IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් කිසිම කොමිසමක් පත් කරන්නේ නෑ

(ප්‍රේමතිලක පෙරමුණ) 

කවුරු කොහොම කිව්වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් කිසිම කොමිසමක් පත් කරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27)  මීගහතැන්නේ දී පැවසීය.

රුපියල් ලක්ෂ 80ක වියදමින් ඉදිකරන ලද මීගහතැන්න නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය.

මානව හිමිකම් කොමිසන් සභාව කතා කරන්නේ ප්‍රභාකරන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් ගැන පමණයි මානව හිමිකම් කිව්වම කාටත් පොදුයි. යුද්ධය සමයේ අසූව දශකයේ අග භාගයේදී නැගෙනහිරදී පොලිස් නිලධාරීන් 750 ක් ඝාතනය වීම ඉතා කනගාටුදායක බරපතල, ඛේදජනක  සිදුවීමක්.

ආණ්ඩුව ලබා දෙන නිවැරදි තොරතුරු මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වල වැරදි තොරතුරු මත පදනම් වී මානව හිමිකම් කොමිසන් සභාව විසින් නිකුත් කර ඇති වාර්තාව වැරදියි.  මානව හිමිකම් කොමසාරිස්වරිය නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වනවා පසුගිය යුද සමයේ ත්‍රිවිද හමුදාව භාවිතා කළ ඉඩම් නිසි ලෙස ලබා දී නොමැති බවත් ඒ සඳහා ස්වාධීන කොමිසමක් පත් කළ යුතු බවත් ඒ වගේම විදෙස් විනිශ්චකාරවරුන්ගේ මැදිහත්වී වීමක් පසුගිය කාලයේ දිගින් දිගටම මේ අය ඉල්ලා සිටියා.  

ඒත් මම කීප අවස්ථාවකම ප්‍රකාශ කර තිබෙනවා ඒ සඳහා ඉඩ ලබා දිය නොහැකි බව මේ රජයේ වැරදි තීන්දු තීරණ මත පසුගිය පෙබරවාරි 25 වෙනිදා මට හොරෙන් සාමූහික වගකීම් භාර ගැනීමේ ප්‍රතිපත්තියට ජිනීවාහී ශ්‍රී ලංකා තානාපතිවරයා අත්සන් කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා ජනාධිපතිවරයාගේ අවසරය නැතිව ඒවා කරන්න බෑ. සංහිදියා කාර්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්‍ ලෙස හඳුන්වන රජයේ නිලධාරියෙක් නොවන  අයෙක් හදලා යවපු ලියවිල්ලක් නිසා පෙබරවාරි 25 එම ප්‍රතිපත්තියට අත්සන් කර තිබෙනවා.

මේ නිසා ජිනීවා යන නියෝජිතයින් පවා මම වෙනස් කලා.මේ සාමුහික වගකීමේ ප්‍රතිපත්තියට අත්සන් කිරීම ත්‍රිවිධ හමුදාව හා රට පාවාදීමක්. මේවා ගැන මට එලිපිට කියන්න තිබුණත්  මම ගියේ පාසැල් හා පන්සල්වල උත්සවවලට පමණක් නිසා මට ඒවා කියන්න බැරිවුණා. අද ඒ අවස්ථාව ලැබුණු නිසා මම ඒවා විවෘතව  කියනවා.

ක්‍රිස්තු වර්ෂ 1505 සිට 1948 දක්වා විදේශිකයින්ට යටත්ව සිටි විදියට වක්‍රාකාරව අදත් අපව පාලනය කරන්න උත්සාහ ගන්නවා..1918 විමුක්ති අරගලයේදී දිවි පිදූ අය  විදේශිකයින් විසින් ලිපි ලේඛනවලින් හඳුන්වා තිබෙන්නේ කැරලුකරුවන් ලෙස වුණත් ඔවුන් මේ රටේ වීරයෝ සහ දේශප්‍රේමියෝයි. ආර්ථික වශයෙන් බෙදා හදාගැනීම් කළ යුතුයි නමුත් රටක් වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමේ අයිතිය අපට තිබිය යුතුයි යැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

 



අදහස් (11)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් කිසිම කොමිසමක් පත් කරන්නේ නෑ

Raveendra Wednesday, 27 March 2019 01:34 PM

"මේ රජයේ වැරදි තීන්දු තීරණ මත පසුගිය පෙබරවාරි 25 වෙනිදා මට හොරෙන් සාමූහික වගකීම් භාර ගැනීමේ ප්‍රතිපත්තියට ජිනීවාහී ශ්‍රී ලංකා තානාපතිවරයා අත්සන් කර තිබෙනවා." මෙහි අර්ථය කුමක්ද? අප අවංකව කණගාටු වෙනවා අපේම රට මුල් පුරවැසියාට මෙසේ අපගේ අදහස් ප්‍රකාශ කිරීමට සිදුවීම පිළිබඳව... එනමුත් අප එසේ කිව යුතුමය. තානාපති කෙනෙක් යනු රටක් නියෝජනය කරන ප්‍රධානතම නිලධාරියාය. ඔහු හෝ ඇයව පත් කලේ මමද අපිද? එම නිලධාරියා කටයුතු කල යුත්තේ "එක එක හරකාගේ " පුද්ගලික අදහස්වලටද නැත්නම් බලයේ සිටින රජයට පක්ෂපාතිවද? මෙම නිලධාරියා යයි කියන කෙනා අපගේ මාතෘභූමිය අමුඅමුවේ පාවාදී තිබෙනවා නොවේද? එවන් "කාලකන්නියෙකු " අහිංසක මහජනතාවගේ මුදල්වලින් සියලුම සැප විඳීමට එම තනතුරේ තවදුරටත් තබමින් නැත්නම් වහාම කැඳවා නීතිමගින් කටයුතු කර මහ උළුගෙදරට යවනවාද යන්න "මුන්නැහේ" විසින් හැකි ඉක්මනින් කල යුතුය. නැවත වරක් අප ප්‍රකාශ කරන්නේ මේ රට පාවාදී ඇති බවයි.

:       18       132

Nishantha Wednesday, 27 March 2019 01:55 PM

අගමැති පත්කරන්න ව්‍යවස්ථාව උල්ලංඝනය කළාට කමක් නැද්ද මහත්තයෝ...?

:       243       583

kukle Wednesday, 27 March 2019 02:07 PM

සංහිඳියා කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් රජයේ සේවකයෙක් නෙවෙයි නම් ඔහු එහි රාජකාරිය කලේ පිනටද? ජනතා මුදල්වලින් යැපෙන එවැනි ජාතිද්‍රෝහීන්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ කවදාද? ජනවාරි 8 වෙනිදායින් පසු ජනාධිපති ධුරයත් හෑල්ලු වූ බවයි මට හැඟීයන්නේ...

:       0       86

RaveendraWednesday, 27 March 2019 04:15 PM

kukle මයා වෙත, මේ පාදඩයා තමන් උපන් මාතෘභූමිය පාවාදුන් දේශද්‍රෝහියෙකි. එවන් ද්‍රෝහීන්ට හිමිවිය යුත්තේ " මරණය " හැර වෙන කිසිවක් නොමැත. මෙවන් නිවටයකුට එසේ මාතෘභූමිය පාවාදීමට උදව් කළ සෑම සුනඛයකුටමත් හිමිවිය යුත්තේ මරණයයි.

:       0       129

MaheeWednesday, 27 March 2019 05:33 PM

මානව හිමිකම් කොමසාරිස් කියන හැටියට ජිනීවා වාර්තාව ලංකාවට ඉදිරිපත් කරලා මෙහෙ රාජ්‍ය නිලධාරීන් එක්ක දීර්ඝව සාකච්ඡා කරලා හදපු එකක්... එක නිලධාරියෙක් කොහොමද තමන්ගේ මතය මේකට රිංගවන්නේ? මෙච්චර වැදගත් ලියවිල්ලක් විදේශ ඇමතිවත් දන්නේ නැද්ද? මේක ආණ්ඩුවේ අනුමැතිය මත හදලා දැන් ජිනීවා ගිහින් බොරුවට කෑ ගහනවා... කියලයි මට හිතෙන්නේ. ගැස්සුණාම බෙල්ල තියන්න එකෙක් හොයාගෙන තියෙනවා වගෙයි... හැබැයි ඔක්කොම ජනාධිපතිවරයාගෙන් හංගලා කරපු වැඩ බව නම් පැහැදිලියි.

:       74       212

RaveendraThursday, 28 March 2019 02:01 AM

Mahee මයා වෙත, ඔබගේ අදහස් බොහෝ දුරට විය හැකිය. නමුත් ගැටලුව වන්නේ මෙවන් තනතුරු දරන්නේ බාලාංශ පන්තියට ඉගෙනුම සදහා යන ළදරුවන්ද නැතිනම් ලෝක දේශපාලනය , තම රටේ අනන්‍යතාවය , රට පාවාදීම පිලිබදව , රටේ ආරක්ෂාව පිලිබදව වගේ වගක් නැති අය යන්න නොවේද ?

:       0       1

smn Wednesday, 27 March 2019 02:35 PM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් කටයුතු කිරීම පිළිබඳව ඔබතුමාට තිබෙන්නේ, එසේ මෙසේ නොව ලෝපතළ ප්‍රසිද්ධියක්... ඔක්තෝබර් 26 කිව්වහම ඕනෑම කෙනකුගේ සිහියට නැගෙන්නේ ඔබතුමා මෑත කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන්නට ගිහිල්ල අමාරුවේ වැටුණු විදිහයි. ග්‍රාමීය වහරින් කියනවා නම් ඇණගත්ත විදිහයි. එ් නිසා ඔබතුමා නැවත වරක් ඒ වගේ වරදක් නොකරනු ඇති බව නම් විශ්වාස කරන්නට පුළුවන්...

:       140       365

Chanak Los angelesThursday, 28 March 2019 04:10 AM

නොකරන්න හෝ කරන්න පත්වෙන්න එපාය ?

:       0       0

Rata Perata Thursday, 28 March 2019 02:51 AM

මෙයා දන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.

:       0       0

Saman Thursday, 28 March 2019 03:24 AM

නැතුව ඉතින්.. සුප්‍රසිද්ධ 26 දා නාගත්තේ නියමෙට.

:       0       1

p.d goonawardena Thursday, 28 March 2019 03:33 AM

අසරණ මහජනතාව ඉදිරියේ බයිලා ගහනවා......

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 627 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 511 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 129 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1753 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site