IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රට පාවා දෙන්නේ නෑ’

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
 
 
 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රට පාවා දෙන්නේ නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (11) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හමුවේ පැවසීය.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ යෝජනා ද අගමැතිවරයා එහිදී ඉදිරිපත් කළේය.
 
බුදුදහමට ඇති ප්‍රමුඛතාව හෝ රටේ ඒකීයභාවය වෙනස් කිරීම නව ව්‍යවස්ථාවක් මගින් සිදු නොකරන බවද අගමැතිවරයා කීවේය.



අදහස් (17)

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රට පාවා දෙන්නේ නෑ’

Dr Mohan Friday, 11 January 2019 07:45 AM

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතුවලට සහභාගීවිය හැකි ආකාරයට ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නඩු තීන්දු ලබා දීම නිවැරදි නොවන බවත් අවම තරමේ ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දෙන තින්දු වල පරිවර්තන රාජ්‍ය භාෂාවෙන්, ජාතික භාෂාවෙන්, නීති පැනවීමේ භාෂවෙන් සහ අධිකරණ භාෂාවෙන් ලබාදීම කළ යුතු බවත් එසේ නොදීම මගින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස, කිසිම පුරවැසියකු භාෂාව මත වෙනස්කමකට ලක් නොවිය යුතු වීම, භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහස සමාගමයේ නිදහස එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විදීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහස ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් අහිමි කිරීමක් බවත් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් කටයුතු කරන අයගේ පමණක් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ආකාරයට ක්‍රියා කිරීම සුදුසු නොවන බවත් ව්‍යවස්ථාවෙන් පිළිගන්න .

:       0       76

RaveendraFriday, 11 January 2019 02:56 PM

නැත නැත කියනවා අඩ අඩ අප රටට.... ඔව් ඔව් කියනවා කුටු කුටු ගා බරහිරට.... නැත ඔව් දෙකටම කියමින් යමි පන්සලට... ඔව් නැත දෙකම පුටුවට මිස වෙන කීමට..

:       159       153

Raveendra Friday, 11 January 2019 08:16 AM

දැක්කත් මුණ හොරකම නම් නැත පෙනුනේ... කිව්වත් දෙයක් පිළිගන්නට බැරුවානේ... කැඩුවත් බැංකු හොඳ සුදනා මෙම මනේ.. නැහැ කිව්වත් රට පාවාදෙනවා දෙනවමනේ..

:       1022       1473

පිටිගල මිලානෝ Friday, 11 January 2019 08:48 AM

එසේනම් රටවැසියා කෙලින්ම රටේ නායකයා තොරණ විධායක ජනාධිපති තනතුර වෙනස් කරන්න හදන්න එපා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා මුදල්වලට විකිණෙන තත්ත්වයක් මත රටේ නායකයා පාර්ලිමේන්තුවෙන් පත්කරන තත්වයක් උදාවුනොත් ඔබම ඉහත කියූ සිංහල බෞද්ධ මුල් තැන අවදානම් තත්වයකට ඇද වැටෙනවා නේද? එහෙනම් කාගේ වුවමනාවකටද මෙය කරන්න හදන්නේ..?

:       14       339

ආර්. වික්‍රමසිංහ Friday, 11 January 2019 10:44 AM

මට අගමැතිකම ගන්න උදව්කළ එන්.ජි.ඕ. මුදලාලිට උදව්වක් කරන්න ඕනෑනේ...

:       310       282

nishaFriday, 11 January 2019 02:32 PM

එන්.ජී.ඕ. වලින් සල්ලි ගන්න එක හොඳයි. ඒවා රට සල්ලි නිසා ලංකාවට බරක් නැත. මහින්දලා ගන්නේ රටේ සල්ලි නිසා තමයි ණය බර මෙතරම්...

:       134       33

chandimaFriday, 11 January 2019 04:03 PM

විධායක බලය අගමැති අතට ගන්නේ නැතුව උණ වගේ නම්, අගමැති වෙන කෙනාව මහමැතිවරණයේදී ජනතා ඡන්දෙන් තෝරන්න. ජනතාව නම්නොකළ, එහෙත් ජනතාව ලවා කතිරේ ගස්සවාගෙන ජනතා නියෝජිතයන් වූ, හෙන්චයියිලා රැලකට මුදල් දී, පාර්ලිමේන්තුවේදී අත් උසවාගෙන රටේ විධායක බලය පවරන්නේ නැතිව... පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වෙන පක්ෂවලින් නම් කරන ඕනෑම කෙනෙකුට අගමැති තනතුරටත් නාම යෝජනා ලබාදෙන්නට අවස්ථාව දෙන්න. එවිට රටේ ජනතාව ජාතියේ විධායක බලය සහිත නායකයා තොරාගනීවි. තම විධායක නායකයා තෝරා ගැනීමේ අයිතිය ජනතාවගෙන් උදුරාගෙන එයට ප්‍රජාතන්ත්‍රවාදය යයි කියන්නට එපා... අපට අපේ විධායක නායකයා තෝරාගැනීමට ඡන්දය දීමේ අවස්ථාව නැති කළොත් එ්ක අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැතිකිරීමක්... අනික පවතින ක්‍රමය යටතේ අප ඡන්දය දෙන්නේ පක්ෂයකටයි, නැතහොත් පක්ෂයේ ප්‍රතිපත්තිවලටයි. එහෙත් එමගින් ඒ පක්ෂයේ නායකයා රටේ විධායක නායකයා කිරීමට අප එකඟ වුවායැයි සිතන්නට එපා. මේ දැන් දකිනාවක් මෙන්, ඉතා හොඳ ආර්ථික ප්‍රතිපත්ති ඇති පක්ෂයක නායකයා කටින් බතල කොළ සිටුවන, බලලෝභී පඹයෙක් වීමටත් පුළුවනි. ඔහුගේ නායකත්වයට කැමතිවී ඇත්තේත් ඔහුගේ පක්ෂයේ සාමාජිකයින් විනා රටේම ජනතාව නොවෙයි...

:       40       229

මල්ලී Friday, 11 January 2019 09:15 AM

ඔක්කොම විනිවිදභාවයකින් කළොත් ජනතාවට ව්‍යවස්ථාව තේරුම් ගන්න පුළුවන්... අපි බලමු කව්ද ඇත්ත කියන්නේ කියලා.

:       36       20

Bamunuarachchi Friday, 11 January 2019 10:40 AM

හොඳයි ඔබ බුද්ධාගම ප්‍රමුඛස්තානයේ තබාගෙන අනික් සුළු ජාතික ආගම් වලටත් බුද්ධාගමට සම තැන දුන්නොත් බුද්ධාගමට මොකද වෙන්නේ? උතුරු, නැගෙනහිර එක්කර ඉඩම් පොලිස් බලතල දුන්නොත් දෙමළුන්ට ෆෙඩරල් වීමට අඩු මොනවාද? ජනාධිපති බලතල නොතිබුණා නම් නුඹලා බැංකු හොරු බව අපි දැනගන්නේ කොහොමද?

:       596       554

Bandara Friday, 11 January 2019 10:46 AM

ශුවර්ද?

:       69       105

sirimal Friday, 11 January 2019 01:18 PM

ඕක අපට කියල වැඩක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් රට ජාතිය සහ ආගම විනාශ වෙනවා කියලා රටේ ජනමතයක් හදන්න උත්සාහ කරන නායක ස්වාමින්වහන්සේලාට වටහලා දෙන්න.

:       322       100

chandima Friday, 11 January 2019 01:38 PM

රට පාවා නොදුන්නට, රටේ විධායක බලතල අතට අරන් රජවෙන්න නේද යන්නේ?

:       0       121

Sudath Friday, 11 January 2019 03:12 PM

ව්‍යවස්ථාවෙන් නෙවෙයි නම් මොකෙන්ද රට පවලා දෙන්න යන්නේ?

:       0       107

chithrasena Friday, 11 January 2019 04:42 PM

6 වසර පන්තියේ ළමයකුට වුනත් පේනවා පාලනයක් නැති පුංචි ආණ්ඩු අවොත් මොකද වෙන්නේ කියලා. අර 225ට පාලන බලය දුන්නොත් මොකද්ද වෙන්නේ කියලා. ඕකට විශ්වවිද්‍යාලේ යන්න ඕනෙම නැහැ. අනේ මන්ද මොලේ නැතිකමද මොකද්ද කියල තේරෙන්නේ නැහැ....

:       0       85

Pubudu Friday, 11 January 2019 11:42 PM

අර්ජුන මහේන්ද්‍රන්ට හොඳ චරිත සහතිකයක් දුන්නා නේද? මෙයාම... ලංකාවේ ඉන්න සේරම මෝඩයින් නෙවෙයි.

:       0       7

BamunuarachchiSunday, 13 January 2019 12:51 PM

ලක්ෂ 57ක් ඉන්නවා මොලේ තිබෙන හිතන්න පුළුවන් මිනිස්සු. මෙයා හොරාකාපු අයට චරිත සහතික දෙනවා. ලස්සන වැඩේ හොරකමට පාර හැදුවේ රටේ හිටපු මුදල් ඇමති. ඊට පස්සේ එ් ගොයියව විදේශ ඇමති කරලා ලොතරැයි මණ්ඩලයට දෙනවා. එජාපයින්ට අබමල් රේණුවක මොලයක් නැද්ද මේවා ගැන හිතන්න...

:       0       1

inidka Saturday, 12 January 2019 05:08 AM

බුද්ධාගමට ප්‍රමුඛස්තනයයි, අනිත් ඒවාට එ්කට සමාන ස්ථානයයි නම් ඔක්කොම ප්‍රමුඛස්ථානයේ නේද?

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 9ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 77 0

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 57 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 359 0

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 1588 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින්
2024 දෙසැම්බර් මස 21 2035 4

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග


සහල්වලින් කෝටි 430 ආනයන බදු ආදායමක්
2024 දෙසැම්බර් මස 21 1374 2

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 22 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 23 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site