IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘‘ආණ්ඩුව යුගදනවි ගිවිසුමේදී කැබිනට් මණ්ඩලය අන්දලා‘‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කැබිනට් පත්‍රිකාවෙන් අවසර දී ඇත්තේ නිව් පෝට්‍රස් එනර්ජි සමගම සමග ගිවිසුමකට එළඹීමට නමුත් ගිවිසුම අත්සන් කර තිබෙන්නේ වෙනත් සමාගමක් සමගයැයි ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙය මුළුමනින්ම කැබිනට් මණ්ඩලය නොමඟ යැවීමක් බව ද මන්ත්‍රීවරයා කීය.

"රජය සහ නිව් පෝට්‍රස් එනර්ජි සමාගම අතර ගිවිසුම ඉදිරිපත් කරන ලෙස මා ඉල්ලා සිටියා.එම ගිවිසුම අප සතුව තිබුණා නම් මේ විවාදයේ දී ඉතා වැදගත් වෙනවා.ඒ ගිවිසුම කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නැහැ.

මා සතුව ඒ ගිවිසුම තිබෙනවා.මොවුන් පාර්ලිමේන්තුවට ගිවිසුම ඉදිරිපත් නොකර සඟවාගෙන සිටිනවා. මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පරමාධිපත්‍ය විශ්වාස කරන ඕනෑම ආණ්ඩුවක් විසින් කළ යුතු දෙයක් බව කිව යුතුයි.

මේ කැබිනට් පත්‍රිකාවෙන් අවසර දී ඇත්තේ නිව් පෝට්‍රස් එනර්ජි සමගම සමග ගිවිසුමකට එළඹීමයි.නමුත් ගිවිසුම අත්සන් කර තිබෙන්නේ වෙනත් සමාගමක් සමගයි.එම නිසා මෙය මුළුමනින්ම කැබිනට් මණ්ඩලය නොමඟ යැවීමක් බව කිව යුතුයි.මේ ගිවිසුම වසර දෙකක් යනතුරු දෙපාර්ශවය අතර එකඟතාවයකින් තොරව රටට හෝ ජනතාවට ප්‍රකාශයට පත් නොකිරීමට ද එකඟතාවයක් ඇති වී තිබෙනවා. මේ රටේ දේපළ සම්බන්ධයෙන් එහෙම කරන්න පුලුවන්ද?"යනුවෙන්ද අනුර දිසානායක මහතා කීවේය.

න ගැනීමට අයිතියක් තිබෙන බවද ඔහු කීවේය. තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ගිවිසුම ලබා දෙන්නැයි අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කළද එය නොලැබුණු බව සඳහන් කළ මන්ත්‍රීවරයා රටේ මහජනතාවට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනගැනීමට තමා මෙම ගිවිසුම සභාගත කරන බවද සඳහන් කළේය.



අදහස් (22)

‘‘ආණ්ඩුව යුගදනවි ගිවිසුමේදී කැබිනට් මණ්ඩලය අන්දලා‘‘

Ana Friday, 10 December 2021 12:55 PM

මහජනතාවනි 69 ලක්ෂයක, ඔන්න විපක්ෂයේ කාර්යභාරය ඔහු කළා. දැන් මහජන කාර්ය භාරය කරනවාද කරුණාකර.

:       1       4

Maleen Friday, 10 December 2021 01:05 PM

නියම වැඩක්! එය දිගටම කරගෙන යන්න!!!

:       1       5

RAKIHA Friday, 10 December 2021 02:12 PM

කට ඇරියොත් බොරු කියන ඔයා ගැන කොහොමත් විශ්වාස නැහැ.

:       7       1

SUNIL MILANO Friday, 10 December 2021 04:55 PM

මේ අපතයින්ට මතක නැහැ යහ පාලනය කාලයේදී කැබිනට් එක අන්දවපු හැටි .කැබිනට් එකේ නැතත් අත යට බුරුස් ගහපු අය තමයි මේ

:       4       2

de silva Friday, 10 December 2021 06:05 PM

අනිවාර්යයෙන්ම...!

:       1       2

Bamunuarachchi Friday, 10 December 2021 06:05 PM

අම්මා මොකද? පුංචි අම්මා මොකද? දෙන්නාම අම්මලා..

:       9       3

අනුරුද්ධSunday, 12 December 2021 06:04 AM

හද පෙන්නපුවහම ඇගිල්ලෙ ඇද බලන ඔහෙල වගේ අය ඉන්නකම් මේ රට හදනව බොරු

:       3       2

BamunuarachchiSunday, 12 December 2021 11:50 AM

ඉතින් හලෝ මාසේපොයදාට හඳ පෙන්නුවාම ඇඟිල්ලේ ඇද විතරක් කොවෙයි මොලේ ඇදද කියත් බලනවා. තව මොනවා හරි තිබෙන්වාද?

:       5       2

Bamunuarachchi Friday, 10 December 2021 06:24 PM

ඕක මොකක්ද? ජෙප්පන් ඩොලර් ලැබෙන්නේ කොහෙන්ද කියලා කියන්නේ නැතිව සෞභාග්‍යය පෙන්නලා රටම අන්දලා තිබෙන්නේ...

:       11       4

නන්දසේන grMonday, 13 December 2021 05:56 AM

මේ ඉන්නේ තවත් එක මී හරකෙක්.කිසිම පදනමක් නැති,ගැලපෙන්නේ නැති ගොන් කතා කියන මේ හරකාගේ නම හරියටම ඌට ගැලපෙනවා

:       0       0

BamunuarachchiTuesday, 14 December 2021 04:28 PM

ආ මේ ඉන්නේ ගොනාට ඇඳගත්ත තව ජෙප්පෙක්. රටේ දැන් ඉන්නේ ගොනාට ඇඳගත්ත අය 3%. ඒ ටිකට ඇතිවෙන්න තණකොළ සපයන්න පුළුවන්.

:       0       0

ජගත් ලියනගේ Friday, 10 December 2021 06:54 PM

ඔය කියන ආණ්ඩුවේ සහෝදර කට්ටිය, පුතා, ඥාති පුතා අන්දන්නේ ආණ්ඩුවේ කට්ටිය විතරක් නෙවෙයි . මුළු රටම අන්දනවා...

:       0       2

ana Friday, 10 December 2021 07:11 PM

විපක්ෂයේ වගකීම ඉටු කළාට ස්තුතියි. ජනතාවනි ඔබේ යුතුකම ඉටු කරන්නේ කවදාද?

:       1       8

Rata Perata Friday, 10 December 2021 08:51 PM

20ට අත් දෙකම උස්සපු ගොන්නුනේ ඉන්නේ... ඉතින් අලුතින් අන්දන්න දෙයක් නෑ. නිකන්ම ඇන්දෙනවා.

:       2       8

Royfedricks Saturday, 11 December 2021 02:22 AM

69 ලක්ශයක් මෝඩයන් විසින් බලයට පත්කලා. ලේ පිපාසිත වෘකයන්ගේ සහායෙන් 20 වැනි සන්ශෝදනය සම්මත කර ගත්තා. "මම කියන දේ තමයි නීතිය"කිව්වා. දැන් මේ මුලු රාජ්‍යම විකුනණ්න සැලසුම් කරනවා. තව කොතෙක් කලක් සෝ සුසුම් හෙලමින් අනේ අපොයි කියමින් හඩාවැටෙමින් බලා සිටිමුද අපි?

:       2       11

Demuni Uduwara Saturday, 11 December 2021 04:15 AM

මේ වැදගත් තොරතුරු සඟවන්නට හේතුව කුමක්ද?

:       1       11

BamunuarachchiMonday, 13 December 2021 08:53 AM

ගිවිසුම අතේනම් ඔහෙලගෙ ජේවීපී සහෝදරයාට ගිවිසුම පාර්ලිමේතුවේ කියවන්න පුළුවන්නේ, නේද? ගෙදර වල්වල දෙමාපියන් හැමදෙයක්ම දරුවන්ට කියන්නේ නැහැ ඒ ඇයි?

:       0       1

chandima Saturday, 11 December 2021 05:34 AM

කතාවේ භාගයිනේ අනුර කුමාර මහත්තයා කිව්වේ .ඒ කම්පැනිය කාගේද කියලා හොයලා බලලා ඒකත් කිව්වා නම් ?

:       2       9

rocky Saturday, 11 December 2021 05:38 AM

මේ විදිහට ජාතිය පාවා දීමක් කල හැක්කේ රාජපක්ෂ කෙනෙකුටම මිස වෙන කාටද ?

:       2       11

BamunuarachchiTuesday, 14 December 2021 04:45 PM

මේ 2014 ඉපදිච්ච කෙනෙක් .

:       0       0

පිටිගල මිලානෝ Saturday, 11 December 2021 02:20 PM

බයවෙන්න එපා මේක පිටරටකට විකුණලා නැහැ. මල්වානේ මාලිගාව අයිති මොලහතේ හාමුලු මේකෙත් අයිතිකාරයා...

:       1       9

චන්දිම වසන්ත Saturday, 11 December 2021 02:49 PM

මේ කාලකන්නි රැල අනාගතයේදී උපදින දරුවන්න්ට නිදහසේ තමන්ගේ කියලා හුස්මක් ගන්න රටක් ඉතිරි කරන්නේ නැහැ නේද? එක්කෝ වරාය විකුණලා නැත්නම් හොර ගිවිසුම් ගහලා නොරැටියන්ට සියලු දේ හිමිකරලා දීලා. ඔවුන්ට සිද්ධ වෙන්නේ මොවුන්ට සාප කරකර කාලකන්නි විදියට ඉන්න නේද? මොන මගුලකටද අර තොරතුරු දැනගැනීමේ පනතක් තියෙනවා කියන්නේ? මේ ඔක්කොම හොරෙන්ම ගේම දෙනවා. බලන්න අර චීන පෝර මගඩිය... දන්නා මිනිස්සු කොච්චර කිව්වද ඔය ජරාව ගන්න එපා කියලා. වැරදි විදියට ගිවිසුම් ගහලා ඩොලර් කෝටියකට විතර කෙලෙව්වාට පස්සේ කරපු එකා සද්ද නැතිව ඉන්නවා.. මොකද එයාගේ කුට්ටිය දැනටමත් අරන් මාරුවෙලා ඇති.

:       3       12

ඔබේ අදහස් එවන්න

 

 

මහ පුවරුව

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 3570 11

මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළ හැකි බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා


අපි ඔක්කොම එකම බිමක අරගලකරුවන්
2025 පෙබරවාරි මස 04 1937 14

රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.


නිදහස් උළෙල ඇරැඹෙයි
2025 පෙබරවාරි මස 04 1696 4

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.


තවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි
2025 පෙබරවාරි මස 03 3121 9

නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා


කෝටි ගණනක ලුණු විනාශවෙන්න ඇරලා
2025 පෙබරවාරි මස 03 3697 8

ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්


කසිප්පු වලියකට තුනක් මරලා
2025 පෙබරවාරි මස 02 2694 7

වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site