(ඩයනා උදයංගනී)
ඉදිරියේදී ආණ්ඩුව දෙදරා යනවාද නැද්ද යන තීන්දුව රැඳීඇත්තේ ප්‍රධාන පක්‍ෂයේ අයගේ හැසිරීම මත බවත්, සෙසු පක්‍ෂ රඳවාගැනීමේ අවශ්‍යතාවයක් ඔවුන්ට තිබෙනවා නම් ‘එළියට යන්නැයි’ නොකියා කටවල් පාලනය කරගත යුතු බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ වන විට රට තුළ මතුව ඇති පොහොර ගැටලුව, චීන පොහොර නෞකාවට ගෙවීමක් කරන්නට සිදුවීම හා පොහොර ගෙන්වීමේදී වංචා දූෂණ සිදුවී ඇත්ද ආදිය සෙවීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි තමන් ජනාධිපතිවරයාට යෝජනා කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, විශ්‍රාමික විනිසුරුවරුන්ගෙන් හා මේ පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත පූර්ණ බලැති කොමිසමක් මේ සඳහා පත් කළ යුතු බව කී ඇමතිවරයා කාබනික පොහොර කෑන් පිපිරීම, පොහොර යෙදූ ගොයම බල්ලන් කෑම ආදිය සොයා වරදක් වී ඇත්නම් වැරදි කළ අයට දඬුවම් දිය යුතු බව ද කීවේය.
ඇමති මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ පරිසර අමාත්‍යාංශයේදී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පොහොර නෞකාවට මුදල් ගෙවීම සිදුකරන්නේ නැවත ප්‍රමිතියෙන් යුත් පොහොර ලබාදීමේ එකඟතාව මත බව කෘෂිකර්ම ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට පැවසුවේ යැයි කී ඇමතිවරයා එසේ නොවන්නේ නම් ඊට වගකිවයුත්තන්ගෙන් එම මුදල අයකරගත යුතු බව ද පැවසීය.
මේ වන විට ගෑස් පිපිරීම් හේතුවෙන් බොහෝ දෙනකු බියට පත්ව සිටින බව කී අමරවීර මහතා තමන්ගේ නිවසේ ඉවුම් පිහුම් කරන තැනැත්තා ද ආරක්‍ෂක හිස් වැස්මක් ඉල්ලූ බව සඳහන් කළේය.
මින්නේරිය , මිනිහිරිගම කඩ කාමරයක බිත්තියක් වන අලියකු පෙරැළීමෙන් කඩකාමරයේ නිදා සිටි කාන්තාවක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත ගුවන් හමුදා ඒකකයේ රාජකාරී යොදවා තිබූ ජීප් රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් හමුදා සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු
නීති විරෝධීව මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි 12 කට අධික වටිනාකමින් යුත් විදේශ සිගරැට් බන්ඩල 713,000 ක තොගයක් කොළඹ වරායේ ගබඩාවක තිබී සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රක
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
අධිකරණය නියෝග අනුව වරෙන්තුකරුවන් අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු නොකරන්නේ නම් තවදුරටත් වරෙන්තු නියෝග නිකුත් කිරීමෙන් පලක් නොමැති බව
කොළඹ ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේදී අද (17) රාත්‍රී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලැබූ බව පොලීසිය පැවසීය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ආණ්ඩුව දෙදරනවාද නැද්ද යන්න තීන්දුව ප්‍රධාන පක්ෂය අතේ
Nuwan Thursday, 16 December 2021 04:16 PM
රටේ කරුමෙට දේශපාලනේට ආපු මිනිස්සු..!
fairoos Thursday, 16 December 2021 05:20 PM
ඊළඟ ඡන්දෙ එනකොට පරිප්පු වල මිල අඩුකළාම අපේ මෝඩයන් මොවුන්ටම ඡන්දෙ දෙයි...