IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ආනවිලුන්දාවේ කඩොලාන ගැලවූ 4 දෙනාට ඇප

(ඔගස්ටින් ප්‍රනාන්දු)

ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් කලාපයේ සිටුවා තිබු කඩොලාන ශාඛයන් ගලවා දැමීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සිව් දෙනා අද (10) යලි ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ට දැඩි කොන්දේසි යටතේ ඇප නියම කළ හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා වැඩිදුර නඩු විභාගය මැයි මස 20 වන දිනට නියම කළේය.


එක් සැකකරුවෙකුට මුදලින් රුපියල් දස දහස බැගින් සහ රුපියල් ලක්ෂය බැගින් සහතික ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරුන අතර ඔවුන් මාසයේ අවසන් ඉරු දින ආරච්චිකට්ටුව පොලිසියට වාර්තා කිරිමටත් මෙම නඩුවේ කිසිදු සාක්කිකරුවෙකුට කිසිදු බලපෑමක් නොකරණ ලෙසත් නඩු විභාගය අවසන් වන තෙක් ආනවිලුන්දාව කුරුළු අභය භුමියට ඇතුළත් නොවන ලෙසටත් දිසා විනිසුරු වරයා මෙහිදී නියෝග කළේය.

මෙසේ ඇප නියම වුයේ ආරච්චිකට්ටුව මුතුපංතිය ධීවර ගම්මානයේ පදිංචි වර්ණකුලසුරිය ප්‍රදීප් නික්සෝ තමෙල් වර්ණකුලසුරිය සම්පත් ප්‍රදීප් නිශාන්ත වර්ණකුලසුරිය සම්පත් නලින් තිසේරා සහ ජයවීර ආරච්චිලාගේ සදුන් නමැති සිව් දෙනාය.

2021 පෙරවාරි මස 19 නක දින හෝ ඊට ආසන්න දිනයකදී සැකකරුවන් විසින් නිති විරෝධි ලෙසින් ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් කලාපයේ කුරුළු අභය භුමියට ඇතුළු වි එහි සිටුවා තිබු කඩෝලන පැල ගලවා විනාශ කිරිමෙන් රුපියල් ලක්ෂ එකහමාරක අනර්ථයක් කිරිමේ චෝදනාවන් මත සැකකරුවන්ට චෝදනා නගා තිබුණි.

ආරච්චිකට්ටුව පොලිසියේ සැරයන් ප්‍රේමරත්න (23078) මහතා පොලිසිය වෙනුවෙන් පෙනි සිටි අතර නිතිඥ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු, නිතිඥ රුවන් ප්‍රනාන්දු, නිතිඥ ශානක උදයංග යන මහත්වරුන් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.



අදහස් (1)

ආනවිලුන්දාවේ කඩොලාන ගැලවූ 4 දෙනාට ඇප

fairoos Wednesday, 10 March 2021 01:03 PM

ඊළඟ නඩුව නිදහස් කළා නම් කාලය ඉතුරුයි. සර්ගේ ආණ්ඩුවේ කොහොමත් මේ වගේ අය ඉන්නේ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 108 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1140 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 321 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 168 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 105 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 782 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site