතා කළ හැකි ජානයක්ද සොයා ගන්නා ලදී. මෙම සොයා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළ අවධානයක් හිමිවූ අතර එරට පළවන ප්‍රධාන පෙළේ සඟරාවක් වන proceedings of the national sciences හිද ඊට වැඩි ඉඩකඩක් වෙන් කරමින් ඒ සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කර තිබිණ.
ගයානි සෙනවිරත්න මහත්මිය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවකි. ඇය විද්‍යා අංශයෙන් අපොස උසස් පෙළ හදාරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට 2009 වසරේදී ඇතුළත් වූවාය.
ශ්‍රී ලංකාවේ විද්‍යාව හදාරන දරුවන්ට තමා මතු මතුදිනක මෙරටට පැමිණ ඔවුන්ගේ සිහින සැබෑ කර දීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ආචාර්ය සෙනෙවිරත්න මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
එසේම පෘෂ්ඨවංශික පරිණාමයේ විද්‍යාත්මක පර්යේෂණ ප්‍රශ්න නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් විසඳීමට හැකි තමන්ගේම විද්‍යාගාරයක් මතු දිනෙක පවත්වාගෙන යෑමද තමාගේ ප්‍රධාන බලාපොරොත්තුවක් බව ඇය සඳහන් කළාය.
ගයානි සෙනෙවිරත්න මහත්මිය සුරාබදු කොමසාරිස් ( මධ්‍යම පළාත්) උපුල් සෙනවිරත්න මහතාගේ දියණියකි.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ආචාර්ය ගයානිට හාවඩ් සරසවියෙන් ඉහළම සම්මානයක්
sanjeewa liyanage Sunday, 26 December 2021 03:45 PM
උණුසුම් සුබපැතුම්...!
gamunu Sunday, 26 December 2021 07:32 PM
ලෝකයේ දියුණු රටවලට ගොස් ඉහළ තාක්ෂණයෙන් යුත් විශ්ව විද්‍යාලයන් මගින් උසස් අධ්‍යාපනය වැඩි දියුණුකර නව අද්දැකීම් ලබා තරුණ කාලයේදීම ශ්‍රී ලංකාවට පැමිණ සේවය කිරීමට බලාපොරොත්තු වීම අගයකොට සලකමු.
Priyngani Sunday, 26 December 2021 09:37 PM
අපේ රටේ ලමයි දක්ෂයි. නමුත් ඔවුන්ගේ දක්ෂතා පෙන්වා ඔවුන් ට සාර්ථක වීමට අපේ රටේ ඇයි ඔවුන් ට පහුසුකම් ලබා නොදෙන්නේ. ගොඩක් ලමයි ලංකාවේ විශ්ව විද්‍යාල වලට නොගිහින් පිටරට යනවා ඉගෙනගන්න.ඒ ඇයි ඔවුන් ගේ ජීවිතේ වටිනාම කලේ කැම්පස් එකේ අනවශ්‍ය ලෙස කල්මරලා, උද්ඝෝෂණ කරනවා .
Bunny Preena Wednesday, 29 December 2021 10:06 AM
රටකට යම් කීර්තියක් ලැබෙන්නේ ද ,එය ඔබ වැනි දක්ෂ දරුවන් නිසාය .ඉදිරියේදී කරන ඔබගේ පර්යේෂණ සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි