(යොහාන් භාසුර සහ නිමන්ති රණසිංහ)
ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැලකෙන දැනට විදේශයකට පැනගොස් සිටින 'කළු සාගර' නැමැත්තාගේ ගෝලයෙක් වන 'ආමි අමිල' නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 3,780 ක් සහ තහනම් කඩුවක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා 2004 වර්ෂයේ දී වීරකැටියෙ සුනිල්, 2004 වර්ෂයේ දී වීරකැටියෙ ධර්මේ 2005 වර්ෂයේ දම්පල ගජනායක සහ 2015 වර්ෂයේ දී පල්ලිකුඩා උක්කුං වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව පොලිසිය කියයි.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බළකායේ වතුකොළකන්ද උප කඳවුරේ ස්ථාපිත දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් ලද තොරතුරකට අනුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්.එම්.කේ. ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් තංගල්ල පොලිස් වසමේ දංකැටිය ප්‍රදේශයේදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
41 ක් හැවිරිදි මෙම පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .
බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ආමි අමිල අත්අඩංගුවට