IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ආරක්‍ෂකයා සපා කා බලෙන් ඇතුළු වෙන්න හදලා

(බී.ජී. අමරසිංහ, ඞී.ජේ. විජේසිංහ)

 
ඇල්පිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු විසින් එහි රාජකාරියේ නියුක්තව සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු සපා කෑම නිසා තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි.
 
බීමත්ව පැමිණ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇතුල්වීමට උත්සාහ දැරූ පුද්ගලයාට කාර්යාල පරිශ‍්‍රයට ඇතුල්වීමට ආරක්ෂක නිලධාරියා ඉඩ නොදීමෙන් කුපිතවූ පුද්ගලයා එක්වරම ආරක්ෂක නිලධාරියාගේ ඇඟට කඩා පැන බිම පෙරළාගෙන සපාකෑමෙන් පසු පලාගොස් තිබේ.
 
තුවාලකරු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
යතුරු පැදියකින් පැමිණ ඇතැයි කියන සැකකරු ආරක්ෂිත හිස් වැස්මක් පැළඳ සිටීම නිසා හඳුනා ගැනීමට නොහැකිවූ බව තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා පොලීසියට පවසා ඇත.
 
සැකකරු පැමිණි යතුරු පැදියේ අංකය හඳුනාගෙන ඇති අතර ඇල්පිටිය මූලස්ථාන පොලියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක අජිත් ප‍්‍රසන්න මහතාගේ උපදෙස් පරිදි නිලධාරීහු කණ්ඩායමක් විමර්ශන සිදු කරති.



අදහස් (3)

ආරක්‍ෂකයා සපා කා බලෙන් ඇතුළු වෙන්න හදලා

විජිත් Wednesday, 10 April 2019 02:18 PM

රෝහලේදී මේ රෝගියාට කුමක් කළාද කියලා දන්නේ නැති නිසයි මේ ලියන්නේ... මා රැකියාව කරන රටේදී මේවගේ සිදුවීමක් වුණා. ඉංග්‍රීසි ජාතික ගැහැණු ළමයෙක් කැනේඩියානු මහත්මයෙක්ව හපා කෑවා. එ්ත් ආරක්ෂක ප්‍රශ්නයක් නිසා... ආරක්ෂක නිලධාරියාව වහාම රෝහල වෙත රැගෙන ගිය අතර පරීක්ෂාවන් 3 ක් සඳහා යොමු කළා. 1. පිස්සු බලු රෝගය. 2. H I V සහ 3. හෙපටයිටිස් බී රෝගයන් සඳහා. වාසනාවකට ඒ කෙල්ලට කිසිම ලෙඩක් තිබිලා නැහැ. නමුත් ආරක්ෂාව ප්‍රතිකාරයට වඩා හොඳයි කියනවානේ...

:       0       6

sana Thursday, 11 April 2019 03:32 AM

යතුරු පැදිය ආවේ ගේට්‍ටුවෙන් නම් ඒකේ අංකය ලියලා ඇතිනේ. අනික හෙල්මට් එකක් දාගෙන හිටියා නිසා අඳුන ගන්න බැරි වුනා නම් හපා කෑවේ කොහොමද? ඒ වගේම මූණ වහලා තියෙද්දි මත්පැන් ගඳ වහනය වෙන්න බීලාද නාලාද?

:       0       0

හැරි Thursday, 11 April 2019 06:22 AM

මරු කතාවක් නේ තුවාල කාරය කියන්නේ. කොහොමද ෆුල් හෙල්මට් දාපු මිනිසෙක් සපා කන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 600 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 168 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 488 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 120 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1714 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 182 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site