ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ‘කොවිඩ්’ අතරමැදි ප්‍රතිකාර මාධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක බොරැල්ල ජාතික ආයුර්වේද ශික්‍ෂණ රෝහලට රුපියල් ලක්‍ෂ ගණණක් වටිනා වානේ ඇදන් ඇතුළු උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී.
එම උපකරණ තොගයට වානේ ඇදන්, මෙට්‍රස්, කබඩ්, ඇද ඇතිරිලි සහ කොට්ට 20 බැගින් ඇතුළත් වේ.
අවශ්‍ය උපකරණ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාට ප්‍රධානය කිරීම සිදුවූයේ, ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්ලිව්.ඩි. සොයිසා මහතාගේ උපදෙස් පරිදි සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මේජර් ජනරාල් ජගත් විජේසිරි මහතාගේ මැදිහත් වීමෙනි.
ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ කාර්යාලීය කාර්ය මණ්ඩල සාමාන්‍යාධිකාරී ඉන්ජිනේරු ශ්‍රීමති සේනාධීර මහතා, කළමණාකරු ආරක්ෂක සේවා කපිතාන් අර්ජුන සිල්වා යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් වූහ.
ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන මහතාගේ පූර්ණ ආශිර්වාදය යටතේ සිදුවුණු මෙම පුණ්‍ය කටයුත්ත සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබුවේ ලේඛනාධිකාරී, විභාග අංශය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍ය වසන්. දේශප්‍රිය මහතා විසිනි.
මෙම අවස්ථාවට, දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමත්‍යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක යටමලගල සුමසාර හිමියෝ ද සහ සම්බන්ධීකරණ ලේකම් ඒ.ඩී. සංජය සුජීව මහතා ද රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්.එම්.ජේ.බී. හේරත් මහතා ද එක් ව සිටියහ.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ආයුර්වේද රෝහලට උපකරණ පරිත්‍යග කරයි