IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

 

(  ඔගස්ටින් ප්‍රනාන්දු )

රැම්සා තෙත් බිම් කලාපයක් ලෙසින් නම් කර ඇති ආනවිළුන්දාව කුරුළු අභය භුමියට නිති විරෝධිව ඇතුළු වී එහි භුමිය ඩෝසර් කළ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි දෙදෙනෙකු  රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි  දෙදෙනා තවදුරටත් මේ මස 18 වන දින දක්වා රිමාන්ඩ්  බන්ධනාගාර ගත කිරිමට   හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද ( 4  ) දහවල් නියෝග කළේය.

මෙසේ  රිමාන්ඩ් කෙරුණේ  බත්තුළු ඔය පිංකට්ටියේ  පදිංචි  වර්ණකුලසුරිය  නිශාන්ත ප්‍රනාන්දු ( 35)  සහ බත්තුළු ඔය කිරියන්කල්ලිය හංදියේ පදිංචි  පෝරුතොටගේ සුජිත් කුමාර නිශාන්ත ප්‍රනාන්දු (43) නමැති දදෙදෙනාය.

නිශාන්ත ප්‍රනාන්දු රක්ෂිතය ඉස්සන් පොකුණක් ඉදි කිරිම පිණිස ඩෝසර් යන්ත්‍රයක් යෙදු ව්‍යාපාරිකයෙකු වන අතර සුජිත් කුමාර ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරුවේ.

ආනවිලුන්දාව වන ජිවි කාර්යාලය විසින් කර තිබු පැමිණිල්ලක් අනුව පසුගිය  මස 25 වන දින රාත්‍රි නිති විරෝධි ලෙසින් කුරුළු  අභය භුමියට ඇතුළු වි ඩෝසර් යන්‍ත්‍රයක් යොදවා  එම බිමේ අක්කරයක පමණ ප්‍රදේශයක්  සුද්ධ පවිත්‍ර කර පොකුණක් ලෙසින් සකස් කර තිබු බවත් පසුව ආරච්චිකට්ටුව  පොලිසිය විසින් සිදු කරණ ලද මුලික පරික්ෂණයකින් පසු එම සිද්ධිය තහවුරු වු බවත් මෙහිදි සදහන්විය.

පසුව බත්තුළුඔය කිරියන්කල්ලිය හංදියේ පදිංචි ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරු  එම යන්ත්‍රය සමග අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරිමේ දි ඔහු මෙම කාර්ය කර ඇත්තේ නිශාන්ත ප්‍රනාන්දු නමැති ඉස්සන් ව්‍යාපාරිකයාගේ ඉල්ලිමක් මත බව හෙළි වු පසු එම ව්‍යාපාරිකයාවද අත් අඩංගුවට ගන්නා ලද බවත් හෙළි විය.සැකකරුවන් පසුගිය 28 වන දින අධිකරණය  මගින්  රිමාන්ඩ් බන්ධානාගාර ගත කර තිබුණි.

 



අදහස් (3)

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

සේන Friday, 04 September 2020 09:35 AM

ඔය ටික දවසකින් එළියට එයි. සම්පායොත් ආවේ. ඔච්චර තමා අපේ රටේ... පොල් ගෙඩියක් අහුලපු එකාලා නම් ඉතින් හිරේ. කාට කියන්නද මේවා?

:       0       167

sharm warn Friday, 04 September 2020 12:15 PM

තවදුරටත් පොහොට්ටු වන්නමක් විතරයි. බලන්නකෝ, හෙට, අනිද්දා වෙද්දී මේ ගොල්ලන්ට ඇප දීලා, ජනාධිපති මෙතැනට ඇවිත් මේක රැම්සා තෙත්බිමට අයිති නැති කොටසක් කියලා 10-15ක් දම්මලා කියවලා. මේ වැඩේ ආපහු පටන් ගන්නේ නැද්ද කියලා...? ලංකාගම පාරේ දෙවැනි කොටස...

:       0       197

wije Saturday, 05 September 2020 04:01 PM

එතකොට මේක කරන්න කියලා අණදීපු අයව අත්අඩංගුවට ගත්තේ නැද්ද? යහපාලනයයි, මේ පාලනයයි කිසිම වෙනසක් නැහැ වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 108 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 625 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 177 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 186 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 727 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 244 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site