IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ආනන්ද පාලිත අත්අඩංගුවට

(යොහාන්භාසුර)

රට තුළ ඉන්ධන හිගයක් ඇති වන බවට මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශයක් කළ ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ආනන්ද පාලිත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) අද (21) පස්වරුවේ සිය බාරයට ගත්තේය.

වැලිසර ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙසේ ඔවුන්ගේ බාරයට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පැවසුවේ ආනන්ද පාලිත මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවයි.

ශ්‍රී ලංකාව සතුව තවත් දින 11 කට පමණක් ඉන්ධන තොග ප්‍රමාණවත් බවත් ඒ අනුව ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවත් ආනන්ද පාලිත මහතා එම මාධ්‍ය හමුවේ පැවසූ අතර ඊට පසු දින ජනතාව ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දැඩි පෝලිම්වල දැකිය හැකි විය.

 



අදහස් (18)

ආනන්ද පාලිත අත්අඩංගුවට

Cisco Saturday, 21 August 2021 08:39 PM

මේ මනුස්සයගේ කතා විශ්වාස කරලා පෝලිමේ ඉඳලා වාහනවලට තෙල් ගහගත්තු අයට අද උදේ පෝලිම් නැති ෂෙඩ් දැක්කාම මොනවා හිතෙන්න ඇත්ද?

:       1       4

MO77 Saturday, 21 August 2021 08:57 PM

මම යූටියූබ් එකේ වීඩියෝ එකක් දැක්කා ගාමන්පිල කිව්වා දින 111 ක ඉන්ධනත් තියෙනවා කියලා.

:       0       1

senaka Saturday, 21 August 2021 09:04 PM

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමය පමණක් නොව ඔවුන්ගේ වාසියට පමණක් තිබෙන්නාවූ අනේකවිද යුනියන් නිසා රට දියුණු කිරීමට නොහැක. ජනතව මේවන විට යුනියන් මාෆියාව සමග උරණව සිටි. ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකුල නොවන අනෙක් සියලු යුනියන් විසුරුවා හැරීමට රජයට බලය ඇත

:       2       4

siripala Saturday, 21 August 2021 09:05 PM

දේශපාලකයන් මෙන් මහජන මුදලෙන් යැපෙන අයතන අකාර්යක්ෂම කරන පිං පඩි ගන්න කණ්ඩායම හදුනා ගනිමු

:       1       3

Raveendra Saturday, 21 August 2021 09:06 PM

අපේ අයට අත නොතබනු මිට ඒ දණ්ඩේ යන්නට බැරි පුතානෝ සහ දියව් දියව් කුමාර.... මෙවන් අසීරු අවස්ථාවකදීත් තමන්ගේ දේශපාලන වාසි ගැනුමට උත්සහ කල මොහුට උපරිම දඩුවම් ලැබේවා.....

:       2       5

saman Saturday, 21 August 2021 09:14 PM

ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව යුනියන් පිහිටුවා තිබ්බෙනම් පොලිසියට මොවුන්ව අත් අඩංගුවට ගැනීමට තිබෙන්නවූ හැකියාව අඩුය. පොලිසිය එසේ අත්අඩංගුවට ගතහොත් ජාත්‍යන්තර සහයෝගය පවා යුනියන් සදහා ලැබේ. ලංකාවේ ප්‍රමිතිය ඉල්ල හඩනගන යුනියන් ප්‍රමිතීන් අනුව පිහිටුවා තිබේද

:       2       2

Raveendra Saturday, 21 August 2021 09:15 PM

මෙලොව මිලකළ නොහැකි වස්තුන් වලින් එක්ක තමයි මව්කිරි...

:       0       4

kasun Saturday, 21 August 2021 09:46 PM

මෙයා කියලා තියෙන්නේ බොරුවක් නම් මෙන්න මේ වගේ ය තමයි රට ගිනි තියන කොරෝනා වලට වඩා දරුණු වයිරස්

:       0       3

Nihal Saturday, 21 August 2021 09:48 PM

ඒකෙන් උනේ තවත් දහස් ගණනකට පොසිටිව් උන එක .මෙයාගේ කට නිසා මාළු නැහෙනවා

:       0       6

සමන්ත Sunday, 22 August 2021 01:45 AM

ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14.1 යටතේ ඇති භාෂණයේ නිදහස වගන්තිය අනුවත්, අත් අඩංගුවට ගැනීමේදී අනුගමනය කල යුතු යම් නීතියක් ඇත්නම් ඒ අනුවත් මෙම අත් අඩංගුවට ගැනීම මුළුමනින්ම නීති විරෝධිය. ෆැසිස්ට් පාලනයක් බව ඔවුන් විසින්ම ඔප්පු කර ඇත. එය අධිකරණය මගින් විසඳාගනු ඇත. එහෙත් මොවුන්ට මේ ආකාරයට වැඩිදුර යාමට අප ඉඩ නොදෙන අතර ඒවායේ ප්‍රතිපල වලට මුහුණ දීමට සුදානම්ව සිටින ලෙස ජාත්‍යන්තර ප්‍රජාවද ඔවුන්ට දැනුම් දෙනු ඇත. ප්‍රකාශය වැරදි නම් කල යුත්තේ එය නිවැරදි කිරීම මිස මිනිසුන් අත් අඩංගුවට ගැනීම නොවේ. ඔවුන් ත්‍රස්තවාදීන් නොව ප්‍රජාතන්ත්‍රවාදී නායකයන්ය. තරාතිරම අදාලම නැත. වැපිරිය යුත්තේ නෙලාගන්නද බලාගෙන බව ඔවුන් මතක තබා ගත යුතුය.

:       7       4

අසෝක සුබ Sunday, 22 August 2021 05:24 AM

පලමු දවසේම බොරු ප්‍රචාරවලට හරි දඩුවමක් දුන්නනම් ඔහොම වෙන්නේ නැහැ

:       2       6

ගමරාළ Sunday, 22 August 2021 07:06 AM

ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි ලැජ්ජා වෙන්න එපා කියලා තියෙනවා කට හින්දා මාලුවා නැහෙනවාලු. දැන් ලොක්ඩවුන් නිසා ඉන්ධන පාවිච්චිය අඩුනිසා දින දහයකට වැඩි කාලයකට ඉන්ධන ඇතිවේවි. මෙයාගෙ කතාව බොරු වේවි.

:       2       4

මුණසිංහ Sunday, 22 August 2021 07:45 AM

දැං ඉතිං කෑ ගහන්න එපා වෘත්තිය සමිති නායකත්වය ට හිරිහැර කරනවා කියලා. අසත්‍ය ප්‍රකාශ කරල මිනිස්සු අපහසුතාවයට පත් කරන නායකයො ජනතාවගෙ හතුරො. එයාලට විරුද්ධව ක්‍රියා කරන්න ඕන

:       3       10

සිරිමාන්න Sunday, 22 August 2021 07:48 AM

පොදු ජනතාවගේ මානසික පීඩනය වැඩි කිරීම අපරාධයක්. කෙසේ හෝ රැකියාවට යාමට මාසෙ අන්තිමට ගෙදර ඉතිරි සොච්චම සයිකලේ ටැංකිය පුරවලා රට අගූලු දාපු නිසා පොඩි උන්ගෙ බඩ පුරවන්නේ කොහොමද කියලා හිතාගන්න බැහැ. දැන්.

:       1       9

chandana Sunday, 22 August 2021 08:19 AM

කොහොමත් ලිංමැඩියන් සියල්ල දත් අය වගේ කරන ප්‍රකාශ නිසා ජනජීවිතයට අවුලක් වෙනවා. යන්ත්‍ර ක්‍රියාකරුවකු වූ පලියට, පිරිමි නර්ස් කෙනෙක් වූ පලියට, රසායනාගාර පරීක්ෂකවරයකු වූ පළියට, ගුරුවරයකු වූ පලියට තමන් සියල්ල දන්නවා යැයි සිතන, තමන්ට රටක් ක්‍රියාකාරවන්න තරම් දැනුමක් ඇතැයි සිතන මිනිසුන්ගේ හරසුන් ප්‍රකාශ ජනතාව වැඩිය සිතට නොගත යුතුයි. ඒ වගේම මේ වගේ අවස්ථාවක ඊට එරෙහිව නීතියත් දැඩිව ක්‍රියාත්මක කළයුතුයි. ඒ අය හිතනවා තනි තනිව තමන් තමයි ඉහළම, තමන්ගේ විෂයය විතරයි වැදගත් වෙන්නේ කියලා. අධිකරණයත්, පොලිසියත් ඔවුන්ට විධිමත් පරිදි කියා දිය යුතුයි. ඔවුන් මේ සමාජයේ තවත් එක කොටසක් පමණක් බවත්, ඔවුන්ගෙන් පරිබාහිර විශාල වශයෙන් සමාජ කොටස් ජීවත් වෙන බවත්, තීරණයක් ගැනීමේදී ඒ සියළුම කොටස් වල අදහස් වැදගත් වන බවත්, මෙවැනි ව්‍යසන වලදී නීතිය වුවද රැකිය යුත්තේ සමාජයීය ආරක්ෂාව මිස තනි පුද්ගල අයිතිවාසිකම් නොවේ.

:       2       6

RaveendraSunday, 22 August 2021 12:10 PM

ඔබගේ ඉතාමත්ම නිවැරදි අදහස් අප හදවතින්ම අගය කරන්නෙමු. අප වැඩිම වැඩි පිරිසක් හිතන්නේ අපි තමයි තුන්ලෝකෙට වැඩ්ඩෝ.. අප කරන රැකියාව තමයි මේ තුන්ලෝකෙටම තියෙන අමාරුම මෙන්ම බාරදුර රැකියාව යන බොළඳ න්‍යායයන්ය. මෙය අප රටේ සිටින සියලුම දේශපාලුවන්ටද අදාලයි.

:       1       4

asanga Sunday, 22 August 2021 10:36 AM

මේ වගේ බොරු කාරයින්ට උපරිම දඬුවම් දෙන්න ඕන ජනතාව අවුස්සනවට.

:       2       11

විජේ Sunday, 22 August 2021 11:20 AM

කවුරු ඇත්ත කියනවද, කවුරු බොරු කියනවද කියලා දෙයියො තමයි දන්නෙ

:       6       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 128 0

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 78 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 105 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 431 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 150 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 479 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 743 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site