IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ආණ්ඩුව වැය ශීර්ෂ කිහිපයක් පරදියි

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සහ මහා නගර  හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ  වැය ශීර්ෂ දෙක අද පරාජයට පත් විය.
 
මෙම අමාත්‍යංශ දෙකෙහි වැය ශීර්ෂ සඳහා  අද රාත්‍රී ඡන්ද විමසීම පැවැත්විණි.
 
මහා නගර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 24ක් ලැබුණු අතර ඊට එරෙහිව ඡන්ද 38ක් ලැබිණි.
 
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශ වැයශිර්ෂයේ 260 වැයශිර්ෂය වැඩි ඡන්ද 18 කින් පරාජය විය. වැය ශිර්ෂයට පක්ෂව ඡන්ද 20 ලැබුණු අතර විරුද්ධව ඡන්ද 38 ද ලැබිණි.
 
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ  261 සිට 289 දක්වා සියලු වැය ශිර්ෂ  පරාජයට පත් විය. පක්ෂව ඡන්ද  23 ක් ලැබුණු අතර විපක්ෂව 38 ක්  ලැබිණි.
 
මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ    162 හා 311 වැය ශීර්ෂද පරාජය වූ අතර එයට පක්ෂව ඡන්ද 24 ද විපක්ෂව ඡන්ද 38 ද හිමිවිය.
 
ඡන්දය විමසන අවස්ථාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු රැසක් සභා ගැබේ නොසිටියහ. 



අදහස් (19)

ආණ්ඩුව වැය ශීර්ෂ කිහිපයක් පරදියි

දම්මික Thursday, 28 March 2019 03:24 PM

හොඳ වැඩේ. මේ අයගෙම අය වැයට ඡන්දේ දෙන්න මේ අයගෙම අයවත් උනන්දුවක් නැති එකේ මේ අයට රට ගැන ඇති කැක්කුම ගැන කවර කතාද

:       8       300

samadhi Thursday, 28 March 2019 03:47 PM

ආණ්ඩුව පරාදයි නේද

:       95       428

මම1Friday, 29 March 2019 12:34 AM

ඔව්, හෙට ආයිමත් මහින්ද දිවුරුම් දෙනව. කිරිබත් ලෑස්ති කරගන්න.

:       95       104

Chanak Los angelesSaturday, 30 March 2019 02:43 AM

එදා ගියේ පස්ස දොරෙන්... මෙදා අගමැති වෙන්න යන්නේ මොන දොරෙන්ද දන්නේ නැහැ නේද? අනේ කාලේ වනේ වාසේ..

:       50       25

NishanFriday, 29 March 2019 02:51 AM

හිත සනසගන්න එහෙම හිතාගන්න පුළුවන්

:       8       17

BamunuarachchiFriday, 29 March 2019 04:39 PM

හිත සනසා ගන්න ඕනේ ඔහෙලා මේ අවුරුදු 4ට රටට වැඩක් වුනෙත් නැහැ. අන්තිමට බජට් පාස් වෙන්නේත් නැහැ. අපිට හිත සනසාගන්නලු. අමනයින්ගේත් අමනයෝ. එක්කෝ කටවහගෙන ඉඳපන්... එ්ක කරගන්නත් බැහැ...

:       4       43

Chanak Los angelesSaturday, 30 March 2019 05:23 AM

හොර අගමැතිව කනෙන් ඇදලා එළියට දමපු එක ඇතිනේ මේ අවුරුදු 4ටම...

:       32       7

ගොන් වස්සාFriday, 29 March 2019 04:04 AM

ඔව් ඔව් හෙට මහින්ද මහත්තයට අගමැති වෙනඩ පුළුවන් !

:       43       87

NissankaFriday, 29 March 2019 05:06 AM

ඇතුළෙන්ම තමා ගේම දීලා තියෙන්නේ. කොහොමද සජිත්ගේ ටිකිරි මොලේ.

:       0       121

චමින්දFriday, 29 March 2019 12:53 PM

මෙය සජිත්ගේ වැඩක් නම් සජිත් මේ රටේ නායකත්වයට කෙසේවත් සුදුස්සෙක් නොවේ.

:       17       2

BamunuarachchiSunday, 31 March 2019 07:09 AM

ඔය මොලේ ගන්න ලැවරියාම කන්න ඕනේ...

:       2       0

LiyanageFriday, 29 March 2019 09:57 AM

මේ වගේ දේශපාලකයන් ඉන්නතුරු ලංකාවම පරාදයි !

:       13       5

Buddika Friday, 29 March 2019 12:07 AM

පාඨලී, ඔබට සුබ පැතුම්.

:       3       13

සිරිබිරිස් Friday, 29 March 2019 01:34 AM

අපේ ඡන්දය ගන්නේ පාර්ලිමෙන්තු යන්න කියල. මන්ත්‍රී ඩොට් එල්කේ වලට ගියාම පේනවා අවුරුද්දට දින දහයට අඩුවෙන් පාර්ලිමෙන්තු ගිය අය ඉතාම වැඩියි කියල.අපි ඡන්දෙ දෙන්නේ කිසිම වගකීමක් නැති එවුන්ට කියල හිතෙනවා.මෙයින් පේනවා මොවුන්ට ඕනෑකම තියෙන්නෙ වරප්‍රසාද මිස රට ජාතිය ආගම නොවෙයි කියල.

:       0       84

Sunil Friday, 29 March 2019 03:06 AM

කපෝති ගහන්න දැන් හොඳටම ලංඟයි.

:       29       110

ලුම්බිණි Friday, 29 March 2019 03:13 AM

ඡන්දය විමසන අවස්ථාවේ පවා පාර්ලිමේන්තුවට එන්න බැරි මහජන නියෝජිතයෝ අද ඉන්නේ. ඒත් ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැ.

:       0       36

hira Friday, 29 March 2019 04:01 AM

මේක හැම පැත්තකින්ම මහා විනාශකාරී ආණ්ඩුවක්. රටම විනාසයි .

:       164       242

de silva berlin Friday, 29 March 2019 06:06 AM

පාර්ලිමේන්තුවට එන්න බැරි මහජන නියෝජිතයන් අපි අපේ බදු මුදල් වලින් කෝටි ගණන් වටිනා ප්‍රාඩෝ සහ වෙනත් දේවල් දෙමින් නඩත්තු කරන්නේ කුමකටද ?

:       0       29

nali Monday, 01 April 2019 07:29 PM

225 ටම තවතවත් පඩි වැඩි වේවා ! තැපැල් ගාස්තු , ඉන්දන දීමනා පැජරෝ වල හා පාර්ලිමේන්තුවේ ආසන වල නිදා ගන්න කොට්ට වලටත් මුදල් පරිපුරක ඇස්තමේන්තු මගින් වත් වැඩි කර දෙත්වා ! එහෙමයි ආස .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 670 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 186 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 552 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 137 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1840 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site