(ඩයනා උදයංගනී)
දේශීය විදේශීය ආයෝජන පහසුකම් පුළුල් කරමින් රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුත් ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කර තිබේ.
මෙම අනුකාරක සභාව පත්කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් හා රාජ්‍ය අමාත්‍යවරුන් හය දෙනෙකුගෙන් යුක්තව මෙම අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත්කර තිබේ.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, අධිකරණ අමාත්‍ය අලි සබ්රි යන මහත්වරුන් මෙම කමිටුව නියෝජනය කරන අමාත්‍යවරු වෙති.
මීට අමතරව සූර්යබල, සුළං හා ජල විදුලජනන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපහුම් පහසුකම්, බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ගුවන්සේවා හා අපනයන කලාප රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ජල පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා සහ මුදල්, ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් යන මහත්වරු ද මෙහි සාමාජිකයෝ වෙති.
ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ජාතික සංවර්ධන වැඩසටහන තුළින් දිළිඳුකම පිටුදකිමින් සියලු පාර්ශවවලට ප්‍රතිලාභ ලැබෙන අපනයන හා ආනයන නිෂ්පාදන ආර්ථිකයක් සඳහා දේශීය විදේශීය ආයෝජන පුළුල් කිරීම අත්‍යාවශ්‍ය බැවින් ඊට අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම අමාත්‍ය අනු කමිටුව පත්කර ඇත.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ආයෝජන ප්‍රවර්ධනයට අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක්
chandima Thursday, 03 September 2020 12:54 PM
ඉතාම කාලෝචිත පියවරක්... මෙහිදී විදේශවලින් පැමිණ අපේ රටේ ව්‍යාපාර අරඹා කම්කරු ශ්‍රමය පමණක් අපේ රටින් ලබාගන්න ව්‍යාපාරවලට පමණක් නොව දේශීය හෝ ආනයනික අමුද්‍රව්‍ය යොදාගෙන දේශීය ශ්‍රමය යොදාගෙන කර්මාන්ත ආරම්භ කරන්න. එම භාණ්ඩවලින් 50%ක් වත් අපනයනය කරන දේශීය මධ්‍යම පාන්තික කර්මාන්ත කරුවන්ටත් ආයෝජන ප්‍රවර්ධන සහන ලබාදීම කෙරේ අවධානය යොමු කරනවා නම් වඩාත් වැදගත් වේ.