IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘‘ආණ්ඩුව ඊනියා දේශහිතෛෂී භාවයේ අවසාන සළුපිළි ඉවත් කරමින් සිටිනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

කෙලවරපිටිය බලාගාරය ඇතුළු රටේ ජාතික සම්පත් විකුණමින් සිටින ආණ්ඩුව බලය ලබා ගැනීමට පෙර මවා පෙන්වූ සිය ඊනියා දේශහිතෛෂී භාවයේ අවසාන සළුපිළි ද ඉවත් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කෙරවලපිටිය විකිණීම වහා හකුලා ගනිමින් රටේ ජාතික සම්පත්වල ආරක්ෂාව තහවුරු කරන ලෙසත් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

"බලය ලබා ගැනීම උදෙසා මේ රටේ මහජනතාවට මැතිවරණයට පෙරාතුව ඉදිරිපත් කරන ලද දේශප්‍රේමී, දේශහිතෛෂී, ජනතාවාදී සියලුම පොරොන්දු සහ ප්‍රතිපත්ති අලුයම ලූ කෙළ පිඩක් සේ කුණු කූඩයට විසි කොට ඇති වර්තමාන ආණ්ඩුව ඊට සහ මුලින්ම ප්‍රතිපක්ෂ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මුළු රටම මහත් ව්‍යසනයක් කරා තල්ලු කරගෙන යමින් සිටි.

බිහිවූ දා සිටම මේ දක්වා සැලකිල්ලට ගත හැකි ජනතාවාදී කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් වත්මන් ආණ්ඩුව ඒ වෙනුවට ජන ජීවිත අවදානමට ලක් කොට ඇති අතර, රටේ සම්පත් සියල්ල මැදියම් රැයේදි පවා කුණු කොල්ලයට විකුණමින්, බලය ලබා ගැනීමට පෙර මවා පෙන්වූ සිය ඊනියා දේශහිතෛෂී භාවයේ අවසාන සළුපිළි ද ඉවත් කරමින් සිටී.

පසුගියදා, සූම් තාක්ෂණය හරහා මැදියම් රැයේ පවත්වන්නට යෙදුණු කැබිනට් රැස්වීමේ දී, අතිශය හිතුවක්කාරී ලෙසත්, හිතු මනාපයටත් කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය මේ රටට අහිමි කිරීමේ අන්තනෝමතික තීරණය ආණ්ඩුව විසින් ගෙන තිබේ.

මෙවන් බරපතල ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කරත්දීත් කැබිනට් මණ්ඩලය හුදෙක් සිග්නල් කනු බවට පත්ව සිටින අතර කිසිවකු මීට එරෙහිව වගකීම් සහගත මැදිහත්වීමක් නොකිරීම තුලින් ගම්‍ය වන්නේ ඔවුන් පත්ව සිටින තත්වයයි. එහෙත් ඒ කිසිවකුට මේ බරපතල පාවාදීමෙහි කොටස්කරුවන් වීමෙහි වරදෙන් මිදිය නොහැකිය.

 



අදහස් (10)

‘‘ආණ්ඩුව ඊනියා දේශහිතෛෂී භාවයේ අවසාන සළුපිළි ඉවත් කරමින් සිටිනවා‘‘

SL Friday, 24 September 2021 01:09 PM

මේ අය ගැන නම් කියලා වැඩක නැහැ

:       6       4

Raveendra Friday, 24 September 2021 01:38 PM

අනේ සජි මල්ලියේ මොකක්ද මේ "ඊනියා " යන වචනයේ තේරුම? නොදන්නා නිසා අහන්නේ? මේ වචනේ නිතරම දියව් දියව් " සුදු කුමරුගේ" කටේම තියෙන වචනයක්... මලය හරිම හොරා තමයි නේද...? දියව් දියව් කුමරුගෙන් වචන ඉගෙන ගන්නවා නේද..? නිකමටවත් කිව්වේ නැහැනේ මම කලුකුමාරගෙන් ටියුෂන් ගන්නවා කියලා.. හරි ළමයා තමයි ඔයා මෙයා...

:       8       9

SUNIL MILANO Friday, 24 September 2021 01:42 PM

සලු පිලි කෙසේවෙතත් ලගදීම ලොකු දෙයක් වෙයි වගේ

:       2       10

ranga Friday, 24 September 2021 01:43 PM

මට පිස්සු මේවා බලලලා . අංගොඩ යනන වෙයිද දන්නැ

:       3       7

Nihal Friday, 24 September 2021 03:00 PM

ඔබතුමා වෙනසකට පැරදුනානේ

:       0       2

Don perera Friday, 24 September 2021 03:30 PM

බුද්ධිමත් වචන ලංකාවට නොගැලපෙයි..

:       1       5

BamunuarachchiFriday, 24 September 2021 04:45 PM

කවුද කිව්වේ

:       3       0

Don perera Friday, 24 September 2021 05:18 PM

69 දෙනා කෝ

:       1       1

BamunuarachchiSaturday, 25 September 2021 06:57 AM

69 දෙනා ඉන්නවා ඇයි මොකක්ද ප්‍රශ්නය. ඔබේ ප්‍රශ්න අපිට ප්‍රශ්න නොවෙයි. කොරෝනා නිසා ඇති උන ප්‍රශ්න ආණ්ඩු වෙනස් කරන්න ඕනේ ප්‍රශ්න නොවෙයි අපිට.

:       1       0

K PereraFriday, 24 September 2021 05:14 PM

මෙයාලට හොදට මේ අදහස් ගැලපෙනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 635 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 525 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 132 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1773 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site