(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා එම ධූරයෙන් ඉවත්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවතත් ප්‍රකාශ කළ බව ආයෝජන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී මේ බව නැවතත් දැනුම්දුන් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
තමන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය පිළිබඳව ජනාධිපතිවරයා තැබූ විශ්වාසයට පිළිබඳවත් පශ්චාත් කොවිඩ් සමයේදී ආර්ථික පරිවර්තනයක් සඳහා ආයෝජන ප්‍රවර්ධනය අඛණ්ඩව කරගෙන යාමට කළ ඉල්ලීම පිළිබඳවත් ජනාධිපතිවරයාට කෘතඥතාව පළ කළ බවත් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය දශකයක් තුළ දෙගුණයක් බවට පත් කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා නව නායකත්වයක් පත්කරන ලෙස ද එහිදී සභාපතිවරයා ඉල්ලා සිටි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුලු අධ්‍යක්ෂක මණ්ඩලය පසුගියදා ඉල්ලා අස්වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව මීට පෙර වාර්තා විය.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ආයෝජන මණ්ඩලයේ සභාපති යළි ඉල්ලා අස්වීමේ සූදානමක්